මට මේ වගේ ප්‍රශ්න පේන්නේ සමාජයේ අනික් අයට පේන්නේ නැති පැත්තක් විදියට...ඒ මම පිටරටක ජීවත්වෙන නිසාද? නැත්නම් ලෙඩක් ද? මේ පෝස්ට් එක යටින් අර ගහපු කොල්ලන්ට බැනල කමෙන්ට් දාල තියන අතරමෙහෙම කමෙන්ට් එකක් දාන්න හිතෙනවා... "ඇත්තම කිව්වොත් පාරක් කියන්නේ කොහොමත් අනාරක්ෂිත තැනක් පොඩි උන්ට යන්න නෙමෙයි පාරවල් තියෙන්නේ අනික ලංකවේ පාරවල් වල කොහොමත් අනාරක්ෂිතයි පදිකයන්ට...ඉතින් ඕක ඒ මදාවි හැතිකරේට කියන්න ගිය එක බොරු වැඩක්..උන් හයියෙන් ගියොත් උන් චප්ප වෙයි..අනික ඒව අපිට වෙනස් කරන්න බැහැ..පොලිසිය 119 තියෙන්නේ ඒවට. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන් කියලයි මගේ මතය. මිනිමරපු උන් වැරදි..ඒත් තමන්ගේ පඩුවේ හිටියනම් අද ජිවීත කීයක් සැනසීමෙන්ද

