මට මම විතරද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කා හට? කෙසේ? මොන යුතුකම් කලත් මම
    මට මම විතරමයි එය දැන ගනිමි මම
    'මම'යැයි කියා සිතුවත් මා ගැනම මම
    විදසුන් වඩා බැලුවිට මට නොමැත මම
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    බොට බෝ විතරක් යැයි අප දනී සකී
    අපටත් අප පමණැයි අපි දනිමු සකී
    විදසුන් වඩා දැන ගැනුමට වටින වැකී
    ඉඳ හිට කිරියෙහි දැමුමද අපට වටී