මචන්, මන් මහා ලොකු කෙනෙක් නෙමෙයි. උඹේ හිත හයිය කරගන්න පොඩි වචන දෙක තුනක් කියන්න ආසයි. ඒක උඹට ප්‍රොයෝජනවත් උනොත් මට ලොකු සතුටක්.
උඹ ඉස්සෙල්ලම උඹට දාගෙන තියන self barriers ටික අයින් කර ගනින්. ගොඩක් දෙනා කියන කතාවක් තමයි මන් වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි කියල. ඇයි ඒ? කවුරුත් කතා කරන්න එපා කියල තහනම් කරලා නෑනේ? කතා කරොත් professional type ඒක යයි කියල හිතනවද? එහෙම හිතනවානම් බම්බුව තමයි. නිදහසේ කතා බහ කරපන්, යාලුවෝ ආශ්‍රය කරපන්. A /L upset උනාට ගණන් ගන්නෙපා. මමත් පලවෙනි පාර C S S දාගත්තේ. මානසිකව නොවැටී දෙවනිපාර කරලා B B B දා ගත්ත. උඹට බැරි නෑ, තනි වෙලා නෑ උත්සහ කරලා අයිත් පාරක් කරපන්. හදිසියෙවත් බැරි උනොත් කම්පා වෙන්නෙපා. A / L කියන්නේ තියන එකම විබාගේ නෙමෙයි, ඒක උඹට පස්සට තේරෙයි. ඕන තරම් vocational courses තියනවා, උඹ වෙන මොනවට හරි දක්ෂයෙක්නම් බය නැතුව ඇත ගහපන්. මන් UK ඉන්නේ, මෙහෙ mason හම්බ කරනවා දොස්තරට වැඩිය. එහෙම කිව්වේ උඹත් mason කෙනෙක් වෙයන් කියන්න නෙමෙයි. හීනමානෙ නැති කරගන්න. vocational ඕන තරම් දේවල් තියනවා. උඹගේ නිරවුල් මනස විතරයි ඕන. කලින් කිව්වා වගේ හොඳ යාලුවෝ ටිකක් ඇති කර ගනින්, හොඳ දේ ජීවිතේට ලං කරගනින්. උඹ අවලස්සන වෙලා, මහත් වෙලානම් exercise ටිකක් කරලා fitness හදාගනින්.හුරුවෙන්න දවස් 2-3 ක් යයි. එට පස්සේ නිකම්ම ජීවිතේ එදිනෙද අංගයක් වෙයි. මමත් මේවා කරනවා, වැදි බන නෙමෙයි. ආදරේ කරන්න අසයිනම් කෙල්ලෙක්ට ලං වෙයන්. Nothing Impossible කියල කවුද කිව්වලුනේ.
උඹේ තාත්ත කරපු වැඩේනම් වැරදියි. ඔහොම මානසික ලෙඩ්ඩුත් ඉන්නවා. කමක් නෑ, උඹ දැන් ලොකු කොල්ලෙක්නේ. තව ටික කාලයක් ඉවසල උඹේම කියල නවාතැනකට හරි යන්න idea එකක් තියාගනින්. මොකක් උනත් කමක් නෑ හිතේ තරහක් තියාගන්නෙපා අම්ම තාත්ත නිසා. ඒක උඹට හොඳ නෑ. මැරෙන ඒක නෙමෙයි විසදුම, ජීවත් වෙන එකයි. මේ ලෝකේ ප්‍රශ්න නැති කෙනෙක් නෑ, විසදුම් නැත්තෙත් නෑ.
උඹට තෙරුවන් සරණයි !!