මට අපල තියනවද ?

abijith

Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    සෙනසුරුගෙ අපලය, කුජගේ අපලය, ඒරාෂ්ටක අපලය යන ආදී වශයෙන් අපලය යන වචනය ජෝතිෂ්‍ය විද්‍යාවේදී අපට අසන්නට ලැබේ. පෘතක්ජන කවුරු හෝ ජන්ම පත්‍රයක් රැගෙන පැමිණ අසන්නේ මට අපල තියනවද?කියලයි, අපලය යන වචනය අප සාමාන්‍ය ජන ජිවිතියට ජෝතිෂ්‍ය හරහා කෙතරම් කාවැදී ඇත්ද යත් අපල දුරු කර ගැනීම සදහා ශාන්ති කර්ම, බලි තොවිල් ආදීයත් නොයෙක් ආකාරයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියත් සිංහල බෞද්ධ ජන සාමජයට සාම්ප්‍රදායික අංග ලෙස කා වැදී ඇත. නමුත් අපලයක් යනු කුමක් දැයි පෘතක්ජන බොහෝ දෙනෙකුට වැටහිමක් නැත.

    ජන්ම පත්‍රයේ පවතින කොටු 12 මත ප්‍රධාන ග්‍රහයින් 7 සහ රාහු කේතු තැන්පත්ව ඇති ආකාරය අනුව කෙනකුගේ පෙර කර්ම ශක්තිය පිලිබදව තීරණයක් ගත හැක. උදාහරණයක් ලෙස ශනි (සෙනසුරු)ගේ බලපැම නිසා කෙනෙකුට අස්ථි පිළිකාවක් සැදුනේ යැයි සිතමු, මෙහිදී එම පිළිකාව සැදීම ශනි කරන අපලයක් ලෙස සලකයි.නමුත් අප ශනි ගෙන් නිරීක්ෂණය කරන්නේ පෙර කර්ම ශක්තිය අනුව සකස් වී ඇති අස්ථි පද්දතියේ ගුණ අගුනයි. උප්පත්ති කේන්දරයේ සදහන් වන ආකාරයට ශනිගේ තත්වය මත ගැටලුව හදුනාගත් විට එය ශනිගේ අපලයක් කර නොගෙන මානසිකව ශක්තිමත් වී නිවැරදිව මුලික අවස්ථාවේදී ප්‍රතිකාර කොට එම අස්ථි පිලිකා රෝග තත්වය බොහෝ දුරට මැඩ පවත්වා ගත යුතුය. අපලය අපලයක් වන්නේ එය අප අපලයක් ලෙස සිතන තාක් පමණි, නිවැරදි දේ උගෙන මෝහයෙන් මිදී පෙර සංස්කාර ශක්තිය වෙනස් කර ගත හැක. ඒ සදහා ජෝතිෂයේ උදවූව ලෞකික ජිවිතයට ලබා ගත හැක, ජෝතිෂ්‍ය විද්‍යාව ලෞකික ජිවිතේ පැවැත්මට පමණක් බාවිතා කරන්නේ නම් එය උපයෝගී කර ගෙන තමන්ගේ ශාරීරික සහ මානසික අපහසුතා දුරු කර ගෙන සංසාර ගමන ගැනද අවබෝදයකින් ජිවත් වන්නේනම්, ඒරාෂ්ටක අපල එවැන්නන්ට බල නොපාන බව කිව යුතුය, ජෝතිශ්ෂයේ හරය ඇත්තේ එතනයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Can I beat the Karma 🤔
    My3 bhawanawen pluwan prea akusal thawakalikawa yatapath karanna.

    ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

    Me wdiytama Krnna ona habai
     
    • Love
    Reactions: Heshan Daminda
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Can I beat the Karma 🤔
    කර්මයෙන් ගැලවිය හැකිද?:unsure:
    චිත්ත නියාමයෙන් කර්ම නියාමය වෙනස් කළ හැකියි - උදාහරණයක් ලෙස බුදු රජාණන් වහන්සේ, බෝසත් පෙර භවයක මාළුවෙක් මැරෙනවා දැකලා සතුටු වීමේ කර්ම විපාකය ලෙස බුද්ධත්වයෙන් පසුවත් පල දුන් හිසේ රුදාව සමාධියට සම වැදි මැඩලූ සේක. :yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම හිතන්නේ law of attraction විතරයි, අපි අපලයක් තියෙනවා කියලා හිතුවොත් අපිට අපලයි. අපි අපල නෑ කියලා හිතුවොත් අපිට අපල නෑ. මනස මූලිකයි හැමදේටම.
     
    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18

    My3 bhawanawen pluwan prea akusal thawakalikawa yatapath karanna.

    ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

    Me wdiytama Krnna ona habai
    චිත්ත නියාමයෙන් කර්ම නියාමය වෙනස් කළ හැකියි - උදාහරණයක් ලෙස බුදු රජාණන් වහන්සේ, බෝසත් පෙර භවයක මාළුවෙක් මැරෙනවා දැකලා සතුටු වීමේ කර්ම විපාකය ලෙස බුද්ධත්වයෙන් පසුවත් පල දුන් හිසේ රුදාව සමාධියට සම වැදි මැඩලූ සේක. :yes:
    මම හිතන්නේ law of attraction විතරයි, අපි අපලයක් තියෙනවා කියලා හිතුවොත් අපිට අපලයි. අපි අපල නෑ කියලා හිතුවොත් අපිට අපල නෑ. මනස මූලිකයි හැමදේටම.
    thanks :-)
    ------ Post added on Jan 24, 2021 at 2:30 PM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla