මට උදව් කරන්න....

LiNDa_95

Member
Aug 22, 2018
3
1
1
මේක ඇත්තම ඇත්ත කතාවක් නිසා විහිලු කරන්න නම් එපා ඔන්න. දන්න විදියට මට උදව් කරන්න.
මගේ අම්මයි අප්පච්චියි අක්කයි නැති උනේ මට වයස අවුරුද්දෙදි. මගේ පළවෙනි උපන් දිනේට උන බාරයක් ඔප්පු කරන්න කතරගම යද්දි ඇක්සිඩන්ට් එකකින්....මගේ වාසනාවට හරි අවාසනාවට හරි මාව බේරුනා.... එදා ඉදන් අද වෙනකම් මන් ජීවත් වෙන්නේ මගේ අප්පච්චිගේ අයියගේ පවුලේ අය එක්ක...ඒ කියන්නේ මගේ ලොකු තාත්තගේ පවුලේ අය එක්ක....
හැබැයි උරුමයෙන් මගේ අප්පච්චිගෙන් මට උරුම උන ගෙදර. මගේ අප්පච්චියි අම්මයි කුල දෙකක...කසාදෙන් පස්සේ අම්මලා අප්පච්චිලා එයාල පවුල් වලින් අයින් කරල ඒ සිද්දිය නිසා. ඒ කේස් එක නිසාම මාව අනාත උනාම අම්මගේ පැත්තේ අය මාව හදා ගන්න බෑ කියලා...කොහොම කොහොම හරි අන්තිමට අප්පච්චිගෙ අයියා මාව හදා ගන්න අරන්....
පොඩි කාලේ ලොකු ලොකු අවුල් නැතිව හැදුන නිසාත් ඉස්කොලෙ යවල කරල උගන්වපු නිසත් මන් හිතුවේ එයාල මට ඇත්තටම ආදරේ ඇති කියලයි. ඒත් එයාලගේ ගේම් එක තේරුම් ගන්න මට අවුරුදු 20කට වඩා කල් ගියා....
අප්පච්චි නැති වෙනකොට අපේ ගෙදර ගොඩක් දුරට හදලයි තිබුනෙ. මරනෙන් පස්සෙ ඉතුරු වැඩ ටික ඉවර කරගෙන ලොකු අම්මල මෙහෙ නැවතුනා මගේ එක්කම.මගේ අප්පච්චි නැවක වැඩ කරපු කෙනෙක්. ඒ නිසා අප්පච්චිගේ නමට ලොකු ඉතුරුවක් තිබුනා බැංකු වල. මන් උපාධිය ගත්තේ ප්‍රයිවෙට් කැම්පස් එකකින්. ඒකට ගිය වියදම මට ලැබුනේ මගේ අප්පච්චි ගේ ඉතුරුවෙන්.
දැන් ලොකු අම්මලා කියන්නේ මේ ගෙදර එයලට අයිති කියලා... අවුරුදු විසි ගානක් එකම ගෙදර හිටියම ඒක අයිති වෙන්නෙ හිටපු අයට කියලා. ලොකු අම්මලාට පුතාල දෙන්නෙක් ඉන්නේ...දැන් දෙන්නම කසාද බැදල. මේ ගෙදර පොඩි පුතාට ලියන්නයි එයාල ඉන්නේ...
උපාධියක් ගත්තත් තවම මට රස්සාවක් ලැබුනේ නැති නිසා ගෙදර වැඩ ටික එහෙම කරගෙන පාඩුවේ ඉන්නව මන්. රස්සාවක් ලැබෙනකම්. මට රස්සාවක් නොලැබෙන තැනට තමයි එයාලත් වැඩ කරන්නේ.....මන් ඉන්ටර්වීව් එකකට යන්න ගියත් එයාල මගේ හිත කඩලා තමයි මාව ගෙදරින් එලියට දාන්නේ... ඒ නිසාම මන් ඉන්ටර්වීව් වලට එන්න කියලා කම්පැනි වලින් කෝල් කරලා කිවත් ගිහින් නැහැ. රස්සාව නොලැබුනාම එහෙම එයාල මට විහිලු කරන නිසා.
ආ තව දෙයක්....මගේ අප්පච්චිගෙන් මට ලැබෙන සල්ලි අනම් මනම් සේරමත් මෙයාලා මාව පොඩි කාලෙ ඉදන් මාවත් බැංකු ගානේ අරන් ගිහින් ගත්තා. ඒ කාලේ වෙනසක් නොකරපු නිසාත් පොඩි නිසාත් මට ඒවගේ තේරුමක් තිබුනේ නෑ...
කතාව මෙහෙම වෙද්දි දැන් තත්වේ වෙනස් වෙනවා.... මට උරුම කමක් තිබුන මගේ ගෙදර මට දැන් ඉන්න බැරි වීගෙන එනවා....
අවුරුදු 25ක් විතර එයාල හිටපු නිසා දැන් ගෙදර එයාලගෙලු.

මට එයාලව එලවල මේ ගෙදර අයිති කර ගන්න ඕනි නැහැ. ඒත් මේක අපේ අප්පච්චි හදපු නිසා මට ඉන්න හරි අයිතියක් ඇති කියලා හිතනවා...
මේ වෙනුවෙන් මට මොනවද කරන්න පුලුවන්.... මට අප්පච්චිගේ දේපල වලින් හරි කන්න අදින්න දීල උගන්වපු නිසා මට මුල අමතක කරන්න බැහැනේ......එයාලා බොරුවට මට ආදරේ කරාට මන් එයාලට ඇත්තටම ආදරෙයි. මන් එයාලට කතා කරන්නේත් අම්මා අප්පච්චි කියලා. දන්න විදියට මට උදව් කරන්න…
මන් මේකට ආවේ අලුතෙන්....මෙහෙම් කතාවක් එෆ්.බී එකේ දාල උදව් ඉල්ලන්න බැරි නිසයි මෙහෙම ලිව්වේ....
:(
 

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
උන් අවුරුදු 25ක් හිටියට උඹත් හිටියානෙ උන් එක්කම ඒක නිසා එහෙම අයිතියක් උන්ට ලැඹෙන්නෙ නැහැ
පොලිසි පලයන්

උන් කෝටි 100ක් වියදම් කරලා ගෙවල් හැදුවත් වැඩක් නැහැ උඹගේ තාත්තගේ ඉඩමේ :P
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    Better get an assistant from a lawyer. gedara hitiya paliyata nan aithi wenne na..Ubalage Dadage namata oka tiyenawanan. Aniwa ubata thamai oke aithiya...