මට නම් දැන් ලංකාව එපා වෙලා තියෙන්නේ ඉස්සර නම් අපේක්ෂි භංගත්වය තිබුනේ යුද්දේ නිසා එත් එ යුද්දේත් අවසන් දැන් සෑහෙන්න කාලයක් වෙනවා කියන්න තරම් ලොකු වෙනසක් නෑ. ලෝකෙට ණය වෙලා යටිතල පහසුකම් ගොඩනැගුවට රටක් දියුණු වෙන්නේ නෑ කියන එක ඔප්පු කරන්න පුලුවන් හොදම සාධකය ලංකාවම තමයි .තව පලක් නැති ව්‍යාපෘති වලින් රටට තවත් බරක් එකතු වෙලා මත්තල,හම්බන්තොට වරාය,සුරිය වැව ක්‍රිඩාංගන හම්බන්තොට කෑලෑ සංවර්ධන වගේ දේවල් තමයි හොදම උදාහරණ.
තවත් දෙයක් නම් ඇති නැති පරතරය වැඩි වීම මේකට නම් බලපාල තියෙන්නේ අපේ රටේ තියෙන ඡරාම දේශපාලන ක්‍රමය හින්දා .ලෝකේ ලොකුම ඇමති මණ්ඩලයක් හදා ගෙන ඔවුන්ගේ පරම්පරාවන්ගේ දියුණුව වඩ වඩාත් වර්ධනය වෙලා සමහරැ දේශපාලනයට ආවේ මොටර් බයිසිකලයක් වැනි වාහන භාවිතා කරමින් .එත් එ අයම අවුරැදු දෙකක් තුනක් යන කොට අධිසුභෝග භොගි වාහන පාවිච්චි කරන්න තරම් පෝසතුන් වෙනවා .මේවා කොහොම වෙනවද කියල නම් උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ .දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නෑ එත් කතා නොකරන නිසාමද මන්ද අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ . ඡන්දේ ඉල්ලන්න එන්නේත් බිස්නස් කාරයොයි ,හොරැ ,කුඩ්ඩෝ , මංකොල්ලකාරයෝ ඉතින් එහෙම මිනිස්සු ඉන්න තැනකට හොද අවංක මිනිහෙක් එන්නේ නෑ .දේශපාලනයත් දැන් පවුලේ දේපලක් වෙලා පාර්ලිමෙන්තුවේ අයගේ පවුලේ උදවිය තමයි පලාත් සබා වල ඉන්නේ .ඉතින් වෙනසක් නෑ තවත් ඔලුගෙඩි ටිකක් ඡනතාවගේ මුදල් ගසා කෑම විතරයි වෙන්නේ .ලංකාවේ මිනිස්සුනට කරන්න දෙයකුත් නෑ යන රැල්ලට මිනිස්සුත් යනවා ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගන්නා රස්සාවක් අරගන්නවා අධාර මුදලක් ගන්නවා ඔය වගේ පටු අරමුණු වලින් තමයි මිනිස්සු වැඩ කරන්නේ. මේ ආන්ඩුවේ හොරැ කියලා විපක්ෂේ ඉන්නේ රටට වැඩ කරන්නද නෑ උනුත් ඉන්නේ හොර කම් කරන්න අවස්ථාවක් ලැබෙන කම් .ඔක්කොම එකයි . දේශපාලනය නිතිය පසිදලන පොලිසිය ,උසාවිය මේ සේරම දුෂණය වෙලා පිලිකාවක් වගේ රටම විනාශ වෙලා . අධ්‍යාපනය අච්චාරුවක් වෙලා පාසල් පද්දතියත් විනාශ වෙලා දුෂණය වෙලා . ඉතින් මේව ඉවසගෙන ඉන්න බැරි උගත් යමක් කමක් ඇති මිනිස්සු වෙන කොහේ හරි රටක පුරවැසිකමක් අරන් එහෙට වෙලා ඉන්නවා ඒ මිනිස්සු දන්නවා ලංකාව ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නවා කියලා දේශපාලන හයිය ශක්තිය නැත්නම් ලංකාව තුල මිනිස්සුන්ට පැවත්මක් නැති වෙලා .......
කියන්න නම් හිතේ ගොඩක් දේවල් තියෙනවා එත් කියලා වැඩක් නෑ අපේ මිනිස්සුන්ට මෙවා සමාන්‍ය කරණය වෙලා .ඇත්තටම ලංකාව නම් කවදාවත් සංවර්ධිත රටක් වෙන්නේ නෑ එහෙම සංවර්ධය වුනත් එන විකෘති සංවර්ධනයක් වෙවි බුහුතරයක් දුක් විදින රටක් වෙවි ..ඇත්තටම මට නම් මේ රටම එපා වෙලා තියෙන්නේ ...