මට උදව් කරන්න (පුංචි කතාවක්)
මට උදව් කරන්න - පුංචි කතාවක්
(සියලු නම් ගම් සිදුවීම් මනකල්පිතයි)
අපේ අහල පහළ ගෙවල්වලින් ගෙවල් හතරක්ම සිංහල.අනික් දෙකෙන් එකක් දෙමළ.අනික මුස්ලිම්.ඒත් සිංහල ගෙවල්වලින් අපිත් එක්ක වැඩියෙන්ම යාළු ගෙවල් දෙකක් විතරයි.එක ගෙයක් අපිත් එක්ක හොඳ නැහැ.පොඩි සිද්ධියක් වෙලා තරහ වෙලා.අනික් සිංහල ගෙදර අය කා එක්කවත් වැඩි කතාබහක් නැහැ.යාළුත් නැහැ තරහත් නැහැ. උන්නද මළාද කියලා කවුරුවත් දන්නේත් නැහැ.
... හැබැයි දෙමළ ගෙදර අය තමයි අපිත් එක්ක මුලින් හොඳටම යාළුවෙලා හිටියේ.හැබැයි පාර බෙදාගන්න බැරුව ගමේ ඇතිවුණූ මොකක්ද ප්‍රශ්නයක් ඇවිත් දැන් හිතහොඳ නැහැ.ඒත් ඉස්සර දුකට සැපට දෙකටම අපි ගැන බැලුවේ දෙමළ ගෙදර මාමායි නැන්දයි.ඒත් අදත් එහෙමයි.එදා ප්‍රශ්නෙට පොඩ්ඩක් හිතහොඳ මදිවුණත් අපිව දැක්කම අහක නොබලා හිනාවෙලා යනවා.මොකද ගමේ අනික් අය හින්දා අපිව පාරක් හින්දා දෙකට බෙදුවා ඇරෙන්න,අපි බෙදුණේ නැහැ.
මුස්ලිම් ගෙදර අය නම් අපිත් එක්ක යාළුත් නැහැ තරහත් නැහැ.උන්නද මළාද දන්නේ නැහැ.හරියට අපේ පිටිපස්සේ තියෙන සිංහල ගෙදර වගේ.ඒක ගැන මගේ යාළුවෙක් මට කිව්වේ ඒගොල්ලො මුස්ලිම් නිසා තමයිලු,අපිත් එක්ක යාළුත් නැත්තේ තරහත් නැත්තේ.ඒත් එතකොට මට ආපු ප්‍රශ්නේ තමයි අපේ ගෙදර පිටිපස්සේ ඉන්න සිංහල පවුලත් ඒ වගේමයි.අපිත් සිංහල.එතකොට ඇයි ඒගොල්ලො අපිත් එක්ක වැඩිය නැත්තේ ?
අනික අපේ ගෙදරට ගෙවල් තුන හතරක් එහායින් තියෙන තවත් මුස්ලිම් ගෙදරක් තියෙනවා.ඒ ගෙදර මාමායි නැන්දයි හරිම හොඳයි.අපේ අල්ලපු ගෙදර ඉන්න මුස්ලිම් පවුල වගේ නෙමෙයි.අවුරුදු උත්සවවලට පවා ළමයි එක්ක ඇවිත් සහභාගි වෙනවා.
හැබැයි කෙළවරම ඉන්න දෙමළ පවුල නම් බලු වටින්නේ නැහැ.මූණ දැක්කම කියන්න පුළුවන්, ලෝක ඇම්ඩන් කෙනෙක් කියලා.ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙද්දි ඒක හොඳටම තේරෙනවා.
දැන් මම කොහොමද ජීවත්වෙන්නේ ?
මගේ අවට තියෙන සිංහල ගෙවල් හතරම අනිවාර්යයෙන්ම මම එක්ක තරහවෙන්න බැහැ.මොකද මගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ.
මගේ ගේ ඉස්සරහ තියෙන,මොන කරදරයක් ආවත් දුවගෙන එන දෙමළ ගෙදර මිනිස්සු එක්ක මම තරහවෙන්න ඕනේ.මොකද ඕකුන් ඔක්කොම කොටි.
මගේ අල්ලපු ගෙදර ඉන්න මුස්ලිම් පවුල කොහොම වුණත් අවුරුදු උත්සවයට එන මුස්ලිම් පවුලට නම් ආයෙමත් කවදාවත් අපේ අවුරුදු උත්සවයකට තියා කිසිම දේකට එන්න එපා කියන්න ඕනේ.මොකද ඕකුන් හම්බයෝ.
මම දැන් ඔක්කොටම මේ පණිවිඩය දෙන්නයි හදන්නේ.හොඳයි නේද ?
කතා සංකල්පය - මාලන් විදානපතිරණ