මට සෝෂල් ෆෝබියා තිබුණා (දැනටත් ටිකක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රමාණයක්). මම පට්ට අකමැතියි අනිත් අයගෙ හිත රිද්දන්න. මොනා හරි දෙපිට කැපෙන වචනයක් කියන්න ගියොත් අනිවා හිතනවා කියන්න කලින්. මම කපටියි. හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය අයට විතරයි. සමාජ දැනුම අවුලක් නෑ. සෝෂල් ෆෝබියා කියන්නෙත් මට තියෙන්නෙ මෙහෙම දෙයක්. මට strangers ලා අතරට යන්න පුළුවන් කිසිම බයක් නැතුව. පට්ට confidence පිට. හැබැයි අපි හිතමු මම දවසකට කිලින් අඳුර ගත්ත අය ඒ කියන්නෙ personally දන්න අය, නෑදෑයො, ඔෆිස් එකේ කට්ටිය (යාළුවො ගැන එහෙම හිතෙන්නෑ) වගේ අපිව නිතර judge කරන්න හදන කට්ටිය එක්ක move වෙන්න ටිකක් බයයි. මොකද එයාල අපිව නිතර judge කරන්න ඉන්න නිසා මම මොනා හරි දෙයක් කිව්වොත් මම පිස්සෙක්, අඩු කුලේ එකෙක්, එයාල මාත් එක්ක තරහ වෙයි, එයාගෙ හිත රිදෙයි, මාව ලැජ්ජාවට පත් වෙයි කියල හිතෙනවා. කොටින්ම විහිළුවක් කරන්නත් හිතේ පොඩි චකිතයක් තියෙනවා.
උදාහරණෙකට අද බෝඩිමේ ඉද්දි මාළු කාරයා ආවා. ඒ මාළු කාරයව මම ටිකක් අඳුරනවා හැම සෙනසුරාදම වගේ මාළු ගන්න නිසා. ඉතින් මාළු ටිකක් අරන් දුන්නම ඇන්ටි මට ඕන විදියට උයල දෙනවා. මම ඇහුවා මාළු කාරයගෙන් මොනාද තියෙන්නෙ කියල. මාළු කාරයා කිව්වා "වෙංගනාවො, සාලයො,..." කියල මාළුන්ගෙ නම් ටිකක් කියාගෙන ගියා. මට කියන්න හිතුණා "වෙංගනාවො වැඩක් නෑ අංගනාවො නැද්ද" කියල. පස්සෙ ඒ මනුස්සයයි බෝඩිමේ ඇන්ටියි මට හිනා වෙයි, පිස්සෙක් කියල හිතයි කියල කිව්වෙ නෑ. ඔය "වෙංගනාවො දැන් ගෙනාවො" වගේ ගොන් කතාවක් කියල ආතල් එකක් දෙන්න ආසයි. ඒත් යටි හිත ඉඩ දෙන්නෙ නෑ ඌ කියනවා "කියන්න එපා! කියන්න එපා! උන් උබට ලැජ්ජ කරයි! උන් උබට හිනා වෙයි!" කියල. යටි හිත නම් මහ කැරිම බල්ලෙක්. මට ගොඩ එන්න දෙන්නෙම නෑ.
මම මොකද්ද කරන්න ඕන බන් ? මම බෙහෙත් ගන්නම් නේද ?