මචන්..මට වැඩකරන කම්පැනි එකේ වැඩකට යුරෝපෙට යන්න ඕනි අප්‍රේල් මාසේ..කලිනුත් ගිහින් ආවා..ඉතින් ඔය ගමනට යුරෝ 2500ක් විතර ඕනි වෙනවා..දැන් යුරෝ තියන අය මට සෙට් උනා උන් අඩුම 350ක් වගේ කියනවා යුරෝ එකක්.ඔය ලග තියාගත්ත උන්..රට ඉදන් ආව උන්..ටුවරිසම් කරන උන් එහෙම..මම එක්ස්චේන්ජ් කරන පොට් එකකින් ඇහුවම කිව්වා උන් දෙන්නම්ලු යුරෝ එක 325/330 වගේ..උන් ගන්නේ 320 වගේලු..එක තැනකින් ඇහුවේ මම..ඇත්තද බොරුද දන්නේ නෑ..හැබැයි දවසක් දෙකක් ගියාම එකතු උනාම දෙන්නම්ලු..මම ඒ ශොප් එකෙන් කලිනුත් ඩොලර් අරන් තියනවා..උන් දෙනවා කිව්වම කලින් නම් හරියටම දුන්නා..මම කාලයක් ඉදම් දන්න ශොප් එකක්..ප්‍රශ්නේ මේකයි..දැන් යුරෝ 2500ක් 350ගානේ ගන්න පුලුවන් හැබැයි අරූ ඇත්තටම 325/330 ගානේ දුන්නොත් මට රුපියල් හැටදාහක් විතර පාඩුයි..උබලා දන්න කොලඹ හරි කොහෙහරි ඔය කරන්සි එක්ස්චේන්ජ් කරන ශොප් වල ගනන් පුලුවන්නම් අහලා කියපන්කෝ යුරෝ බයින් ඇන්ඩ් සෙලින් රේට් එක..මම අහන්නම්.. කොලඹ හරි කොහෙහරි කරන්සි එක්ස්චේන්ජ් කරන ශොප් තියන තැනුයි ෆෝන් නම්බර් එහෙම දන්නවනම් කියපන්කෝ..ලොකු උදවූවක්..