ඔය ඉතිං කිව්වෙ එකක් හැකරැල්ලො දෙන්නා!!!



sub-mucous fibrosis කියන්නේ pre-cancerous lesion එකක්. ඒ කියන්නේ පිළිකාවක් බවට පත් විය හැකි එකක්. පුවක් වල තියන arecasin කියන රසායනිකය තමා මූලික හේතුව. ඕක ඊට පස්සේ එන්නේ leukoplacia හෝ erythimatous likenplanus හෝ erosive likenplanus කියන cancerous lesions වලට.........
මේක දාපු එකාට.....
මචං මගේ කන්ටැක්ට් ඕන නෑ...මෙන්න මේ ටික කරපං.
1-වහාම ක්‍රියාත්මක වන පරිදි හපේ ගැහිල්ල නතර කරපං.
2-උඹට මිරිස් කන කොට කට දනව නම්, නැත්තං රසේ වෙනසක් තේරෙනව නම්, පේරාදෙණියට ගිහින් මංජුල සර් ගේ ක්ලිනික් එකට හරි, නැත්තං සිද්ධික් සර් ගේ ක්ලිනික් එකට හරි පෙන්නපං.
3-උමේ මොනව හරි සැක සහිත දෙයක් තියනව නම් එක්සිෂනල් බයොප්සි එකක් අර ගනී. ඒ බයොප්සි එක බලන්නේ තිලකරත්න සර්. රිසල්ට් ගැරන්ටීඩ්, ප්‍රශ්නයක් තියනව නම් වහාම උමට දන්වයි.
4-පිළිකාවක් වෙන්න විදියක් නෑ තාම. නමුත් පූර්ව පිළිකා අවදානමක උඹ ඉන්නේ. පේරාදෙණියේ අපේ ඩෙන්ටල් හොස්පිට්ල් එකෙන් උඹට විය යුතු සියල්ල වෙයි.
5-උඹ පේරා යන දවසට දවසක් දෙකක් කලින් මට උඹේ නමයි, වයසයි පීඑම් කරපි. මම උඹට කන්ටැක්ට් පර්සන් කෙනෙක් ව දෙන්නම්, ඒකේ ඉන්න වෛද්‍යවරයෙක්. කලින් පොරව හම්බ වෙයිං. ඌ කරන්න ඕන කරන දේවල් ටික ඇතුලෙන් කරල දෙයි.
6-බය වෙයං. අවංකවම මේ කියන්නේ. බය වෙලා ඔය හපේ ගැහිල්ල ජීවිතේට ම නතර කරපං. බය වෙන්නේ නැත්තං මහරගම විසිට් එකක් දාපං. යන්න කලින් මටපීඑම් කරපං මම එතනත් උමට නක්ටැක්ට්එකක් හදල දෙන්නම්. එතකොට උඹ බය වෙයි. බය වෙලා ඔය ගොං වැඩේ නතර කරයි!