මට පණුවෝ ඕන

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න එකෝමත් එක රටක එක්තරා පුංචි ළමයෙක් ජිවත්වුණා. එක දවසක් මේ ළමයා කෑම කන්න බැහැ කිව්වා. ඉතින් ළමයගේ දෙමව්පියෝ මේ ගැන හුඟක් කළබල වුණා. ඉතින් දින කිහිපයක් බලලා ළමයගේ අම්මයි තාත්තයි චැනල් කරලා ළමයව ළමා මනෝ වෛද්‍යවරයෙකු ළඟට එක් කරගෙන ගියා.
    කතන්දරේ අහපු මනෝ වෛද්‍යවරයා හිතුව මේක සිම්පල් කේස් එකක් කියලා. ඒ කරලා එයා දෙමව්පියන් දෙන්න ඉවතට යවලා ළමයා විතරක් සායනයේ තියාගත්තා. ඉන් පසු නොයෙක් ජාතියේ රසවත් කෑම ජාති ළමයා වෙත පිරිනමමින් ආහාර ගැනීම සඳහා ඔහු පෙළඹවීමට උත්සාහ කළා.
    ඒත් පුදුමයක මහත! මේ ළමයා කිසිම දෙයක් කන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවා. දැන් නම් මනෝ වෛද්‍යවරයාගේ ඉවසීමේ සීමාව පනින්න ළං වුණා. අන්තිමේදී ඔහු මෙහෙම ඇහුවා.
    “ඇත්තම කියන්න. මොනවද ඔයාට කන්න ඕනෑ කරන්නේ?” ළමයත් අත්දෙක පපුව ඉස්සරහා බැඳගෙන ටිකක් කල්පනා කරලා කිව්වා.
    “මට පණුවෝ ඕන” කියලා.
    දොස්තරත් පරාද වෙන්න කැමති වුණේ නැහැ. වහාම තමන්ගේ ලේකම්වරියට කතා කරලා කිව්වා වෙළෙඳ පොළට ගිහින් පණුවන් ටිකක් අරගෙන එන්න කියලා. ටික වෙලාවක් ගත වෙන කොට දොස්තර පණුවන් පිරුණු පිඟානක් ළමයාට පිළිගැන්නුවා. මෙන්න එතකොට ඒ ළමයා කියනවා,
    “මට උන්ව බැඳලා ඕන” කියලා.
    දොස්තර තම ලේකම්වරියට කිව්වා පණුවෝ පිඟාන රෙහ කරලා ගේන්න කියලා. ටික වෙලාවකින් දුම් දමන ෆ්රයිඩ් වර්මිස් පිඟානක් ළමයා ඉදිරියට පැමිණියා.
    “මට ඕන එක පණුවයි” එතකොට ළමයා කිව්වා.
    දොස්තර කලබල නැතිව එක පණුවෙකු ඉතුරු වෙද්දී අනිත් පණුවො ටික ඉවත් කළා. දැන් ඉතින් ළමයට තියෙන්නේ මේ එක පණුවා කන්නයි.
    මෙන්න එතකොටම මේ යක්ෂ ළමයා කියනවා
    “ඔයත් මේකෙන් බාගයක් කන්න ඕනෑ” කියලා. ටිකක් කල්පනා කළ දොස්තර පණුවා දෙකට කපලා බාගයක් අතට අරගෙන එය තම මුව තුළට දමා ගත්තා.
    එතකොටම ළමයා අඬන්න පටන් ගත්තා. හොඳටම කෙන්ති ගිය දොස්තර ළමයාගෙන් ඇහුවා අඬන්නේ මොකද කියලා.
    ඉකි බිඳුම් අතරින් ළමයා මෙසේ කෑගැසුවා.
    “ ඔයා කෑවේ මගේ බාගෙ”∎
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෙල්ලෝ බූට් තියන්න ඕනේ වුනාම හේතු කියනවා වගේ නෙහ්.. පට්ට පට්ට
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif
    N3_zpsd8a9e47c.gif
    N8_zpsd01ca0cf.gif
    N3_zpsd8a9e47c.gif