මට තාරයි පොල්කිරියි දෙකම එකයි
මට තාරයි පොල්කිරියි දෙකම එකයි
24 ජුනි, 2017
ඉනෝකා පෙරේරා බණ්ඩාර
අශෝක සිරිවර්ධන / සභාපති - බිටුමික්ස්
මමත් දාඩිය පෙරාගෙන වැඩ කරපු සේවකයෙක්. තාර හදනවා. ලැබ් එකට ගිහින් ටෙස්ට් කරනවා. බඩුත් පටවනවා...
* කොකා කෝලා රෙසිපියේ තිබෙන්නේ අපේ කුරුඳු. ඒත් යන්නෙ පිටරට හරහා
* අත්දැකීම් කියන්නෙ ඔබව පදං කරන ශක්තිය. පදං වෙන්න ඕනෙ හොඳ දේ අරගෙන
ඔහුට විද්යා උපාධියක් තිබෙයි. ඒ නිසා ම කවුරුත් නොකරන වෙනස් දෙයක් හදන්නට ඔහුට සිතෙයි. උපාධියේ දැනුමත් රස්සාවේ අත්දැකීම් සහ පුහුණුවත් එකට එක්කොට ඔහු තාර නිපදවයි. දිනෙක ක්ෂේත්රයේ දැවැන්තයා වී අතුපතර විහිදූ විසල් ව්යාපාරයක් හදයි. එතැනින් නොනැවතී අපේ රටේ කුළුබඩු හඹා යයි.
ලංකාවට තාර නිෂ්පාදනය කළ පළමු තනි ශ්රී ලාංකිකයා ඔබ...
ඔව්. ලංකෙම් සමාගම පමණක් නියැළී හිටපු ලංකාවේ තාර නිෂ්පාදන ක්ෂේත්රයට, මම අත ගැහුවේ තනි ව්යාපාරිකයෙක් විදියට. ඒක ලොකු චැලෙන්ජ් එකක්. මගේ අභියෝගය තිබුණෙ ඒ සමාගමට එරෙහිව නෙවෙයි. ‘ප්රොෆෙෂනලි’ හොඳ ම තාර නිෂ්පාදන සමාගමක් බවට පත්වෙන්නේ කොහොමද කියන එක විතරයි.
ඒ අභියෝගය ජයගන්න ඔබ මොනවද කළේ...
පාරවල් හදන්නේ කැලැන්ඩර් බලලා නෙවෙයි. වැඩ පටන්ගත්තම එක දිගට ම කරනවා. පෝය නිවාඩු සති අන්ත එතැනදි වැඩක් නැහැ. ‘On time delivery’ කියන දේයි, මේ ක්ෂේත්රයේදි ඉතාම වැදගත්. ඒක ටිකක් වියදම් සහගත වැඩක්. හැබැයි හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා නම් මේ කාරණය අංක එක. ඒ වගේ ම, මොන හේතුවක් නිසාවත් ප්රමිතිය අඩු කළේ නැහැ. ඒක ආයතනික ප්රතිපත්තියක් බවට පත් කළා. අලුත් තාක්ෂණය භාවිත කළා. Quality, Technology සහ Innovation... මේ කාරණා තුන තමයි අපේ සාර්ථකත්වයට බලපෑ ප්රබල සාධක.
තාර ක්ෂේත්රයේ විසිරී පැතිරෙන්න තිබෙන අවස්ථා අඩුද...
ඕනෑවටත් වඩා තිබෙනවා. අපේ ප්රධාන සමාගම වගේ ම, තාර ආශ්රිත විවිධ නිෂ්පාදන කරන තවත් කොම්පැනි හතරක් අපිට තිබෙනවා. ඊට අමතරව පොල් ආශ්රිත නිපැයුම් කරන සමාගමක් තිබෙනවා. අපේ සෑම ව්යාපාරයක් ම ඉස්සරහට යන්නේ අගය එකතු කළ නිෂ්පාදනත් එක්ක. අපි එහෙම පාඩු ලබපු වහන්න ගිය පොල් කර්මාන්තශාලාවක් ගත්තා. ඒ ෆැක්ටරිය අද, පොල් මද ඇසුරින් කරන නිපැයුම්වලින් විදෙස් විනිමය ගෙනෙන, ලංකාවේ තුන්වැනි ලොකු ම එක්ස්පෝටර් බවට පත් කර තිබෙනවා. ලංකාවේ මුලින් ම තැඹිලි වතුර පිටරට යැව්වෙ අපි. වහන්න යද්දි මේ කොම්පැනිය අපි ගත්තෙ සේවකයන් 60 ගණනක් සිටියදි. අද එය රුපියල් බිලියන 1.5 ක වාර්ෂික ආදායමක් රටට ගෙනෙන හත්සිය ගණනකට රැකියා හැදූ විශාල ආයතනයක්.
මොනවද ඔබට ආවේණික ව්යාපාරික ක්රමවේද...
මූලික සිද්ධාන්ත ගැන මං හුඟක් වද වෙනවා. මම සුද්දෙක් නම් මම මොනවද හොයන මූලික දේ. අති පිරිසුදු භාවය, ඉහළ කොලිටිය, විශ්වාසය, වේගවත් සන්නිවේදනය කියන කාරණා බිස්නස් එකේදි ප්රබල ලෙස මට අදාළයි. මම වැඩ කරන්නේ විදෙස් වෙළෙඳපොළකට, එහෙනම් තාර වුණත් එකයි. පොල් කිරි වුණත් එකයි. මං සල්ලි හොයන්නෙ තාර සහ පොල්කිරිවලින් කළු සහ සුදු වලින්. ඉතින් හැම දේටම අගයක් එකතු කළ විට වෙළෙඳ ලෝකයේ තැනක් නිර්මාණය වනවා.
ඔබ හදන්නේ, ලංකාවේ කුළු බඩුවකින් ම තෙල් හදන්නද...
මං ඒක පටන් අරන් ඉවරයි. ලෝක ප්රකට කොකාකෝලා රෙසිපියේ තිබෙන්නේ ශ්රී ලන්කන් කුරුඳු. හැබැයි යන්නෙ පිටරට හරහා. ගම්මිරිස්, කුරුඳු පොතු කොළ, ඉඟුරු, කරදමුංගු, කරාබුනැටි මේ හැම දේකින් ම හදන තෙල්වලට ලෝකෙ විශාල ඉල්ලුමක් තිබෙනවා. ආහාර රස ගන්වන්න, රූපලාවණ්ය නිෂ්පාදන හදන්න, ඖෂධ හදන්න, මේවා ලෝක වෙළෙඳපොළේ හුවමාරු වනවා. ඉතින්, අපේ රටේ මෙච්චර කුළුබඩු තියෙද්දි, ලෝකෙ මහ ඉල්ලුමක් තිබෙද්දි ඇයි මං ඒවා නොහදන්නේ.
බිටුමික්ස් පවුලේ ව්යාපාරයක් ද...
ඔව්. මම සහ මගේ බිරියගේ සමාගමක්. මම කිසිම දවසක ව්යාපාර පුළුල් කරන්න කියලා හවුල්කාරයො ගාව ගන්නෙ නැහැ. මට යම් දැනුමක් අවශ්ය නම් ඒක මං ‘හයර්’ කරනවා. මගේ කිසි ම ව්යාපාරයකට අනාගතයේවත් කිසිම හවුල් සම්බන්ධකම් ඇති කරගන් නෑ. හේතුව බිටුමික්ස් ෆැක්ටරිය මම පටන් ගත්තෙ, හිතවතුන් දෙදෙනෙක් අධ්යක්ෂවරු වෙලා ඉඳපු පහුකාලීනව විරසකවීම් නිසා බංකොලොත් වී වසා දැමුණු ෆැක්ටරියකින්. පටන් ගන්නකොට තිබෙන හිතවත්කම් හෝ අවබෝධය නෙවෙයි, කල් යන කොට තිබෙන්නේ, කියන පාඩම මම ඔවුන්ගෙන් ඉගෙන ගත්තා.
මිටුමික්ස් සමාගමේ ආරම්භය කොතැනද...
මං නවසීලන්තෙ ඉඳන් එනකොට තිබුණෙ ලක්ෂ හතරයි. තාත්තා දීපු ඉඩමින් කෑල්ලක් විකිණුවා. ලක්ෂ විස්සක් හදාගත්තා. මං බැංකුවට ගියා. මැනෝජර් මුණ ගැහුනා. මගේ අවශ්යතාව කිව්ව ම, මැනේජර් මට යෝජනා කළා ‘මං දන්න කෙනකුගේ කෙමිකල් ෆැක්ටරියක් තිබෙනවා. කලගෙඩිහේනේ ගිහින් බලන්න...’ කියලා. කැලෑ වැදුණු ෆැක්ටරියක්. නමුත් අවශ්ය මූලික පහසුකම් ටික තිබුණා. ලක්ෂ 15ක බැංකු ණයක් අරන් එංගලන්තෙන් ප්රධාන මැෂිම ගෙනාවා. ඒකත් තිබුණු පොඩිම මැෂිම. හේතුව අතේ තිබුණු මුදලට සෑහෙන්න ඕනෙ නිසා. පළවෙනි මාසෙ ඉඳල ම අපි මාකට් එකට තාර නිෂ්පාදනය කළා.
බැංකු ණයත් මැෂිමට යෙදව්වා නම්, ලක්ෂ 20කින් කොහොමද ෆැක්ටරියෙ වැඩ පටන් ගත්තෙ....
ඒ දවස්වල වේයන්ගොඩ පෙහෙකම්හල වහලා, ඒකෙ මැෂින් යකඩවලට විකුණනවා. කලගෙඩිහේනේ සහ ගම්පොළ පරණ යකඩ බඩු විකුණන තැනකට ගියා. මේවායින් මට අවශ්ය පරණ පොම්ප, මෝටර්, උපාංග අඩු ගාණට හොයා ගත්තා. රසායනික ද්රව්ය පිළිබඳ වගේ ම, මට මෝටර් හා මැෂින් සවිකිරීම්, වෙල්ඩින් හා නඩත්තුව පිළිබඳ හොඳ තාක්ෂණික දැනුමක් අවබෝධයක් තිබෙනවා. ඒකට ම හරියන හිතවත් ටෙක්නිෂියන් කෙනෙකුත් හම්බවුණා. අපි අපිට ගැළපෙන විදියට මේවා හදා ගත්තා. අපිට ෆෝක්ලිෆ්ට් එකක් තිබුණෙ නැහැ, අපි පොඩි අට්ටාලයක් හදාගෙන, ඒකට ලොකු චේන් එකක් සම්බන්ධ කරලා අට්ටාලෙ උඩට බඩුටික ඇදලා තමයි වාහනේට දැම්මේ. ඒවා අපි ම හිතලා හදාගත්තු ක්රම.
ඔබේ පළමු නිෂ්පාදන තොගය කාටද දුන්නේ...
අදටත් ලංකාවේ මහා මාර්ග ඉදිකිරීම්වල නියැළිලා ඉන්න ‘කියැන් - ඈම්’ කියන කොරියන් සමාගමට. ඒ වෙලාවෙ ඔවුන් රත්නපුර - බලංගොඩ මහා මාර්ගය හදන්න අපේ තාර පාව්චිචි කළා. ලංකෙම් හැරෙන්න වෙන තරගකාරයෙක් නොහිටි නිසා මුල මාසෙ ඉඳල ම අපි ලාභ ලැබුවා. අපි වැඩ කළේ තරගයක් තියෙනවා කියලා හිතාගෙන.
‘බිටුමික්ස්’ අර්ථය කුමක් ද...
බිටුමන් කියන්නේ තාරවලට කියන බ්රිතාන්ය නම. බිටුමන් සහ මික්චර් කියන වචන දෙකේ එකතුවෙන් හදපු නමක් තමයි ‘බිටුමික්ස්’ කියන්නේ. මම නවසීලන්තෙ හිටි කාලයේ පදිංචිව උන්නේ ඔක්ලන්ඩ් ප්රදේශයේ. ඒ ප්රදේශයේ තිබුණා මේ නමින් ම තාර නිෂ්පාදන සමාගමක්. උදේ හවස වැඩ යද්දි, මං ඒ කොම්පැනිය දිහා උවමනාවෙන් බලනවා. මොකද මංවැඩකරපු ෆීල්ඩ් එකනේ. ‘මාත් ලංකාවට ගියේ මේ වගේ දෙයක් පටන් ගන්න ඕනේ...’ එහෙම හිතනවා.
ඔබට තාර නිෂ්පාදනය පිළිබඳ තිබෙන දැනුම සහ පසුබිම කුමක් ද...
2003 අවුරුද්ද විතර වෙනකල් රටට අවශ්ය තාර ප්රමාණය සීමා සහිතයි. ඒ, ටොන් 2000 ක විතර ප්රමාණය අපේ රටේ පෙට්රොලියම් කෝපරේෂන් එකේ ම හැදුවා. ඒ තාර භාවිත කරලා කරපු නිෂ්පාදන පරාසයක් තිබෙනවා. ඒවා හැදුවෙ ලංකෙම් සමාගමේ. අන්න ඒ කාර්යයට 1981 ඉඳන් දායක වෙච්චි කෙනෙක් මම. තාර නිෂ්පාදනය විශේෂ කර්මාන්තයක්. මේ පිළිබඳ නිවැරැදි ම තාක්ෂණික සහ විද්යාත්මක දැනුමක් ලබන්න ලංකෙම් සමාගමේදි අවස්ථාව ලැබුණෙ මට විතරයි.
මොනවද ඔබට තිබෙන ජාත්යන්තර අත්දැකීම්...
මේ සේරම අතැරලා දරු දෙන්නයි බිරියයි මමයි නවසීලන්තෙ පදිංචියට ගියා. එහෙදි මම අවුරුදු දෙකක් ම වැඩ කළේ සත්ව ආහාර සමාගමකට. ඒ රස්සාව ලැබෙන්න කලින් ෆ්ලෝ ක්ලීනින් මැෂින් විකිණුවා. අධ්යාපන කැසට් විකිණුවා. හෝම් කෙයාර් කියන ආයතනයේ පොඩි පොඩි උපාංග විකිණුවා. හැම පාරකම ගෙදරින් ගෙදරට ගිහින්, සුනඛ ආහාර ගැන බිස්කට් ගැන මාකට් සර්වේ කළා. අවුරුදු තුනකට පස්සෙ මං ආවේ ලංකාවෙ හිටියා නම් කවදාවත් නොකරන මේ වගේ වැඩ කරලා ලබපු අත්දැකීම් සමූහයක් එක්ක.
මේ ගෙවෙන්නේ ඔබේ කර්මාන්තයට හොඳ කාලයක් ද...
නැහැ. ව්යාපෘති අඩුයි. මාර්ග ඉදිකිරීම් ක්ෂේත්රයේ සියයට පණහක පහත වැටීමක් සිදුවෙලා. 2013 අග වෙද්දි පිටරටටත් යවලා. තාර ටොන් 12,000 - 16,000 ක් ලංකාවේ පාවිච්චි කළා. අද වෙනකොට තාර
භාවිතය ටොන් 8000 ට බැහැලා.
තාර නිෂ්පාදන ක්ෂේත්රයට ‘බිටුමික්ස්’ එක් කළ අලුත් දේ මොනවද...
අපේ රටේ මහා මාර්ග ඉදිකිරීම් සඳහා තව ම භාවිත කරන්නේ 80 - 90 ගණන්වල තාක්ෂණය. දැන් ලෝකෙ ඊට වඩා ඉදිරියට ගිය, ‘පොලිමර් මොඩිෆයිඩ් බිටුමන්’ වැනි, තාර පාරක දිගු කල් පැවැත්මට බලපාන අලුත් තාක්ෂණික නිෂ්පාදන පැමිණ තිබෙනවා. අපි මේ ක්රම භාවිත කරනවා. ඒ වගේ ම ලංකාවෙ සංයෝජිත තාර හදලා පළමු ව තාවට පිට රටට යැව්වෙත් අපි, බිටුමන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම හැදුවෙත් ඒ වෙනුවෙන්මයි.
අලුතින් හදන පාරවල් මේ තරම් ඉක්මනට කැඩෙන්නෙ ඇයි...
ඔය ප්රශ්නෙ හුඟක් ම බලපාන්නේ ප්රාෙද්ශීය සහ ග්රාමීය මට්ටමින් ඉදිකෙරෙන පාරවල්වල. පිළිගත් සමාගමක් එහෙම කරන්නෑ. පාරක් හදද්දි ලංකාවේ පළාතක දේශගුණය, බරපංතිය පාරේ ස්වභාවය ඒ කියන්නෙ කඳු ද පල්ලම් ද කියන කාරණයා සහ ගල්වල කොලිටිය සලකා බැලෙනවා. මේ අවශ්යතාවන්ට ගැළපෙන්නයි තාර මිශ්රණය වැරගන්වන්නේ. ඒ වගේම පාරකට තිබෙන ලොකු ම හතුරා වැස්ස. පාරක් හරියට නඩත්තු නොකෙරුණොත් බර වාහන ගියාම මොන පාරක වුණත් සිහින් ඉරි තලනවා. අව්වට මේවා තව ඈත් වෙනවා. වැස්සෙදි වතුර පිරෙනවා. පාරේ ජල බැස්ම හරියට නැත්නම්, පාර නඩත්තු නොකෙරෙනවා නම් අවුරුද්දක් යද්දි පාර ඉවරයි.
මේ ආයතනය වෙනුවනේ ඔබ වැඩිපුර ම මහන්සි වූ යුගය මතකද...
අද සේවකයෝ එක් දහස් ගණනක් හිටියට මං පටන් ගත්තෙ තුන්දෙනකුගෙන්. මමත් එතැන දාඩිය පෙරාගෙන වැඩ කරපු සේවකයෙක්. තාර හදනකොට හදනවා. ටෙස්ට් කරද්දි ලැබ් එකට ගිහින් ටෙස්ට් කරනවා. බඩු පටවද්දි පටවනවා. මාකට් එකට යනකොට, ටයි එකක් දාගෙන ගිහින් කතා කරනවා. ඒ පළමු අවුරුදු දෙක තුන ම ගෙවුණෙ අධික මහන්සියක් එක්ක. විඩාවක් එක්ක.
ඔබට අනුව යම් ඉලක්කයක් කරා යා හැකි සාර්ථක ම ක්රමය කුමක් ද...
උදේ හවා ඒ ගැන හිතන්න. කොළයක අඳින්න. මං එහෙමයි. නවසීලන්තෙ ඉඳන් ආවට පස්සෙ ලක්ෂ තුන හතරක් අතේ තියන් මං ලොකු ෆැක්ටරියක් ගැන නිතර හිතුවා. හැම තිස්සෙ ම මගේ අත ගියේ මම ම ෆැක්ටරිය අඳින කුරුටු ගාන කොළේට. මං ඒකට අලුත් දේවල් හිතුවා. වෙනස් කළා. මගේ ඉලක්කයට යනකල් රෑ නින්දට යද්දිත් උදේ නැගිටිද්දිත් මං හිතුවෙ ඒ ගැන. එක තැනකින් වැඩේ පටන් ගත්තා. ඔබේ උනන්දුව සහ උවමනාව මත ඔබට නොදැනීම පාරක් හැදේවි.
ඔෙබ් ජීවිතයට ලොකු ම බලපෑමක් කළ පුද්ගලයා කවුද....
තාත්තා. ඊළඟට අම්මා. මගේ තාත්තා වැඩිය කතා බහ නොකරන කෙනෙක්. අපිට වුණත් නිතර අවවාද කළේ නැහැ. හැබැයි එක දවසක් තාත්තා මට කිව්වා, ‘පුතා ඔයා ඉගෙන ගන්න ඕනේ, මේ ලෝකෙ කාටවත් අත නොපා ජීවත් වෙන විදිය. තමන්ගේ දේ කළමනාකරණය කර ගන්න විදිය...’ ඒ කතාව මගේ හිතට තදින් ම වැදුණා. මගේ ජීවිතයට අලුත් ජවයක් එන්නෙ එතැනින්.
එතකොට අම්මා...
මහන්සිවෙලා වැඩකරන විදිය මං ඉගෙන ගත්තෙ අම්මගෙන්. වත්තෙ පිටියෙ වැඩ, කුඹුරු වැඩ, කිරි හරකුන්ගෙන් කිරිගන්න සහ උන්ට සලකන්න අම්මා ලමයි හත් දෙනාවම සහභාගි කරවා ගත්තා. වැඩ පැවරුවා. වගකීම් දුන්නා. මගේ අයියලා දෙන්නා, මම, නංගිලා තුන්දෙනා සහ මල්ලී.... අපි හැමෝම මේ වැඩ, කළ යුතු ම වුණා. අදටත් මම නොනවතින මහන්සියකින් වැඩ කරනවාද, ඒ තමයි අම්මාගෙන් ලැබුණු ආභාෂය.
ව්යාපාර ඥානය ඔබට පවුල් උරුමයක් ද...
ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හවසට මං දුවන්නෙ අපේ පෙට්රල් ෂෙඩ් එකට. තාත්තා මට එපා කිව්වෙ නැහැ. මං වාහනවලට පෙට්රල් ගහනවා. බිල් ලියනවා. අවුරුදු දහතුන වෙද්දි ෆෝම් පුරවන්න, බැංකුවට සල්ලි දාන්න යන්න... ඊළඟට ඔඩ්ර්ස් අරන් කොළඹ යන්න ඔය හැම දේම කළා. ගොයම් කපපු කාලෙට කරත්තෙ පටවන් ගිහින් අඳ ගොවීන්ගෙ වී කොටස් බෙදන්න තාත්තා බාරදුන්නෙත් මට. මුදල් ගනුදෙනු විතරක් නෙවෙයි, මිනිස්සු එක්ක සමාජය එක්ක කරන ගනුදෙනුවෙ, මට මුල් ම ජීවිත පාඩම වුණේ මේ අත්දැකීම්.
පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...
මෙග් පුංචි ම කාලෙ ගෙවුණෙ තෝලංගමුව සෙන්ට්රල් එකේ. ඒ කාලෙ ඉඳන් පොත් කියවන්න ආසා වුණා. අතට අහුවෙන හැම පත්තර කෑල්ලක් ම කියෙව්වා. ඊළඟට හතේ පන්තියේ ඉඳන් ගියේ කොළඹ තර්ස්ටන් එකට. එතකොටත් ඒ පුරුද්ද එහෙමමයි. ඒ විතරක් නෙවෙයි, ඇලේ දොළේ නාපු, සරමට මාළු අල්ලපු, දං බෝවිටියා කැලේ පැනපු ළමා කාලයක් මට තිබුණා. කොළඹ ළමයින්ගෙ ලෝකයත් ගමේ ළමයින්ගෙ සුන්දරත්වයත් එක වගේ විඳපු කෙනෙක් මං. ඒ සියල්ල මැද අපේ පවුලෙන් ඉස්සරවෙලා ම විශ්ව විද්යාලෙ ගියෙත් මම.
ඒ කියන්නෙ ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ....
නැහැ. මම දක්ෂයෙක් නෙවෙයි. හැබැයි මට ලොකු වුවමනාවක් තිබුණා. ඕ ලෙවල් හොඳට කරගන්න. ඒ නිසා මං හරියට මහන්සි වෙලා පාඩම් කළා. ඕ ලෙවල් හොඳින් ම පාස්. ඒත් ඇඩ්වාන්ස් ලෙවල් හොඳට කරගන්න බැරි වුණා. මං විභාගෙ ආසාව අත්හැරියා. ජොබ් එකකට දැම්මා. ඒක ලැබුණෙත් නැහැ. අවුරුද්දකට පස්සෙ මට ම තේරුණා. මෙහෙම ඉඳලා ජීවිතේ ගොඩ දාගන්න බැරි බව. මං ආපහු හිතට අරන් ඇඩ්වාන්ස් ලෙවල් කළා. ප්රතිඵල බී එකයි, සී තුනයි. මම කොළඹ විශ්ව විද්යාලෙට තේරුණා.
ඒත් ඔබ ගියේ පේරාදෙණියට...
හේතු කිහිපක් නිසා මං සුහද මාරුවක් ගත්තා. කොළඹ විශ්වවිද්යාලය තියෙන්නෙ අපේ ඉස්කෝලෙට අල්ලපු වැටේ. මට ඒක ආපහු ඉස්කෝලෙට යනවා වගේ ගමනක්. මං හොස්ටල් ජීවිතයකට කැමැත්තෙන් හිටියා. ඊළඟට මුළු කාලෙ ම වේවැල්දෙණියෙ ඉඳන් ඉස්කෝලෙ ආපු නිසා ගෙදරයද්දි හැමදාම හවස් වුණා. ආසාව තිබුණට මේ දුර ප්රශ්නෙ නිසා මට එක ම ක්රීඩාවක්වත් කරගන්න බැරි වුණා. උපාධිය වගේ ම මේ සේරමත් සපුරා ගන්න ඕනෙ නිසා මං පේරාදෙණියට ගියා. අවුරුදු තුන ම කැම්පස් එකට රග්බි ගැහුවා. වර්ණලාභියෙක් වුණා.
දුක් අමාරුකම්... අරපිරිමැස්ම ඒ ළමා කාලයේ අත්විඳ තිබෙනවද...
අපේ තාත්තා වේවැල්දෙණිය ගමේ උප තැපැල් ස්ථානාධිපති. 1961 තාත්තා තමයි වේවැල්දෙණියේ පළවෙනි පෙට්රල් ෂෙඩ් එක ඇරියේ. තාත්තට සල්ලි තිබුණා. ඒත් හැමදේ ම ඕනෑවට වැඩිය ලැබුණෙ නැහැ. ඉස්කෝලෙ යන්න ලැබුණෙ සත පණහයි. යන්න එන්න බස් එකට සත තිහයි. ඉතුරු සත විස්සෙන් තමයි කන්නේ.
මොකක්ද ඔබේ පළමු රස්සාව...
1981 ඔක්තෝබරයේ ෆයිනල් එක්සෑම් ලියපු මම, 81 දෙසැම්බරයේ ම ‘රෝයල් ඩච් ෂෙල්’ සමාගමේ ශ්රී ලාංකික ආයතනය වූ ‘ලංකෙම්’ වෙත යනවා. ඒ, ප්රතිඵල එන්නත් කලින්. පෙට්රෝලියම් සහ ඒ ආශ්රිත රසායනික නිෂ්පාදන රැසක් කරපු ලංකෙම් සමාගමේ තාර නිෂ්පාදන අංශයේ මිශ්ර කිරීමේ සුපරීක්ෂක තමයි මගේ පළමු රස්සාව. ඒ තමයි මගේ පළමු ඇප්ලිකේෂන් එකත්. මගේ විද්යාවේදි උපාධියේ සමහර විෂයන් මං සම්පූර්ණ කළේ මේ රස්සාවෙ ඉන්න ගමන්. අවුරුදු දහතුනකට පස්සෙ මං එතැනින් අයින් වෙන්නෙ ෆැක්ටරි මැනේජර් කියන ඉහළ කළමනාකරිත්වයේ ඉඳිද්දි. සියලු ම මෙහෙයුම් කටයුතු වුණේ මං යටතේ.
ඔබ ජ්යෙතිෂ්ය විශ්වාස කරනවද...
තරමක්. මට නැකැතත් කියන්නෙ ඉලක්කයක්. මං සමහර වෙලාවට කොම්පැනියෙ අයට බොරු නැකැත් කියලා තියෙනවා. අහවල් දවසෙ අහවල් වෙලාවෙ නැකැත කිව්ව ම ඒ අය ඒ දේට තිතට වෙලාවට ලෑස්ති වෙනවා. එහෙම කරන්නෙ ඔවුන් ඉලක්කයකට රැගෙන යන්න.
මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්යය....
කිහිපයක් තිබෙනවා. ප්රධාන දේ විශ්ව විද්යාලයට තේරීම. පේරාදෙණි ගිහින් මං ඉගෙන ගත්තෙ කෙමිස්ට්රි, ෆිසික්ස්, මැත්ස් නෙවෙයි. ජීවත්වීමේ කලාව. රෝයල් එකෙන් ආපු තරුණයයි, ගමේ ඉස්කෝලෙන් ආපු තරුණයයි එකම සිදුවීමකට මුහුණ දෙන්නෙ කොහොමද කියලා මං දැක්කෙ පේරාදෙණියෙදි. සමාජගතවීම මිනිසුන් හා ගනුදෙනුව මං ලබපු ලොකු ම ජීවිත පාඩම. ඊළඟ එක තමයි මගේ ම බිස්නස් එකක් පටන් ගැනීම.
ඇයි ඔබේ ගෙදර මිදුලෙ මේ තරම් අරලියා ගස්...
සුදු අරලියා මං කැමැති ම ගහ. මේ මිදුලෙ මල් පිපුණු සුදු අරලියා ගස් දහයක් පහළොවක් තිබෙනවා. මගේ ෆැක්ටරිවලත් වවලා තියෙන්නෙ සුදු අරලියා. සමහරු නම් කිව්වා ‘ඒක පංසල් ගහක් ගෙදරට හොඳ නැහැ...’ කියලා. මං බුදු දහමට ලැදි කෙනෙක්. මට නම් මේ ගස් හරි ම සිරියාවයි.
හම්බ කරන දෙයින් ටිකක් සමාජයට දෙනවද...
ඉගෙන ගන්න කැමැති මේ රෙට් දුප්පත් දරුවො වෙනුවෙන් ‘සිසු සෙනෙහස’ නමින් ශිෂ්යත්ව වැඩසටහනක් කරනවා. උදව් කරලා, ඔවුන් ඉගෙන ගන්න හැටි පසු විපරමක් කරනවා. මේ රටේ අඟහිඟ ඇති පවුල්වල එහෙම දරුවො ඉන්නවා නම් අපේ ආයතනයට ලිඛිතව දන්වන්න පුළුවන්.
ඔබ ඔබේ දරුවන්ට සමීප තාත්තෙක් ද...
හුඟක්. මගේ පුතාලා දෙන්න ම උපාධිධාරින්. ඒ දෙන්න ම දැනුමින් සුදුසුකම් ලැබූ පසුයි, ව්යාපාරවලට එන්නේ. ව්යාපාර නැතත් ඒ දෙන්නා ස්වාධීනයි. යහපත් ආකල්ප තිබෙනවා. ඒ ගැන සතුටුයි. මගේ බිරිය නීතිඥවරියක්. දැන් වැඩ කරන්නේ අපේ කොම්පැනියට විතරයි.
ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කියන්න.
තාර කළු යි. රළුයි. ඒ වුනාට පාරකට හොඳ පදනමක් වැටෙන්නෙ තාරවලින්. ජීවිතේ හැම අත්දැකීමක් ම ඒ වගේ. අත්දැකීම් කියන්නෙ ඔබව පදං කරන ශක්තිය. ඔබ පදං වෙන්න ඕනෙ හොඳ දේ ගැඹුරට ම තැන්පත් කරගෙන විතරමයි. ඔබත් ජීවත් වෙන්න. අනෙක් අයටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න! එච්චරයි.
ඡායාරූප - විමල් කරුණාතිලක