මචන් අපිටත් උදව් කරත හැකි

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචන් අපිටත් උදව් කරත හැකි

    සමහර විට මේක වැදගත් නැතුව ඇති..
    සමහර විට මේක repost ද දන්නෙත් නෑ ...
    එත් වැඩේ හොද නිසා මන් දාන්නේ... අනික කිරියේ හතර දිග් බාගයේම කොල්ලෝ කෙල්ලෝ ඉන්න නිසා මේකට සප් එකක් දෙන්න පුළුවන් වෙයි ..

    මේකයි වැඩේ එහෙන් පිටින්ම ඉස්සීමක් තියෙන්නේ ..
    මේ ලින්ක් එකෙන් ෆොටෝස් එහෙම බලත හැකි.. ෆොටෝ upload කරන්න වෙලා මදි බන්... :sorry::sorry:

    http://sinhala.roar.lk/environment-wildlife/sri-lankan-group-aims-plant-84k-trees/

    ලංකාවේ පිරිසක් වෙසක් එකට කලින් ගස් අසුහතරදාහක් පැළ කරන්න යනවලු – හේතුව මොකක්ද?

    මේ දවස් වල තියෙන පුදුමාකාර රස්නයත්, කාලයක් තිස්සේ තිබුණු පෑවිල්ලත් එක්ක ගොඩක් දෙනා ආපහු ගෝලීය උණුසුම ගැන කතා කරන්න පටන් අරන්. බොහෝ දෙනා ලොකු ලොකු රටවල් කාබන් ඩයොක්සයිඩ් පිට කරන ප්‍රමාණය ගැන කතා වෙනවා. ඒත් පුංචි රටක් වුන ලංකාවේ අපිට ගෝලීය උණුසුම ඉහළ යන එක නවත්තන්න කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැද්ද?

    මම මේ ඇහුවේ පැය ගණන් කල්පනා කරන්න සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි, මේකේ උත්තරය හරිම සරලයි: ඔව් තියෙනවා; ගස් පැළ කරන්නයි තියෙන්නේ.

    කැම්පස් එකේ ළමයි පිරිසකට CSR ව්‍යාපෘතියක්, ඒ කිව්වේ ප්‍රජාවට ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් කරන්න ඕන කියලා අදහසක් ඇවිත්. ඒ සඳහා ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන අතරේ මෙයාලට ඇවිත් තියෙන්නෙත් ඔය අදහසමයි. Reforest Sri Lanka (ශ්‍රී ලංකාව යළි වනවගා කරන්න) නම් මේ මිතුරු සමාජයේ තේමාව වෙන්නේ “හෙට දවස අදම රැක ගමු” කියන එකයි. මොරටුව විශ්ව විද්‍යාලයේ ආරම්භ වුන මේ සමාජයේ අරමුණ තමයි ලංකාවෙත්, මුළු ලෝකයේමත් වෙනසක් ඇති කිරීම. ලංකාවේ වනාන්තර සුරක්ෂිත කරලා හරිත පැහැයෙන් දිදුලන රටක් ඇති කරන්නත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් වදින්නත් මෙයාලා කැප වෙලා කටයුතු කරනවා. කවුරු කොහොම නෑ කිව්වත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ යනවා කියලා දැන් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා නේද? මේ නිසා අතීතයේ සිට පරිසරය එක්ක බැඳුනු ජීවිත ගත කරපු ලංකාවේ මිනිස්සුන්ගේ ඒ පාරම්පරික උරුමය රැක ගන්න එකත්, ලොව පුරාම අවධානය යොමු වෙලා තියෙන දේශගුණ විපර්යාසයන්ට එරෙහි ක්‍රියාමාර්ග වලට සහයෝගය ලබා දෙන එකත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි. මේ සේරම කරන්න අවශ්‍ය වෙන්නේ ඇත්තටම ගස් පැළ කරන එක විතරයි.

    ගස් හිටවන එක මේ තරම් වැදගත් වෙන්නේ ඇයි?

    කාර්මික රටවල් තමන් වාර්ෂිකව පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන ගණන කොයි තරම් අඩු කර ගත්තත් එයාලා මේ වෙන තුරු වායුගෝලයට මුදා හැරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉබේ ඉවත් වෙන්නේ නැහැ. මොන තරම් අපි දියුණු වුනත් තවමත් මහා පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන්නේ ගස් නිසා විතරයි. කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරලා වාතය පිරිසිදු කරන අතරේම අපි කාටත් හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් සපයන්නේත් ගස්වැල් වලින් විතරමයි.

    ඊට අමතරව ජල දුෂණය වළක්වන්නත්, පසේ සමතුලිතතාවය රැක ගන්නත් ගස්වැල් වලින් විශාල කාර්යභාරයක් සිදුකෙරෙනවා. ගස් අපිට ආහාර, බෙහෙත්, සෙවණ ලබා දෙනවා වගේම ලෝකයේ සිටින හැම සතෙකුටම අවශ්‍ය සියලු දේ සපයන්න උදවූ වෙනවා. හොඳට වැඩුණු ගස් දෙකකින් හතර දෙනෙක්ගෙන් යුත් පවුලකට හුස්ම ගන්න අවශ්‍ය සම්පුර්ණ ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්!

    ගස්වැල් හැම අතින්ම ජීවය පවත්වා ගන්න උදව්‍ කලත් දිගින් දිගටම වැඩි වෙන මිනිස් ජනගහණයත් එක්ක අපිට හැම තැනම දකින්න තියෙන්නේ නම් වන වැස්ම අඩු වෙන එකම විතරයි. මිනිස්සු දියුණු වෙලා සංවර්ධනය පැතිරෙන විදිහටම වනාන්තර නැති වෙලා යනවා. මිහිකත දිනය සංවිධානයට අනුව වන විනාශය, සංවර්ධන ව්‍යාපෘති සහ වනාන්තර නිවැරදිව කළමනාකරණය නොකිරීම නිසා අවුරුද්දකට අපිට නැති වෙලා යන ගස් ගණන බිලියන 15ක්! මේක මහා විශාල ගානක් වුනත් අවුරුදු ගණනක් තිස්සේ මේක වැඩි වුනා මිසක් අඩු වුණේ නම් නැහැ. මේ විනාශකාරී තත්වය එන්න එන්නම් වැඩි වෙන නිසා තමයි මේ අප්‍රේල් 22 වැනිදාට යෙදිලා තිබුණු මිහිකත දිනයේ තේමාව “මිහිකත වෙනුවෙන් ගස්වැල් – Trees for the Earth” කියලා නම් කරන්නට යෙදුනෙත්.

    අපේ රටේ තත්වයේ කියලත් ලොකු වෙනසක් නැහැ. ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65,610ක පුංචි දූපතක් වුනත් ලෝකයේ ජෛව විවධත්වය අතින් ඉහළම තැන වලින් එකක් විදිහට තවමත් නම් දරා තියෙනවා. නමුත් සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව 1990 සිට 2010 දක්වා අවුරුදු 20 තුල මේ පුංචි රටෙන් පවා අවුරුද්දකට හෙක්ටයාර 24,000ක වනාන්තර නැති වෙලා ගිහින්. හැබැයි තවමත් මේ වගේ වනාන්තර වැනසිලා යන්න හේතු වෙන මිනිස් ක්‍රියාකාරකම් කිසිම එකක් නැවතිලා නම් නෑ. අපේ රටේ වසර දහස් ගණනක් පුරා සුරක්ෂිතව තිබුණු ජෛව විවිධත්වය වගේම අපිට ආවේණික සතුන් හා ගස්වැල් ටිකත් ආරක්ෂා කර ගන්න නම් ආපහු වනාන්තර වවලා ඒවා රැක ගන්න එක කවදාටත් වඩා වැදගත් කියන්නේ අන්න ඒ නිසයි.

    ලංකාව පුරා වන වගාව – වරකට එක ගසක් බැගින්

    මේ හැම දේම හොඳින් දන්න Reforest Sri Lanka කණ්ඩායමට ප්‍රධාන ඉලක්ක තුනක් තියෙනවා:

    හැකි සෑම තැනකම වනවගාව සිදු කිරීම.
    මහජනයා ගස්වැල් වල වැදගත්කම පිළිබඳව දැනුවත් කර වන විනාශය සිදු විය හැකි අවස්ථා මග හරවා ගැනීම.
    රට පුරාම නිවසේ, පාසලේ හා කාර්යාලයේ වැඩිපුර පැළ සිටුවන සංස්කෘතියක් ඇති කිරීම.
    Reforest Sri Lanka ආරම්භ කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වුනත් මේ ටික කාලෙට ඔවුන් හොඳ ප්‍රගතියක් ලබා තියෙනවා: කුඩා ප්‍රමාණයේ වනවගා ව්‍යාපෘති වලදී ඔවුන් ගස් 500ක් පැළ කරලා තියෙනවා. ඒ වගේම සිංහ සමාජය සම්බන්ධ කරගෙන පාසල් වල රෝපණය කරන්න පැළ 400ක් විතර ප්‍රදානය කරලත් තියෙනවා. ඔවුන් ව්‍යාපෘති කරපු තැන් වලට කැලණිය විශ්ව විද්‍යාලය (ලංකාවේ පළමු ජාතික හරිත විශ්ව විද්‍යාලය ලෙස සම්මාන ලත්), සමනල වැවේ ජල පෝෂක ප්‍රදේශය, ගාල්ලේ කොට්ටාව වන රක්ෂිතය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල නාවික හමුදාව සමග සම්බන්ධ වෙලා කරපු ව්‍යාපෘතිත් ඇතුළත්.

    කොහොම වුනත් ඔවුන් මේ තරම් මහන්සි වෙලා පැළ වගා කරනවාට වඩා බොහොම වේගයෙන් රට පුරා මිනිස්සු වනාන්තර කපා දමමින් සිටිනවා. මේ නිසා තමයි ඔවුන් ටිකක් විශාල ප්‍රමාණයේ වැඩකට අත ගහන්න හිතුවේ.

    වෙසක් එකට පෙර පැළ 84,000ක් රෝපණය කරන්න එකතු වෙමු

    ඔවුන්ගේ අලුත් උත්සාහය තමයි මේ අවුරුද්දේ මැයි 21 දිනට යෙදෙන වෙසක් උත්සවයට පෙර රට පුරා පැළ 84,000ක් රෝපණය කරන එක. මේ ඉලක්කයත් වෙසක් උත්සවයත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. සම්බුදු තෙමඟුල සමරන දිනය හා බුදුන් වදාළ 84,000ක් ධර්මස්කන්ධය සංකේතවත් කරන්න තමයි මේ ප්‍රමාණය තෝරා ගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, වන ජීවී දෙපාර්තමේන්තුව සහ මේ ගැන දැනුමක් ඇති පිරිස් එක්ක කතා කර ගත්තු විදියට මේ පැළ කරන ගස් සියල්ල වැඩෙන තුරු ඒවා ගැන අවධානයෙන් ඉන්නත් ඔවුන් තීරණය කරලා. මොකද නිසි සාත්තුවක් නැති නිසා මේ වගේ ව්‍යාපෘති වලින් රෝපණය කරන ගොඩක් ගස් ඉක්මනින් මැරිලා යන බවට ඔවුන්ට තොරතුරු ලැබුණ නිසා.

    ගස් 84,000ක් පැළ කරලා ඒවා වැඩෙන තුරු බලා ගන්න එක භාරදුර වැඩක්, ඒ වගේම මේ පැළ මිල දී ගන්න එකත්, රට පුරා පැළ කරන එකත් ඔවුන්ට විතරක් පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ඔබටත් මේ කාර්යයට දායක වුනොත් මේ වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථක වේවි.

    Reforest Sri Lanka කණ්ඩායමට මේ පැළ මිල දී ගෙන පරිත්‍යාග කරන්නත් ගන්නත්, භුමිය සකස් කරන්නත්, පැළ ටික රෝපණය කරන්නත් හැකි සෑම තැනකින්ම උපකාර ලබා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පැළ ටික රෝපණය කරලා අත හැරලා දානවා වෙනුවට ඒවා සියල්ලම හොඳින් වැඩෙන තුරු ඒවා බලා ගන්නත් මේ කණ්ඩායම බලාපොරොත්තු වෙන නිසා ඒවා ගැන පරීක්ෂාවෙන් සිටින්නටත් ඔවුන්ට උදව් ඕන වෙනවා. කරන්න පුළුවන් පුංචිම උපකාරය වුනත් ගොඩක් වටිනවා: අද ඔබ වැය කරන රුපියල් 100ක මුදලකින් පැළ දෙකක් මිලට අරගෙන රෝපණය කලොත් තව අවුරුදු ගණනකින් ඒ පැළ දෙක ලොකු ගස් දෙකක් වෙලා ලෝකයට ජීවය ලබා දෙන්න උදව් වේවි. අපි කලින් කියපු “ගස් දෙකකින් හතර දෙනෙක් ඉන්න පවුලකට හුස්ම ගන්න පුළුවන්” කියන දේ ඔබට අමතක නෑ කියා විශ්වාස කරනවා.

    ඉතින් ඔබත් මේ වටිනා කාර්යයට දායක වෙන්න කැමති නම් වැඩි විස්තර ලබා ගන්න Reforest Sri Lanka වෙබ් අඩවියට හෝ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට යොමු වෙන්න පුළුවන්.

    site - http://www.reforestsrilanka.com/
    fb - https://www.facebook.com/reforestsrilanka/

    මේ ව්‍යාපෘතියට දායක වෙලා ඔබට “ගස් පැළ කරනවා” කියන දේට වඩා වැඩි ගැඹුරකින් යුත් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක සිහියට ගන්න. ඔබ ලබා දෙන පුංචි උදව්ව පවා ලංකාවේ ඓතිහාසික ස්වාභාවික උරුමයට, ගෝලීය උණුසුමට එරෙහි අරගලයට වගේම හරිත පැහැයෙන් යුත් අනාගත ලෝකයකටත් මග සලසනවා නොඅනුමානයි. මතක තබා ගන්න මේ කියමන හැමදාටම: “ගසක් පැළ කරන්න ඔබට හොඳම අවස්ථාව ලැබුණේ මීට වසර 20කට කලින්, ඊළඟ හොඳම අවස්ථාව දැනුයි.”

    ගෙඩි පිටින් ඉස්සුවේ Roar .lk එකෙන් ;);)
     
    • Like
    Reactions: cns11 and ishan1653

    aaa1111

    Member
    Sep 19, 2012
    43
    4
    0

    Niyamai.ubala wage kakkumak thiyna un thama ona me ratata. Math gedara hari gahak hitawanawa;)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    d34da10cb20a060c5187778b6dba3442.png
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Niyamai.ubala wage kakkumak thiyna un thama ona me ratata. Math gedara hari gahak hitawanawa;)

    ado ela... ekekta hari ehema hithuna nam loku deyak machan...:):)
    fb eke irata banala wassata banala athal ganna nam godak un innawa eth me wage deyak kiyawannawath unta welawak na...:oo::oo:

    bump ekakin sahaya unu obo hamota ma heta dawase hodin siteemata haki wewaa...:rolleyes::rolleyes: