සෙනසුරාදා උදේ ගිහින් 9.30 ට මොඩර්නා ගත්තා ආතල් එකේ..
පොඩ්ඩක් වත් රිදුනෙත් නෑ..
ෆන් එකේ හිටියා..
ඔන්න රෑ 7 ට මොඩර්නා ගහපු එවුන් ස්ටේටස් දාන්න ගත්තා ඔලුව රිදෙනවා , කරකැවිල්ල , වමනේ යනවා , ක්ලාන්තේ , උණ කියලා..

මට මුකුත් අවුලක් ආවේ නෑ..
ඔන්න රෑ 11.30 ට වගේ මගේ ඇග හීට් වෙන්න ගත්තා.. ඇතුලින් නිකන් පිච්චෙනවා වගේ දැනුනා..

ෆෑන් එක දා ගත්තා, ඒත් අමාරුයි , නින්ද යන්නෙත් නෑ.. ඒ මදිවට අතත් රිදෙන්න ගත්තා..

ගත්තා පැරසිටමෝල් 2 ක්..ඒත් අඩු නෑ..පොඩ්ඩක් ශේප්..
එහෙම්ම හිටියා.. නැගිට්ටාම අඩුයි වගේ , නිදා ගත්තාම වැඩියි වගේ..

ඉරිදා උදේ වෙනකොට මාර අමාරුයි ඇගට.. ඒක දිගටම තිබ්බා සදුදා වෙනකන්ම.

සදුදා නා ගත්තා හොදට.. ඊට පස්සේ සාමාන්‍ය අතට ආවා..

අම්මෝ ඕකේ බූස්ටර් කියලා තුන් වැනි එකකුත් ගැහුවා නම් මැරෙනවා සුවර්..
