කොල්ලෝ හෙන මෝඩයි බං........

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොල්ලෝ හෙන මෝඩයි බං........

    වැලන්ටයින් දවසේ මේක දාන එක හරිද මන්ද , කොහොම උනත් මේ වගේ අත්දැකීම් තියන අය නම් මෙතන ඕන තරම් ඇති


    ඊයේ මුළු රෑම වෙලාවකට අඬ අඬා, ආයෙත් වෙලාවකට හිත හිතා ඉඳලා දන්නෙම නැතිව ඉර එළියත් වැටිලයි කියලා චමත්ට තේරුම් ගියේ එහා ගෙදර මාෂි නංගිව ඉස්කෝලේ ගෙනියන්න එන වෑන් එකේ අංකල් කන පැලෙන සයිස් එකට ගහන හෝන් සද්දේ නිසා. ඊයේ හැන්දෑවේ අරුණගෙන් කෝල් එක ඇවිත් විස්තර දැනගත්තු වෙලේ ඉඳන් හිතට දැනුනු, දුකක්ද තරහක්ද කියලා හිතාගන්න බැරි මහා පාළු, මූසල හැඟීම තාමත් චමත්ගේ හිතේ එහෙම්මමයි.


    චමත් රුචිනිත් එක්ක යාළු වෙලා දැනට අවුරුද්දකටත් වැඩියි. චමත් වගේ නිවිච්ච ගති පැවතුම් තියන කොල්ලෙක් රුචිනි වගේ විසේ කාර කෙල්ලෙක් එක්ක යාළු උනේ මොන හේතුවකටද කියලා චමත්ගේ යළුවන්ටත් හිතා ගන්න බැරිවුනා.


    "මචං ආදරයක් ඇති කරගන්න කොට තමන් ගාව තියන ගති පැවතුම් වලට වඩා වෙනස් ගති පැවතුම් තියන පාර්ට්නර් කෙනෙක් හොයාගන්න මිනිස්සුන්ගේ හිත් ගොඩක් වෙලාවට පෙළබෙනවලු. අන්න ඒ හින්දා තමයි බං හෙන රස්ති කොල්ලන්ට බෝ පැළ වගේ කෙල්ලෝ සෙට් වෙන්නෙත් චමත් වගේ කොල්ලෝ රුචිනිලා වගේ කෙල්ලොන්ව සෙට් කරගන්නෙත්"
    ඔය වගේ කතා චමත්ගේ කනට නොවැටුනාමත් නෙමෙයි. පුංචි හිනාවක් දාලා නිකා ඉන්නවා මිසක් කවදාවත් යාළුවොත් එක්ක ඒ දේවල් ගැන තර්ක කරන පුරුද්දක් චමත්ට තිබුණේ නෑ.


    අම්මා කහට වැඩියෙන් දාලා හදන කිරි තේක චමත් හැමදාම බ්ව්වේ භාවනාවක් කරනවා වගේ. කිරි තේකෙන් උගුරක් බිව්වාම ඒ කිරි තේ උගුර බඩට වැටෙනකම්ම කිරි තේ උගුරේ රසය උපරිමෙන් විඳින එක චමත්ගේ පුරුද්දක්. පළවෙනි තේ උගුර ඇස් දෙක පියාගෙන උගුරෙන් පහළට දාගන්න වෙලාවලුත් ඕන තරම්. ඒ වගේ වෙලාවක ඒක අම්මාගේ ඇහැට අහු උනොත් හිනා වෙන ගමන් "ළමයෝ හැබෑටම උඹට පිස්සුද?" කියලා අහන්නේ, අම්මා හදන කිරි තේකට චමත් කොච්චර ආසද කියලා අම්මාත් දන්න නිසයි.


    ඒත් කඳුලින් පිරුණු කල්පනා සාගරයක ගිලිලා හුස්ම හිරවෙලා උන්නු චමත්ට අද අම්මාගේ කිරි තේකෙන් ආවේ මහා පල් රහක්. "හිතේ තියන මෙලෝ රහක් නැති හැඟීම් තේකට කලවම් වෙලා මහා පල් රහක් එනවා" චමත්ට හිතුනා. චමත් අම්මාට නොපෙනෙන්න තේක මල්පෝච්චියකට හලලා වතුර වීදුරුවක් බ්ව්වා. ඇඳුම් නොඇද පාරේ යන්න බැරි කමට වගේ පොඩි පට්ටං වෙච්චි කමිසයක් ඇඳගත්තු චමත් පන්ති යන්න බෑග් එකත් එල්ලං පාරට බැස්සේ පන්ති යන මුවාවෙන් අවසාන වතාවට රුචිනිව මුණ ගැහෙන්න හිතාගෙන.


    මෙච්චර කාලයක් තිස්සේ රුචිනිත් එක්ක කතා වුනු දේවල්, කිසි කෙනෙක්ට නොකිව්ව රහස් රුචිනිත් එක්ක බෙදා ගත්තු හැටි, හිනා වෙවී අත් වැල් පටලන් පාරවල් වල ඔහේ රස්තියාදු ගැහුව හැටි, බීච් එක අයිනේ තුරුල් වෙලා හිටපු හැටි... ඊයේ අරුණට කෝල් එක ආව මොහොත වෙනකම්ම මේ හැම දෙයක් ගැනම හිතෙන වාරයක් පාසා චමත්ටත් නොදැනීම චමත්ගේ මුවඟට හිනාවක් මතු වුනා. ඒත් මේ හැම දෙයක් ගැනම හිතෙනකොට දැන් චමත්ගේ ඇස් අඟින් කඳුලක් එන්නේ චමත්ටත් නොදැනීමයි. ඊටත් වඩා තමන් එක්ක මේ කරපු කියපු හැම දෙයක්ම රුචිනි, චමත් එක්ක යාළු වෙලා ඉන්න ගමන්ම තවත් කොල්ලෙක් එක්කත් කළයි කියලා මතක් වෙද්දී චමත්ට දැනුනේ තමන්ගේ ඔළුවටයි හදවතටයි කවුරුහරි උල් පිහියක් දාලා හාරනවා වගේ හැඟීමක්.


    ඔහේ කල්පනා කර කර බස් එක ළඟට ගිය චමත්ට හැමදාම මඟදී මුණ ගැහිලා හිනාවෙන සේපාල අංකල් චමත්ගේ මූණ දිහා පුදුමෙන් බලාගෙන හිටි බවක් චමත්ට දැනුනෙවත් නෑ. එදා චමත් ඇවිදන් ගියෙත් බස් එකේ ගියෙත් ගන්ධබ්බ අවධියක ඉන්න එකෙක් වගේ.


    ඊයේ රෑ රුචිනිට කෝල් කරලා තරහින් කිව්වේ බීච් එකේ වෙනදා මුණ ගැහෙන තැනටම එන්න කියලා විතරයි. හැමදාම වගේම අදත් රුචිනි පරක්කුයි. වෙනදා රුචිනි එනකම් වෙරළේ ඉඳගෙන ඈත මුහුට දිහා බලං ඉන්නකොට මුහුදෙන් එන හෝ හඩ චමත්ට දැනුනේ චමත්ටයි රුචිනිටයි ආශිර්වාද කරන්නාක් වගේ හඩක්. ඒත් අද චමත්ට දැනුනේ රුචිනිගේ බොරු ආදරේට රැවටුනු තමන්ට මුහුද හූ කියනවා වගේ හඩක්. ඒ හඩ අමතක කරන්න මනස වෙනතකට යොමු කරන්න හිතුන නිසා චමත් ඈත පේන මාළු අල්ලන් ගොඩට ආව ඔරුවක් දිහා බැලුවා. ගොඩට දාපු මාළු දැලේ පැටළුනු මාළු ටික දෙනෙක් තාමත් ඉන්නවා.
    "මමත් පැටළුනා රුචිනිගේ දැලේ, මගේ ආදරෙත් අර මාළුවෙක් වගේ පණ අදිනවා" චමත්ට හිතුනා.


    අරුණ කෝල් කරලා කියපු දේවල් තාමත් චමත්ගේ ඔළුවේ දෝං කාර දෙනවා වගේ..


    "හෙලෝ මේ චමත් ද?"


    "ඔව් චමත් තමයි. කවුද මේ කතාකරන්නේ?"


    "මචං මගේ නම අරුණ. මම මේ පොඩි කාරනයක් දැන ගන්න කතා කළේ..."


    "ඔව් කියන්න. ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක ලැබුණේ"


    "නම්බර් එකනම් රුචිනිගේ ෆෝන් එකෙන් ගත්තේ. මචං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා. උඹගෙයි රුචිනිගෙයි අතරේ මොකක් හරි එෆෙයාර් එකක් තියනවද?"


    "හ්ම්ම්ම් ඔව් අපි දැන් යාළු වෙලා අවුරුද්දක් විතර. කවුද ඔය කතා කරන්නේ ඔයාට මොකටද මේ දේවල්?"


    "ඒකි මාත් එක්කත් දැන් අවුරුදු එක හමාරක් තිස්සේ ඉඳන් යාළුයි බං. ඒකිගේ ෆෝන් එක බලනකොට මේ නම්බර් එක ගැන සැක හිතිලායි කෝල් කළේ. මට පේන්නේ ඒකි අපි දෙන්නවම රවට්ටලා මචං"


    "නෑ නෑ ඒක වෙන්න බෑ. මම කොහොමද ඔයා කියන ඒවා විශ්වාස කරන්නේ...."


    "මචං මම මේ ඇත්තමයි කියන්නේ. උඹට මං කියන ඒවා සැකනම් උඹ හොයලා බලපන් මචං. මට නම් තව මේකිත් එක්ක යාළු වෙලා ඉන්න කිසිම උවමනාවක් නෑ. හැබැයි මචං මම නැති උනත් ඔය වගේ කෙල්ලෝ කවදාවත් හැදෙයි කියලානම් මට හිතෙන්නේ නෑ"


    "හරි මම හොයලා බලන්නම්කෝ..." කිව්ව චමත් කෝල් එක කට් කළා.


    ඊට පස්සේ තමයි පරණ සිද්ධී එකින් එක චමත්ගෙ ඔළුවට එන්න ගත්තේ. තමන් එක්ක ඉන්න සමහර වෙලාවට රුචිනිට එන කෝල් වලට චමත්ට නෑහෙන තැනකට ගිහින් මුකුළු කර කර කතා කරන හැටි. චමත් කෝල් කරන සමහර වෙලාවල් වලදී කෝල් එක කට් කරලා පස්සේ එක එක හේතු කියන හැටි. දවසක් කෝල් කළාම මුහුදේ රැල්ල ගහන සද්දේ ආව නිසා බීච් එකේද ඉන්නේ ඇහුවාම නෑ කිව්ව හැටි. එදා මේ හැම දෙයක් ගැනම අඹමල් රේනුවක තරම්වත් සැක නොකළ චමත්ට මේ වෙලාවේ ඒ හැම දෙයක් ගැනම ආවේ ලොකු සැකයක්. ඒ වගේම තරහක්.


    පැය බාගෙකට විතර පස්සේ රුචිනි, හර්ෂිනි එක්ක ඈත එනවා පෙනුනා. රුචිනිගේ මූණ මළානිකවෙලා.
    ඒ මූණ දැක්ක චමත්ට, රුචිනිට බනින්න කියලා හිතාගෙන ආව වචන සේරම අමතක වෙලා ගොළු උනා.


    "මම දන්නවා ඇයි ඔයාට තරහා ගිහින් තියෙන්නේ කියලා. ඔයාට අරුණ කෝල් කළා නේද?"


    "කෝල් කළා විතරක් නෙමෙයි මට හැම දෙයක්ම කිව්වා. ඇයි ඔයා මට මේ වගේ බොරුවක් කළේ? ඔයා මටත් කළින් අරුණත් එක්ක යාළුවෙලා ඉන්නැද්දි ඇයි මාත් එක්ක යාළු උනේ."


    "නෑ නෑ නෑ..... ඒක බොරුවක් චමත්! ඔයත් එක්ක යාළු වෙන්න කලින් එයත් එක්ක යාළු වෙලා හිටපු එක ඇත්ත. ඒත් ඔයත් එක්ක යාළු වෙනකොට ඒ එෆෙයාර් එක තිබ්බේ නෑ. දැන් ඒකා ආයේ මගේ පස්සෙන් එනවා. ඔයාට කෝල් කරලා බොරු කියලා අපි දෙන්නව තරහා කරන්නයි ඌ හදන්නේ..."

    "එහෙනම් ඇයි ඔයා මට කලින් මේ දේවක් නොකීවේ?"

    "ඔයා මේවා අහලා කලබල වෙලා අරුණත් එක්ක පැටලෙයි කියලා හිතුනා"
    රුචිනි හෝ ගාලා අඩන්න ගත්තා. රුචිනිගේ කඳුළු..... ඔව් රුචිනිගේ කඳුලු තමයි චමත් මේ ලෝකේ තියෙනෙ දේවල් වලින් දකින්න අකමැතිම දේ. චමත්ගේ හිතට මහා වේදනාවක් දැනුනා. හදවත හිස් වෙලා ඇකිලිලා යනවා වගේ දැනුනා.


    චමත් රුචිනිව තුරුළු කරගත්තා.
    "මට සමාවෙන්න රත්තරං. මම මහා මෝඩයෙක්. මම කොහෙවත් යන එකෙක් කිව්ව දෙයක් අහලා ඔයාව සැක කළා. ඔයා අඩන්න එපා ඔයා මට සමාව දෙනවා නේද?" චමත්, රුචිනිගේ කම්මුල් දිගේ ගලන කඳුළු බොහෝම සියුම් මූර්තියක් අඹන මූර්ති ශිල්පියෙක් වගේ හෙමිහිට පිහිදැම්මා.


    "මං සමාව දෙනවා මගේ මෝඩයාට. හැබැයි දැන් පන්ති යන්න ඕනේ අපි හවසට හම්බවෙමු" රුචිනි කිව්වේ චමත්ගේ පපුවට තුරුළු වෙලා කඳූලු අතරින් හුරතලේට හිනා වෙන ගමන්.


    රුචිනිත් එක්ක තව ටික වෙලාවක් කතා කර කර හිටිය චමත් පන්තියට පරක්කු වෙලා හරි යන්න පිටත් උනේ හිතේ පුදුම සැහැල්ලුවක් එක්ක. චමත් වෙරළ දිගේ ඈතට යන දිහා රුචිනියි හර්ෂිනියි බලාගෙන හිටියා.


    "ඇයි බං රුචී උඹ මේ කොල්ලෝ දෙන්නාට මෙහෙම කරන්නේ. උඹට පව් කියලා හිතෙන්නේ නැද්ද?"


    "හර්ෂි මේ උඹ පණ්ඩිතයා නොවී කට පියන් හිටපන්. මට උන් දෙන්නම ඕනේ. චමත්ට මොළේ තියනවා. මට පාඩම් අහගන්න ඌ ඕනේ. අරුණයට සල්ලි තියෙනවා. සල්ලි තියන එකෙක් කොහොමත් ඕනේ"


    "අනේ මංදා රුචී කොහොම උනත් උඹ බොරුවට අඩන්නනම් මාර දක්ෂයි"


    "මගෙන් ඉගෙන ගනිං ඔව්වා. කොල්ලෝ හෙන මෝඩයි බං. කඳුළු තමයි කෙල්ලෝ අපි ගාව තියන භයානකම ආයුධේ. ඒකට පුළුවන් දියමන්ති වලටත් වඩා ගණකම හිතක් උනත්, රත් වෙච්චි තාච්චියකට දැම්ම බටර් තලියක් වගේ උණු කරලා දාන්න. ඒ විතරක් නෙමෙයි කොල්ලන්ට නොදැනෙන්න උන්ගේ නහය විදලා නාස් ලණුවත් දාන්න පුළුවන්" රුචිනි කිව්වේ චමත්ගේ ඡායාව වෙරළේ ඈත නොපෙනී යනවා බලන් ඉන්න ගමන්.



    ගත්තේ මෙතනින්- http://sudupoosa.blogspot.com/2011/10/blog-post_24.html#comment-form
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තෑන්ක්ස් මචන්, උබව EK දැක්කේ සෑහෙන දවසකින්:cool::cool:

    ලොග් වෙලා ඉන්නව බන් දවල්ට ඒ උනාට වැඩිය ත්‍රෙඩ් බැලෙන්නෙ නෑ...:yes:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඔහොම කෙල්ලොන්ගේ

    ඔහොම කෙල්ලොන්ගේ පුකවල් පලන්න ඕනේ... නිකන් නෙමෙයි.... උදැල්ලකින් ගහල.... :yes::yes::yes::yes::yes::yes::frown::frown::frown::yes::yes::yes::yes:
     
    Sep 12, 2011
    884
    120
    0
    ඉතින් දැන් රුචිනි ට අරුණ ගෙන් වැඩක් නෑ නේ? මොකද අරුණ දැනගත්තා නේ?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මහ නිළමේ;12090544 said:
    ඉතින් දැන් රුචිනි ට අරුණ ගෙන් වැඩක් නෑ නේ? මොකද අරුණ දැනගත්තා නේ?

    අරුණයටත් ඔය වගේම ගුලියක් අබරන්න ඇති බන්;);):rolleyes:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    ammata ukanna kari wesige. me wage patta balliyo nisa api hamadamath asarana wenawa. oya wage weseeyonwa kolu walak dala dushanaya karanna ona. balliyo.