මට එපා මල් වඩම්...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මට එපා මල් වඩම්...

    මට එපා මල් වඩම්...කුමකටද උඩු වියන්...
    මගෙ මිණිය නොවසන්න...අනගි සළු පිළි වලින්...
    ජීවිතේ කිසි දිනෙක මගෙ දෙපා නොම ගැටුණු...
    අනගි විල්ලුද පලස් මත මිනිය නොතබන්න...

    මග දෙපස නොසරසනු මැනවි... ගොක් රැහැන් ඇද...
    නො එලන්න පාවාඩ නොඉසින්න විලඳ පොරි...කුණ රැගෙන යන මගට...
    කිරි ගරුඬ සොහොන් කොත් සිහිවටන මට එපා...
    ජීවිතේ කිසි දිනෙක නොම ඇසුනු ගුණ කථන...මළායින් පසු එපා...

    යමෙකු හට සළකතොත් ජීවත්ව සිටිද්දියි...මළායින් පසු කරන විහිළු නම් මට එපා...
    ගොඩ ගසා දර කඳන් නොමදවා එමළකුණ...
    ඉතාමත් අඩු මිලට රැගෙන විත් පෙට්ටියක්...
    ඔතා දළ රෙදි කඩක බහා කුණ ඒ තුළට...


    මා ජනිත වූ බිමට වැඩක් වන පිණිස...
    එය රැගෙන ගොස් බාර දෙනු මැනවි වෙද විදුහලට...
    මගේ නෙත් දෙක දෙනු මැනවි සමිතියට අක්ෂිදාන...
    ඈත පිට පෙදෙස්වල සිටින නෑ මිතුරන්ට..
    කරදර වන ලෙසට නොකියන්න මළගම...

    -සමීපතම නෑයෙක්ගේ මළගමකදි බෙදා දුන් පත්‍රිකාවකි-
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවිපෙලකින් උවත් ගන්නට බොහෝ දේ ඇතිනිසා ඔබට පින් සමග රෙප් ලබාදෙමි
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif