Go for this bro. Never trust anyone. Not even your friend.අනිත් තීරණේ තමා මම MSc එක Com පැත්තෙන් කරලා Com Job එකකට Apply කරන එක. මට අවුරුදු 2ක් 3ක් පාඩු වුණා කියලා ලොකු අවුලක් නෑ මචං. මම Com පැත්තෙන් Job එකක් කරනවනම් මට Business එක Develip කරන්න ලොකු හයියක් වෙයි කියලා හිතෙනවා
ඕකුං පණ දෙන්න වගේ හිටියට ෂුවර් නෑ ඈ දැන් කාලේ යාළුවො මාළුවෝ වාගේ 
machan ubata kawadahari pasuthawenne nathi wenna civil degree eka complete karapan. IT part time karana gaman.degree eka iwara unama it job ekakata behepanමේක මට දැන් ඔලුවට ලොකු ප්‍රශ්නයක් වෙලා බං. ගෙදර මිනිස්සුන් අපි වගේ මේ Field ගැන දන්නේ නැති නිසා ඒ මිනිස්සුන්ට තේරැම් කරලා හරියන්නේ නෑ, එයාලා තාම ඉන්නේ ලංකාවේ මිනිහෙක්ට ගොඩයන්න Degree එකක් ගන්න ඕන කියන ළිං පතුලේ ඉන්න මානිසකත්වේ. මචන් මේක ටිකක් ලොකු කථාවක්
මම පේරා ඉංජිනියරින් ගියේ අපේ ගෙදර මිනිස්සු මම නිසා ලොකු කට්ටක් කෑවා. මම එහෙම ඉගෙනගන්න සීන් එකේ හිටපු එකෙක් නෙවේ. 1st Shy බුල ගහලා කෙල වෙලා ගෙදර මිනිස්සු හෙනට වියදම් කරපු නිසා මහන්සි වෙලා වැඩ කරලා මෙහෙට ආවා. කොහොමත් Engineering යන්න මට පොඩි ඕන කමක් තිබ්බත් මම එහෙම ලොකුවට Seen එකේ හිටියේ නෑ. 1st Year ඉවර වෙලා මමත් රැල්ලට Civil දැම්මේ. ඒ බං මම Computer පැත්තට ආසා නැති නිසා නෙවේ. මිනිස්සු එකක් වැඩ කරන්න ආසාවක් තිබ්බ නිසා. Civil පැත්තෙන්නුත් Structural Designing වලින් තමා යන්න ඉන්නේ. ඒක බං නිදහස්මි, මිනිස්සු එක්ක වගේම Com පැත්තත් සම්බන්ධ වෙලා තියෙන Job එකක්. පඩි ටිකක් අඩුයි හැබැයි.
ඒත් මම ඒ කාලේ ඉදන්ම මොරටු Software Engineering කරන කොල්ලෙක් එක්ක පොඩි Startup එකක් කරා. ඌයි මායි තමා A/L එකට Class ගියේ. ඌ මොරා ගියා මම පේරා ගියා. ඌ තමා මට මචන් අපි Web Developing කරලා ගාණත් හොයමුද කියලා Idea එක දැම්මේ. හැබැයි ඒ වෙද්දි මම Civil තෝරගෙන ඉවරයි. කොහොමින් කොහොමහරි මට අතේ සල්ලි නැති නිසා මම සල්ලි හොයන සීන් එකේ හිටියේ. අනික ඌ මගේ හොදම යාළුවා නිසා මට ඌට බෑ කියන්න බැරි තත්වෙක හිටියා.
උගේ බල කිරීමට මම Online Web Developing ඉගෙනගත්තා. අද වෙද්දී Front End Developing, Back End Developing හදලා පට්ට Advance Web App අපි දෙන්න හදනවා. මේ දවසවලත් ටිකක් ලොකු Mobile App එකක් හදන ගමන් ඉන්නේ. අද වෙද්දී ලෝකේ අලුතින් එන Libraries ගොඩක් Use කරන හොද Knowledge එකක් අපි දෙන්නට තියෙනවා Web Developing පැත්තෙන්.
මට බං දැන් මේ පැත්තෙන් යන්න පට්ට ආසාවක් ඇවිත් තියෙන්නේ. මොකද හෙනටම Online ඉගෙනගන්න පුලුවන්. ඒත් බං මම කරන්නේ Civil Engineering. මේ දෙකේ කිසිම ගැලපීමක් නෑ.
මට බං මේ ඔක්කොම අතහැරලා අපි දෙන්නගේ Business එක Develop කරගෙන යන්න හිතිලා තියෙන්නේ. ඒත් බං Degree එකක් අතහරින එක කොච්චර Practical ද කියලා උඹල දන්නවා ඇති බං. ගෙදර මිනිස්සු ගැන හිතන්නත් ඕන නේ. මොනවවුණත් අවුරුදු 20ක් කන්න අදින්න දුන්නේ ඒ මිනිස්සු. මම මාර අසරණ වෙලා ඉන්නේ. අනික මේ Quarantine කාලේ වැඩ ටිකක් අඩු නිසා හෙනටම ඉගෙනගත්ත අළුත් දේවල්. අපේ අම්මට මේවා කිව්වට තේරෙන්නේ නෑ බං.
මචන් මට දැන් තීරණ දෙකක් තියෙනවා. එකක් තමා Degree එක අතහැරලා මූ එක්ක Business එක Develop කරගෙන යනවා. එතනදි මගේ යාළුවා Degree එක අතහරින එක බොරු වැඩක්. මොකද මූ Com පැත්තෙන්නේ යන්නේ. ඒත් බං මම Civil කරන එක කිසි ගැලපීමක් නෑ. මම හෙනට Com දාන්නේ නැතිව Civil දාපු එක ගැන දැන් පසු තැවෙනවා.
අනිත් තීරණේ තමා මම MSc එක Com පැත්තෙන් කරලා Com Job එකකට Apply කරන එක. මට අවුරුදු 2ක් 3ක් පාඩු වුණා කියලා ලොකු අවුලක් නෑ මචං. මම Com පැත්තෙන් Job එකක් කරනවනම් මට Business එක Develip කරන්න ලොකු හයියක් වෙයි කියලා හිතෙනවා.
මචං මම හෙනටම වැටිලා ඉන්නේ මේ ටිකේ. උඹලගේ දෙන පොඩි උපදෙසත් මට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. අද වෙද්දී අපි දෙන්නට ගොඩක් වැඩ එනවා බං. සමහර ඒවා කරන්න වෙලා නැති නිසා බාර ගන්නෙත් නෑ. මට හිතෙනවා යම් තැනකට එන්න පුලුවන් වෙයි කියලා. ඒත් මට තාම තීරණයක් ගන්න අමාරුයි. ඒකයි මෙහෙම Forum එකක දැම්මේ.
ප.ලි. මේ Seen නිසා මම Civil වැඩ ටික හරියට කරගෙන යන්නෙත් නෑ. Repeat වෙන Scene එකක ඉන්නේ. අනික Online දාලා වැඩේ එපා කරලා තියෙන්නේ.