මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,204
    4,916
    113
    Abyss
    කරවලෙක් ද?

    1734662151932.png
     

    Attachments

    • photo_2024-12-20_07-52-18.jpg
      photo_2024-12-20_07-52-18.jpg
      103.4 KB · Views: 122
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,307
    113
    🤔


    තෙල් කරවලා​


    ගතිගුණ හා හැසිරීම

    අප රටේ ජීවත්වන උග්‍රම විෂ සහිත සර්පයා වේ. නිසාචරය. බොහෝවිට දිරායන කුණු රොඩු අතර. බුරුල් වැලි පසේ හෝ වියළි තණකොළ අතර සැගවී සිටීමට කැමැත්තක් දක්වයි. බොහෝවිට ජලාශ්‍රිතව සිටීමට ප්‍රිය කරයි. වියළි කාළයේ ජලය තුලට වී සිටීමට ද ප්‍රිය කරයි පහත රට පමනක් දැකිය හැක. වරකට බිත්තර 5ක් පමන දමයි ප්‍රධානවම විෂ රහිත අනෙක් සර්පයන් ආහාරයට ගනී. ස්නායු පද්ධතියට විෂ බලපායි.


    ශරීර වර්ණය හා දිග

    සිරුරේ උඩ පැත්ත කළු පාටින් යුක්තය. උදරිය පැත්ත සුදු පාටය. නමටම ගැලපෙන පරිදි ඇග තෙල් දමා පිරිමද්දා සේ දිලිසේ. ශරීරය සුදු පැහැති මුදු හැඩයෙන් යුක්ත ඉරි දෙක බැකින් පිහිටා ඇත. වයසට යන විට මෙම සළකුණු ක්‍රමයෙන් මැකීගොස් වලිගයේ පමනක් හෝ පෘෂ්ඨියව පිහිටි සුදු පැහැති තිත් පෙලක් බවට පත් වේ. හිස ඕවලාකාරය. දිග අඩි 4 - 5 ක් පමන වේ.

    thel karawala
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,916
    113
    Abyss
    හම්බෝ...තෙල් කරවලයෙක් නේද..
    කීප දෙනෙක්ගෙන ඇහුවා. කියන්නේ කරවලෙක් කියලා තමා.
    බලහන්කො දැන් මරන්න වෙනවනෙ රෙද්ද
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113
    පිස්සුද සුත්තෝ සර්පයෝ මොක්කුද කියල අහ අහ ඉන්නේ කෙලපන් මැරෙන්නම දීග කකුල් නැති බඩගාන සුකන්නෙක් නම් ඕනෑම එකෙක්ට ...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    කරවලයෙක්
    කොහෙද බන් හිටියෙ ගෙදරද?. කොහෙද ප්‍රදේශය? බයේ බෑ නෙ බන් මේ වගේ උග්‍ර විස උන් ඉද්දී
     
    • Haha
    Reactions: netnet

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹේ ගෙවල් කොහෙද? සර්පයාව අල්ලලාද තියෙන්නේ? භාජනයක දාලා ද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,806
    1
    51,710
    113
    ප*යාගල
    sorry.com
    ඔය තෙල් කරවලෙක් මචන්.බලපන් කලු පාට උගේ.

    ඔය සර්පයා හම්බුනේ ගෙදර නම් හොදට වටපිටාව බලපන් තව පැටව් ඉන්න පුළුවන් මූ වගේ. මරනවට වඩා කැලේකට අතාරින්න පුළුවන් නම් හොදයි. මිනිස් වාසයක් නැති කැලේකට .නැත්නම් පොඩි එකෙක් එහෙම කැවොත් පව්
    ------ Post added on Dec 20, 2024 at 8:25 AM
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28

    රදනකයින් කරවැලුන්ගෙන් වෙන් කර හඳුනාගැනීම​




    ශ්‍රී ලංකාවේ හමුවන රදනක විශේෂ වලින් කිහිපයක් පමණක් උග්‍ර විෂ කරවැලුන්ගේ රූපවිද්‍යාවට සමානකමක් පෙන්වයි. මේ අතුරින් දාර රදනකයා, අළු රදනකයා හා ගැට රදනකයා ප්‍රධාන තැනක් ගනී. මෙම සතුන් තුන් දෙනා පිලිවෙලින් පෙළගැන්වුවහොත් දාර රදනකයා බොහෝ දුරට සමාන කමක් දක්වන්නේ මුදු කරවැලාටය. මෙම සතුන් දෙදෙනාම තෙත් කලාපයට සීමා වීම හා නිසාචර වීම නිසා රාත්‍රියේදී හමුවිය හැක.

    දාර රදනකයා මුදු කරවැලාගෙන් වෙන් කර හඳුනාගැනීම.

    1) කොරල මගින්



    (වම් පස - මුදු කරවැලාගේ සුමට දිළිසෙන කොරල හා ෂඩාශ්‍රාකාර කේෂ කොරල , දකුණු පස - දාර රදනකයාගේ කුඩා රළු කොරල)

    සැබෑ කරවැලුන්ගේ කේෂ කොරල පෙළ ෂඩාශ්‍රාකාර හැඩයෙන් යුතු අනෙක් කොරල වලට සාපේක්ෂව විශාලව පිහිටයි. නමුත් දාර රදනකයාගේ කොරල කුඩා වන අතර කීලකයක් සතිතව රළු ස්වභාවයෙන් දිස්වේ. මතුපිට දිලිසීමද අවමය.

    අළු රදනකයා කරවැලුන්ගෙන් වෙන්කර හඳුනාගැනීම

    කොරල මගින්


    (වම් පස - කරවැලාගේ සුමට දිළිසෙන කොරල හා ෂඩාශ්‍රාකාර කේෂ කොරල , දකුණු පස - අළු රදනකයාගේ කුඩා සම ප්‍රමාණයෙන් ඇති කොරල)

    සලකුණු මගින්



    A - මුදු කරවැලාගේ හරස් පටි පිහිටන ආකාරය
    B - තෙල් කරවැලාගේ යුගල වශයෙන් හරස්පටි පිහිටන ආකාරය
    C - අළු රදනකයාගේ හරස්පටි පාර්ශවිකව බෙදී ත්‍රිකෝණාකාරව දිවෙන ආකාරය