අදට අයිය නැතිවෙලා අවුරදු 5යි
Depression/ Anxiety දෙකම තිබිල තියෙනව පොඩිකාලෙ ඉදන්ම. ඒත් අපෙ දෙමව්පියන්ට ඒ ගැන දැනුමක් නෑ.
අයියට අවුරුදු 25 වගේදි එයාම තමයි ඩොක්ට කෙනෙක් චැනල් කරල බෙහෙත් ගත්තෙ. Hospital එකේ ඒව එයාට ආන්ස කරේ නෑ. බෙහෙත් බීවත් සමහරවෙලාවට out of control වගේ. එයා කැම්පස් ගියත් රස්සාවක් කරගන්න බැරි උනා මේ හින්දම. අන්තිම අවුරුදු පහේ හයේදි අපෙ තාත්තට අයියව පේන්න බැරිව හිටියෙ. නැති වැරදි කියල බනිනව දැක්ක දැක්ක තැන. අන්තිම කාලෙ එයා ගෙදර මිනිස්සුන්ගෙන් ඈත් උනා. කෑම එකත් කාමරේට අරන් ගිහින් කෑවෙ. දවසෙ වැඩිහරියක් ගතකරේ තනියම එයාගෙ කාමරේ . තාත්ත අයියව දැක්කෙ කිසිම දෙයක් කරන්නෙ නැති කම්මැලියෙක් වගේ. බෙහෙත් ගන්න සල්ලි ඉල්ලුවම අම්මත් ඌට අන්තිමට බැන්නෙ කුඩු ගහන්න සල්ලි ඉල්ලන එකෙකුට වගේ.
අයිය 32දි සුයිසයිඩ් කරගත්ත. බෙහෙත් එක්ක ගෙදර පරිසරය හොද උනානම් ඌ තවම ජීවත්වෙනව. අම්ම තාම අයියව මතක් කර කර අඩනව. තාත්තටනම් ඒගැන ගානක් වත් නෑ. මං හිතන්නෙ තාත්ත දුක් උනත් දුක්වෙන්නෙ අයියව හදන්න පොඩිකාලෙ ඉදන් එයාට වියදම් කරපු සල්ලි ගැන.