මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ - මර්වින් සිල්වා

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ - මර්වින් සිල්වා

    කැලණියේ හරක් මස් කඩයක්, මත්පැන් අලෙවි සලක් විවෘත කිරීමට තමත් අවසර නොදෙන පසුබිමක තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රයක් දී ඇතැයි ද, එම බලපත දී ඇත්තේ ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලාගේ විරෝධය නොතකා යැයි ද, එවන් දේ සිදුවෙනවා නම් තමන්ට ආණ්ඩුවෙන් යෑමට සිදු වන්නේයැයි ද මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.
    ‘මම තමයි කැලණියේ හරක් මස් නැවැත්තුවේ. එක්තරා හෝටලයක් හැදුවා කැලණියේ නාහේනේ. ඒක විවෘත කරන උත්සවයට ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මට කතා කළා. මං ගියා. ඉන් පස්සේ මං ප්ලේන්ටියක්වත් බීලා මගේ සම්බන්ධයක් නෑ. මෙයාලා මත්පැන් බලපත්‍රයක් ඉල්ල ඉල්ල හිටියා. අවට සියලු හාමුදුරුවරුන් මේකට විරුද්ධ වුණා. පන්සල්වලට මීටර පන්සීයටත් අඩුයි. මං කිව්වා මේක කරන්න එපා කියලා. ඒත් ලයිසන් දීලා.
    මගේ ආසනේ මෙහෙම අසෝබන විදියට සුරාසල් විවෘත වෙනවා නම් මං මේ කැලණිය ආසනයේ සිටීමේ ප්‍රයෝජනයක් නැහැනේ මේ ආණ්ඩුවත් එක්ක. මං කියනවා ස්වාමීන්වහන්සේලාට යන්න වටලන්න, මාත් එනවා. මේ ආසනයේ සංවිධායක මර්වින් සිල්වා. නැතුව වෙන කවුරුවත් නෙමෙයි.
    ඩලස් ඇමැතිතුමා තමයි මාත් එක්ක ගියේ මේක විවෘත කරන්න. මං එතුමාගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරනවා මේ බලපත්‍රය කැන්සල් කරන්න. මේකම ඇති මට ආණ්ඩුවෙන් යන්න. මං මේක නායක තුමාට ලිඛිතව දන්නනවා. මේක උඩම මං යනවා. ඉන්න බැහැනේ. අපි වැඩ කරනවා. අපි වියදම් කරනවා. අපි දුක් විඳිනවා. වහාම මේවා නවත්වන්න ඕන. නවත්වන්නේ නැත්නම් මං තප්පරයක් ඉන්නේ නෑ මේකේ. මට කිසි තනතුරක් ඕන නෑ.
    මා දන්නා පරිදි සුරාබදු කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් අනුමත කර නෑ. කොමසාරිස් ජනරාල් කෙලින් වැඩ කරන කෙනෙක්.
    මේවගේ වැඩ වෙනවා නම් නීත්‍යනුකූල නොවන අන්දමින්, සදාචාර සම්පන්න නොවන අයුරින් මං කොහොමද රෙද්දක් ඇඳන් ඉන්නේ? රෙද්ද ගලෝලා ඉන්න බෑ මේක සිල්වත් උගත් සමාජයක් නිසා. එහෙම නැත්නම් තියෙන්නේ මට මෙතනින් නික්ම යන්න. අර සිද්ධාර්ත කුමාරයා ගිහි ගෙය හැර ගියා වගේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙය හැර ගියේ සතර පෙරනිමිති දැකලානේ. දැන් මට ඒ වගේ සතර පෙරනිමිති පෙනීගෙන එන්නේ. මේක තව පෙරනිමිත්තක් වුණා. මුන් දෙනවා සුරා සැල්. ඉතින් මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ එහෙමනම්. මං කොහොමද ඉන්නේ. මං හොඳ සිංහල බෞද්ධයෙක් නේ.


    DSC00703.gif

    උපුටා ගැනීමකි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දයා මුව මරනවා
    මු වල කපාගත්තා නිසා බේරුනේ
    මුගේ වටේ හිටපු හැමෝටම ෂොට් එක දුන්න
    කුඩු ලාල් ]
    කුඩු නුවන්
    කුඩු ලාලිත
    මුත් එක්ක හිටපු නගරසබා මන්ත්‍රී
    මන්නා අමිත් සෙට් එකම ගියා

    මු කරපු වැඩ වල හොද පස්සෙන් එලවනවා කොද වැඩේ ඕකට
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මහින්දයා මුව මරනවා
    මු වල කපාගත්තා නිසා බේරුනේ
    මුගේ වටේ හිටපු හැමෝටම ෂොට් එක දුන්න
    කුඩු ලාල් ]
    කුඩු නුවන්
    කුඩු ලාලිත
    මුත් එක්ක හිටපු නගරසබා මන්ත්‍රී
    මන්නා අමිත් සෙට් එකම ගියා

    මු කරපු වැඩ වල හොද පස්සෙන් එලවනවා කොද වැඩේ ඕකට

    උබ කියන එකේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ මචන්. නමුත් කිරිබත්ගොඩ හරක් මස් කඩ, අරක්කු බාර්, හම්බ කඩ නැති එකනම් ගොඩක් ලොකු දෙයක් මචන්.
     

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    නමුත් කිරිබත්ගොඩ හරක් මස් කඩ, අරක්කු බාර්, හම්බ කඩ නැති එකනම් ගොඩක් ලොකු දෙයක් මචන්.
     

    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    මර්වින් සිල්වා ගුටි කෑමට නියමිතය.
    අනිත් එක අරක්කු වගේද කුඩු
    :D
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    උබ කියන එකේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ මචන්. නමුත් කිරිබත්ගොඩ හරක් මස් කඩ, අරක්කු බාර්, හම්බ කඩ නැති එකනම් ගොඩක් ලොකු දෙයක් මචන්.

    කිරිබත්ගොඩ හම්බ කඩ නැත්තෙ මූ එන්නත් කලින් ඉදලා බොල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කියන එකේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ මචන්. නමුත් කිරිබත්ගොඩ හරක් මස් කඩ, අරක්කු බාර්, හම්බ කඩ නැති එකනම් ගොඩක් ලොකු දෙයක් මචන්.


    මචං ඕක අම්බානක මිනිසුන්ගෙන් කඩවලින් කප්පම් ගත්තත. මු ඒවා කවර කරගත්තේ මහින්දයගෙනුයි ඔය sinhala බෞද්දය කියන එකෙනුයි. කිරිබත්ගොඩ ඇලුමිනියම් මුන් සතියක් ගානේ ගන්නවා කප්පම්.
    අනිත් ඒවගෙනුත් එහෙම වෙන්න ඇති. මම සිද්දිය දැකලා තියනවා. කැලණියේ මිනිස්සු කැමති නැහැ ඕකට. ඕකගේ බෞද්ද කම ගන නම් කර්ත කරන්න එන්න එපා.

    ඕකගේ ගෝලයෝ කුඩු විකුනනවා මු බාර වහනවා ආරුක්කු බොන්න් එපා කුඩු ගහන්න කියලා මු කියන්නේ මාරු බෞද්ද කම.

    පුතා තමයි ටැබා ගෙන්නුවේ........ පට්ට බෞද්දය මුන් මචං මුන්ගේ වැරදි වහගන්න බොරුවට රගපානවා විතරයි

    කිරිබත්ගොඩ සින්හල කඩ විතරයි බන් තිබුනේ හැමදාම. එක මු කරපු එකක් නෙමයි. එහෙම තියන අනිත් ටවුම තමයි හෝමාගම ,හිගුරක්ගොඩ. මස් කඩ වහලා කුඩු විකුනලා වැඩක් තියනවද අන්. මොකද්ද එතන බෞද්ද කම???? දැන් බාර් වපු එක හොදයි කියන උබ අරක්කු බොන්නේ නැද්ද? බොන්න් ඕනි එකා අරක්කු නැත්තම් කසිප්පු හරි පෙර්ගෙන බොනවා. මර්වින්ගේ මාද්‍ය සංදර්ශන විතරයි
     
    Last edited:

    Similar threads