මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    මේල් එකක තිබුනේ බොලවූ...
    සුපුරුදු පරිදි ෆන් එකක් වෙන්න ඇති කියල කියෙවුවෙ....
    ඒත් අන්තිමේදී මගේ ඇස් දෙකට කඳුළු ආවා මේක කියවද්දී... කියවල බලන්න ඔයාලත්...


    [FONT=&quot]ආදරේ[/FONT], [FONT=&quot]බැඳීම[/FONT], [FONT=&quot]සංවේදීකම වගේ දේවල් වලට මුල් තැන දෙන්න ඕනේ කියන දේ අපිට තේරෙන්න පටන් ගන්නකොට සමහර විට කාලේ ගතවෙලා ඉවරයි[/FONT].[FONT=&quot]අන්තිමේට පසුතැවීමක් එක්ක දරාගන්න බැරි වේදනාවක්[/FONT],[FONT=&quot]කලකිරීමක් අපේ හිත්වල ඉතුරු වෙනවා[/FONT]. [FONT=&quot]ඒකට හොඳම උදාහරණය තමයි මගේ අම්මා[/FONT]...

    [FONT=&quot]මම තමයි අපේ පවුලට හිටපු එකම දරුවා[/FONT]. [FONT=&quot]ඒ කාලේ මගේ තාත්තා වැඩ කලේ පුද්ගලික සමාගමක[/FONT]. [FONT=&quot]තාත්තා හැමදාම වැඩට යන්නේ මාවත් අම්මවත් ආදරෙන් ඉඹලා[/FONT].[FONT=&quot]පස්සේ අපි දෙන්නම තාත්තට වඳිනවා[/FONT].[FONT=&quot]අපේ පවුල හුඟක් ආදරෙන් හිටියේ[/FONT]. [FONT=&quot]අපේ අම්මට රසට උයන්න පුළුවන්[/FONT].[FONT=&quot]ඉස්කෝලේ ඇරිලා මම ගෙදර එද්දී කෑම වල සුවඳ ගේට්ටුව ළඟට එනවා[/FONT].[FONT=&quot]මම එනකල් අම්මා කෑම කන්නේ නෑ[/FONT]. [FONT=&quot]දවල්ට අපි දෙන්නා තමයි එකට කෑම ගන්නේ[/FONT]. [FONT=&quot]රෑටත් අපි දෙන්නම බලන් ඉන්නවා තාත්තා වැඩ ඇරිලා එනකල් එකට කෑම කන්න[/FONT]. [FONT=&quot]අපි තුන්දෙනා කෑම කාලා ඉවර වෙලා එදා දවසේ වෙච්ච දේවල් ගැන කතා කරනවා[/FONT]. [FONT=&quot]අපේ දේවල් බෙදාගෙන අපිට හිටියේ අපි තුන්දෙනා විතරයි[/FONT].[FONT=&quot]ඒ දෙන්නට හිටපු එකම පුතා මම නිසා දෙන්නගෙම ආදරේ මට වැඩියෙනුත් එක්ක ලැබුණා[/FONT].[FONT=&quot]ඉස්සර තාත්තා පඩි ගත්ත දවසට එක එක ජාතියේ කෑම ගොඩාක් අරන් එනවා[/FONT]. [FONT=&quot]අම්මටත්[/FONT], [FONT=&quot]මටත් විශේෂ මොනාහරි දෙයක් ගේන්න තාත්තා අමතක කලේ නැහැ[/FONT].

    [FONT=&quot]ජීවිතේ හිතපු නැති විදිහට වෙනස් උනේ මට අවුරුදු දහයෙදි[/FONT].[FONT=&quot]ඉස්සර වගේ තාත්තා වැඩට යද්දී මාවයි අම්මවයි ඉම්බෙත් නැහැ[/FONT], [FONT=&quot]තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවේ හුඟාක් රෑ වෙලා[/FONT].[FONT=&quot]මමයි අම්මයි එළියේ පුටුවට වෙලා නිදි කිරා වැටි වැටි බලන් ඉන්නවා තාත්තා එනකල්[/FONT]. [FONT=&quot]දන්නෙම නැතුව අපි දෙන්නටම නින්ද යනවා[/FONT]. [FONT=&quot]ඒත් අම්මා නම් සැරින් සැරේ ඇහැරි ඇහැරි බලනවා[/FONT].[FONT=&quot]අපේ ගෙදර තිබ්බ ආදරේ[/FONT], [FONT=&quot]සතුට[/FONT], [FONT=&quot]සමගිය නැති වෙලාම ගියේ එකදවසක් රෑ අම්මත්[/FONT], [FONT=&quot]තාත්තත් අතර වෙච්ච බහින්බස් වීමක් දුරදිග යාමෙන්[/FONT].[FONT=&quot]බැනගන්න සද්දෙටයි මට ඇහැරුණේ[/FONT].[FONT=&quot]මම කවදාවත් දැකල තිබ්බේ නැහැ අම්මයි තාත්තයි මෙහෙම රණ්ඩු වෙනවා[/FONT]. [FONT=&quot]මම ඇඳෙන් බැහැලා සාලෙට යද්දී තාත්තා ලොකු බෑග් එකක ඇඳුම් දාගෙන කොහේදෝ යන්න හදනවා[/FONT].[FONT=&quot]අම්මා හොඳටම අඬනවා[/FONT].[FONT=&quot]මට මේ මුකුත් තේරෙන්නේ නෑ[/FONT].[FONT=&quot]නිදිමතේම මම තාත්තගේ අතින් අල්ලගත්තා[/FONT].[FONT=&quot]තාත්තා මගේ අත ගසල දාලා යන්න ගියා[/FONT].[FONT=&quot]මම හොඳටම ඇඬුවා[/FONT]. " [FONT=&quot]තාත්තේ යන්න එපා තාත්තේ[/FONT]... [FONT=&quot]ඔයාගේ පුතු පැටියට දුක හිතෙයි තාත්තේ[/FONT]." [FONT=&quot]අම්මත් මමත් හොඳටම ඇඬුවා[/FONT].

    [FONT=&quot]තාත්තා අපිව දාලා ගියාට පස්සේ අපි දෙන්නා ජීවත් උනේ බොහොම අමාරුවෙන්[/FONT].[FONT=&quot]අපි හිටපු ගෙදර විකුණලා පුංචිම පුංචි ගෙයක් ගත්තා[/FONT].[FONT=&quot]ඒ ගෙදර ඉඩ ඇති උනේ මටයි අම්මටයි විතරයි[/FONT].[FONT=&quot]මාව ලොකු මහත් කරන්න අම්මා නොවිඳිනා දුක් වින්දා[/FONT].[FONT=&quot]ඒ මොන දේ උනත් අම්මා අම්මගේ කඳුළු හංගගෙන ඉන්න තරම් ශක්තිමත් ගැහැණියක් උනා[/FONT].[FONT=&quot]සාමාන්[/FONT]‍[FONT=&quot]ය පෙළ විභාගය ඉහළින් සමත් වෙන්න මට පුළුවන් උනා[/FONT]. [FONT=&quot]උසස්පෙළ කරන්න මට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න අවස්ථාව ලැබුණා[/FONT].[FONT=&quot]කාටත් වඩා මං ගැන සතුටු උනේ මගේ අම්මා[/FONT].[FONT=&quot]ඒත් ඒ වෙද්දී අපි හුඟක් දුප්පත්[/FONT].[FONT=&quot]කුලියට ඇඳුම් මහලා ලැබෙන පොඩි ගාණකින් තමයි අම්මා මේ හැමදේම කලේ[/FONT]. [FONT=&quot]මට හරියට අඳින්නවත් තිබුණේ නෑ[/FONT]. [FONT=&quot]තාත්තා ඉන්න කාලේ වගේ රස කෑම ලැබුනේ නෑ[/FONT].[FONT=&quot]සමහර දවස් වලට අපි කෑවෙත් එක වේලක් විතරයි[/FONT]. [FONT=&quot]ඒත් මගේ අම්මා පුදුම තරම් මට ආදරේ කළා[/FONT].

    [FONT=&quot]ලොකු ඉස්කෝලෙට ගියාට පස්සේ මට යාළුවෙක් සෙට් උනා[/FONT]. [FONT=&quot]උගේ නම ඉෂාන්[/FONT]. [FONT=&quot]ඌට පට්ට සල්ලි[/FONT]. [FONT=&quot]අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් කරන්නේ[/FONT].[FONT=&quot]මම නිතරම ඉෂාන්ලගේ ගෙදර ගියා[/FONT].[FONT=&quot]ඉෂාන්ලගේ ගෙදර කෑම හදන්න එක්කෙනයි[/FONT],[FONT=&quot]ගෙදර වැඩ කරන්න එක්කෙනයි[/FONT], [FONT=&quot]වත්තේ වැඩ කරන්න තව කෙනෙකුයි හිටියා[/FONT].[FONT=&quot]ඉෂාන් කියන විදිහට එයාට එයාගේ අම්මයි තාත්තයි එක්ක වචන දෙකක් කතා කරන්න ලැබෙන්නෙත් උදේ කෑම වෙලාවේදී විතරයිළු[/FONT].[FONT=&quot]ඒ තුන්දෙනා එකට කතා කර කර හිටපු දවසක්වත්[/FONT], [FONT=&quot]දේවල් බෙදාගත්ත දවසක් වත්[/FONT], [FONT=&quot]ආදරෙන් කතා කරපු දවසක් වත් මතක නැහැලු[/FONT]. [FONT=&quot]තට්ටු තුනකට හිර වෙලා ඉෂාන් ගෙවන්නේ මහා පුදුම ජීවිතයක් නේද කියලා මට හිතුනා[/FONT].

    [FONT=&quot]ඔහොම කීප දවසක් මම එහෙ ගියාට පස්සේ ඉෂාන් කිව්වා අපේ ගෙදර එන්න ආසයි කියලා[/FONT].[FONT=&quot]ඒත් ඒකට මම කැමති උනේ නෑ[/FONT].[FONT=&quot]මොකද මගේ දුප්පත් කම මට ලැජ්ජාවක් උනා[/FONT].[FONT=&quot]මම ගෙදර ගිහිං අම්මට කිව්වා ඉෂාන් අපේ ගෙදර එන්න අහනවා කියලා[/FONT].[FONT=&quot]අම්මා නම් කිව්වේ ඉෂාන්ව එක්කගෙන එන්න බලන්න ආසයි කියලා[/FONT].[FONT=&quot]ඒත් ඉෂාන් වගේ සල්ලි තියන[/FONT], [FONT=&quot]සැපට හැදුන කෙනෙක්ව මම කොහොමද හරියට ඉඳගන්න පුටුවක් වත් නැති අපේ ගෙදරට එක්කන් එන්නේ[/FONT]. ? [FONT=&quot]අඩුම තරමේ රස කෑම වේලක් දෙන්නවත් අපිට සල්ලි නැහැ[/FONT].[FONT=&quot]අපේ දුප්පත්කම ගැන ඉෂාන් දැනගන්නවට මම කැමති උනේ නෑ[/FONT].[FONT=&quot]විශේෂයෙන්ම අපේ අම්මගේ හැසිරීම ගැන උනත් මම ලජ්ජා උනා[/FONT]. [FONT=&quot]මම කොහේ ඉඳන් ගෙදර ගියත් අපේ අම්මා මාව බදාගෙන මගේ ඔළුව ඉඹිනවා[/FONT].[FONT=&quot]ඉෂාන් මේවා දැකලා මට හිනාවෙයි කියලා හිතුනා[/FONT]. " [FONT=&quot]අම්මේ[/FONT]... [FONT=&quot]ඉෂාන් මෙහෙ එන්නම ඕනෙලු[/FONT]. [FONT=&quot]අපිට බැරිද එදාට විශේෂ දෙයක් හදල දෙන්න[/FONT]? [FONT=&quot]එයා හරි කැමතියි රෝස් කරපු චිකන්[/FONT], [FONT=&quot]ෆ්[/FONT]‍[FONT=&quot]රයිඩ් රයිස් එහෙම කන්න[/FONT]. [FONT=&quot]එයාලගේ ගෙදර මේ වගේ සාමාන්[/FONT]‍[FONT=&quot]ය කෑම උයන්නේ නෑ[/FONT]." [FONT=&quot]මම අම්මට එහෙම කිව්වත් වැඩක් උනේ නෑ[/FONT]. [FONT=&quot]ඒත් අම්මා මට බැන්නෙත් නෑ[/FONT]. [FONT=&quot]එක්කන් එන්නකෝ කියලා විතරයි කිව්වේ[/FONT].

    [FONT=&quot]ඉෂාන් අපේ ගෙදර ආව දවසේ මාව වගේම අම්මා ඉෂාන්වත් බදාගෙන හැබෑම ආදරෙන් ඔළුව ඉම්බා[/FONT].[FONT=&quot]ඉෂාන් පුදුම වෙලා වගේ අම්මගේ ඇස් දිහා බලන් හිටියා[/FONT].[FONT=&quot]කෑම සුවඳ ආවත් එදා අම්මා උයලා තිබ්බේ අපිට තිබුන විදිහට හරිම සරල දේවල් ටිකක්[/FONT]. [FONT=&quot]එදායින් පස්සේ ඉස්කෝලේ ගිහිං ඉෂාන් මොනවා කියයිද[/FONT]...? [FONT=&quot]මගේ දුප්පත්කම නිසා යාළුවො ඉස්සරහ මං ලැජ්ජාවට පත් වෙයිද[/FONT] ...? [FONT=&quot]මේ වගේ විකාර දේවල් මට හිතෙන්න ගත්තා[/FONT]. [FONT=&quot]ඉෂාන් කෑම කාලා අපි එක්ක ටිකක් කතා කර කර ඉඳලා යන්න යද්දී අපේ අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා[/FONT].[FONT=&quot]අම්මා තමන්ගේම පුතෙක් වගේ ඉෂාන්ට සැලකුවේ හැබෑම ආදරෙන්[/FONT].

    [FONT=&quot]ඉෂාන්ව පාරට ඇරලන්න මම ඉෂාන් එක්ක මගට ගියා[/FONT]. " [FONT=&quot]මචං කාලෙකට පස්සේ මම බඩ පිරෙන්න ආසාවෙන් කෑවා[/FONT].[FONT=&quot]උඹේ අම්මා පුදුම තරම් හොඳ අම්මාකෙනෙක්[/FONT]. [FONT=&quot]අම්මා කෙනෙක්ගෙන් ළමයෙක් බලාපොරොත්තු වෙන ආදරේ දෙන්න හැම අම්මටම බැහැ[/FONT].[FONT=&quot]බලපං මම අපේ අම්මගේ අතින් හදපු කෑමවේලක් කාපු කාලයක් මතක නෑ[/FONT]. [FONT=&quot]මාව ආදරෙන් බදාගෙන ඔළුව ඉම්බ දවසක්වත් මට මතක නැහැ බං[/FONT] .[FONT=&quot]උඹ ඒ අතින් හරි වාසනාවන්තයි[/FONT].[FONT=&quot]මෙහෙම පවුලක් මම දැක්කමයි බං[/FONT]..." [FONT=&quot]ඉෂාන් එහෙම කියාගෙන ගියේ ඇස් වල කඳුළු පුරෝගෙන[/FONT].

    [FONT=&quot]එතකොට අපේ දුප්පත්කම වාසනාවක්ද[/FONT]...? [FONT=&quot]එතකොට ඉෂාන් දැක්කොත් මට හිනාවෙයි කියලා හිතුන අපේ අම්මගේ ආදරණීය හැසිරීම[/FONT]...? [FONT=&quot]මම කල්පනා කළා[/FONT].
    [FONT=&quot]බලං ගියහම ජීවිතේ සමහර වටිනාම දේවල්[/FONT].....
    [FONT=&quot]අපි නොවැදගත් විදිහට නොසලකා හරින අවස්ථාවල්[/FONT]....
    [FONT=&quot]ඒ තරම්ම තියෙන්නේ[/FONT]....
    [FONT=&quot]අපේ නොදැනුවත්කම නිසාද නැත්නම්[/FONT]...
    [FONT=&quot]අපේ ජීවත් වෙන සමාජ රටාව හින්දද කියන එක දෙපාරක් හිතන්න වෙලා[/FONT]....

    අකුරු මිස්ටේක් ඇති.. ඒ ගෙඩිය පිටින් උස්සල දාපු නිසා...
    scoobydoo ගුගල් ගෘප් ඒකෙන් එවල තිබුනේ....

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මචං සැහෙන සංවේදී වෙනවා මේක කියෙව්වම. බොහොම ස්තුතියි බෙදගත්ත්ට. ..
     
    • Like
    Reactions: labu gediya

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොහොම පින්

    මේ පින් බලයෙන් උඹට හොද බිරිදක් ලැබියං!

    ලිඳේ පැන්න මදිවට ලිඳේ පැනලා ඒකෙන් ගොඩට ආව එකෙක්ව ආයේ ලිඳට ඔබන්න යනවා. මේ පිනෙන් ඔබට මතු භවයේ පුක්ෂණ වරුසාවක් ලැබේවා. :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් මචං සැහෙන සංවේදී වෙනවා මේක කියෙව්වම. බොහොම ස්තුතියි බෙදගත්ත්ට. ..

    මම ගොඩක් සංවේදී කෙනෙක් නිසා ෆිල්ම් එකක් බැලුවත් බලන්නේ තනියම...;)
    මේ කතාව හොඳ වෙලාවට මගේ කාමරේ ඉඳගෙන කියෙවුවෙ....
    මටත් නොදනිම ඇස් දෙක කඳුලින් පිරුනා..
    අපි නොදන්නවා උනාට අපිට කොච්චර ආදරෙයක් අපේ අම්මගේ තියේද කියල දැනෙන්න ගත්ත...:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිඳේ පැන්න මදිවට ලිඳේ පැනලා ඒකෙන් ගොඩට ආව එකෙක්ව ආයේ ලිඳට ඔබන්න යනවා. මේ පිනෙන් ඔබට මතු භවයේ පුක්ෂණ වරුසාවක් ලැබේවා. :lol:
    බොල වේසාවො!!!!
    බොක්කෙන් ම මොකක් හරි කිව්වම ඒකටත් කීචෝක් නොකර ඉදපිය වල් පර හම්බාවා!!!:angry::angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටික දවසක ඉඳන් එළකිරි ලොග් නොවී උඩින් පල්ලෙන් ත්‍රෙඩ් කියව කියව හිටියෙ....

    ඔයාගෙ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සෙ වචනයක් දෙකක් කොටන් නැතුව යන එක මගෙන් වෙන අසාදාරණයක් වගේ හිතින නිසා මේ ලොග් වෙලා ටයිප් කරෙ....

    කිඹුල් අයිය කිව්ව වගේ පිං අත් වෙනව අපේ හිත් මොහොතකට සංවේදී කරාට
    :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලිඳේ පැන්න මදිවට ලිඳේ පැනලා ඒකෙන් ගොඩට ආව එකෙක්ව ආයේ ලිඳට ඔබන්න යනවා. මේ පිනෙන් ඔබට මතු භවයේ පුක්ෂණ වරුසාවක් ලැබේවා. :lol:


    :lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ටික දවසක ඉඳන් එළකිරි ලොග් නොවී උඩින් පල්ලෙන් ත්‍රෙඩ් කියව කියව හිටියෙ....

    ඔයාගෙ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සෙ වචනයක් දෙකක් කොටන් නැතුව යන එක මගෙන් වෙන අසාදාරණයක් වගේ හිතින නිසා මේ ලොග් වෙලා ටයිප් කරෙ....

    කිඹුල් අයිය කිව්ව වගේ පිං අත් වෙනව අපේ හිත් මොහොතකට සංවේදී කරාට
    :)

    මේක දැම්මෙ මට ඒ දේ හදවතටම දැනුන නිසා....
    මම දන්නවා එළකිරියේ ඉන්නේ කොච්චර රණ්ඩු උනත් හිත හොඳ එවුන් කියලා...
    ඒ නිසා ලැබෙන දෙයක් බෙදාගන්න ඕනනේ...