මට මේ මෑනියොන්ගෙ නම්බර් එක හොයල දෙන්න.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    317
    532
    93
    1000069026.jpg


    “අපි ගෙවල් හතරක ඉදලා තමයි මේ ඉඩමට ඇවිත් ගේ හදාගෙන යන්නේ. තාත්තයි අයියයි එකතුවෙලා තමයි මේ ගේ හදන්නේ. අපේ ගෙදර ඉදිරිපිට ගම්භාර දෙයියන්ට හැමදාම පහනක් පත්තු කරනවා. අයියාට හිටපු ගමන් පපුව හිරවෙනවා වගේ ගතියක් දැනෙන බව කියනවා. අපේ නැන්දලා කට්ටියක් මෑණියෝ කෙනෙක් ඉන්නවා එයාට කියමු කියලා ඒ අනුව කොස්ගම ප්‍රදේශයේ ඉන්න ඒ මෑණියෝ හම්බ වෙලා මේ ගැන කිව්වා. මෑණියෝ කිව්වට එයා අවුරුදු 32ක විතර අක්කා කෙනෙක්. එයා කිව්වා අයියාගේ ඇඟ ඇතුළේ ඥාතියෙක් ඉන්නවා. එයා එළියට අරන් එයාට වරම ලබා දෙමු කියලා. ඒ අනුව අපේ ගෙදර ගුරුකමක් එකක් කරන්න ලෑස්ති වෙන්න කිව්වා 29 වැනිදාට. මෑණියෝ 28 වැනිදා බළන්ගොඩ ඉන්න තවත් තරුණ අයියා කෙනෙකුත් එක්ක අපේ ගෙදරට ඇවිත් ඒ අයියව නතර කර මෑණියෝ නැවත කොස්ගම ගියා.

    පහුවදා ආයි ආවා. ඇවිත් ගේ ඉස්සරහ පහන තියෙන තැන දෙහි ගෙඩි කපලා ගුරුකමක් වගේ එකක් කළා. ඒක ඉවර කර මෑණියෝ කිව්වා අපි දැන් පාටියක් දාන්න ඕනෑ කියලා. මට අරක්කු බොන්න ඕනෑ කියලා ගෙනැත් දෙන්න කිව්වා. මමයි අයියයි මෑණියන්ගේ ස්කුටිය අරන් බාර් එකට ගිහින් රුපියල් තුන්දාස් ගාණක් දීලා බෝතලයක් ගෙනාවා.

    පස්සෙ එයා ඇහුවා මේ ළඟ ගඟක් තියෙනවද කියලා. අපි කිව්වා එහා පැත්තේ කැලණි ගඟ තියෙනවා කියලා. එහෙනම් නාන්නත් එක්ක යමු කියලා අපි කට්ටියම ගඟට ගියා. මායි අම්මයි, අප්පච්චියි එහා ගෙදර අක්කලා කට්ටියකුයි ගියේ. ඉවුරට වෙලා මෑණියෝ හොඳට අරක්කු බිව්වා. එයත් එක්ක ආපු තරුණ අයියාත් බිව්වා. බයිට් කාලා මෑණියෝ සිගරට් 10ක් විතර බිව්වා.

    “ මටත් බොන්න කිව්වා. මම බොන්නේ නැහැ කිව්වා. අපේ අයියත් බිව්වේ නැහැ. අන්තිමේ එක සිගරට් එකක් අයියත් බිව්වා. ඊට පස්සේ කට්ටියම සින්දු කියලා නටන්න පටන් ගත්තා. පස්සේ කට්ටියම ගඟට බැහැලා නෑවා. අපේ අම්මා විතරක් ගොඩට වෙලා හිටියා.

    අපේ අයියා කරනමක් ගහලා ගඟට පැන්නා. මෑණියොත් ගඟට පැන්නා. එතැන තිබුණු ගලක වැදිලා මෑණියන්ගේ නහයෙන් ලේ ආවා. පස්සේ අයියයි මෑණියොයි ගලඋඩ වාඩිවෙලා මොන මොනවද කුටු කුටු ගාමින් හිටියා. පස්සේ දෙන්නම එක පාරට ගඟට පැන්නා. ගඟ මැදට පීනලා ගියා.

    එතකොට අපේ අම්මා කෑ ගහලා කිව්ව යන්න එපා.ආපසු ගොඩට එන්න කියලා.

    මෑණියෝ පීනලා ඇවිත් ගල් පොත්තට ගොඩවුණා. අයියා ටික ටික පහළට යනවා පෙනුණා. අයියා අතක් ඉස්සුවා. මෑණියෝ කිව්වා ඒ බොරුවට වෙන්න ඇති කියලා.

    අයියා ගඟට පාත් වෙලා තිබුණ වැලක දෙපාරක්ම එල්ලුණත් වැල කැඩුණා. අයියා ගිලුණා. මෑණියන්ට අයියා බේරගන්න පුළුවන්කම තිබිලත් එයා ඒක කළේ නැහැ. ඒ පාර අප්පච්චියි, එහා ගෙදර අයියා කෙනෙකුයි ගඟට පැන්නා. අයියා හෙව්වත් හම්බ වුණේ නැහැ. අපි ඔක්කොම කෑගහන්න ගත්තම අහළ පහළ මිනිස්සු දුවගෙන ආවා. ඒ කට්ටිය අර ගෑනිට ගහන්න හදනවිට අම්මලා එහෙම ගහන්න දුන්නේ නෑ. පස්සේ ස්කූටියේ තිබුණු එයාලගෙ බඩු ටිකත් අරගෙන ඒ දෙන්නා පැනලා ගියා.

    පසුදා පොලීසියත් එක්ක ඇවිත් බයික් එක ගෙනියන්න හැදුවාම ගමේ මිනිස්සු ඒක ගෙනියන්න දුන්නේ නැහැ”.

    -
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,729
    113
    ඒ කට්ටිය අර ගෑනිට ගහන්න හදනවිට අම්මලා එහෙම ගහන්න දුන්නේ නෑ. පස්සේ ස්කූටියේ තිබුණු එයාලගෙ බඩු ටිකත් අරගෙන ඒ දෙන්නා පැනලා ගියා.
    ඇයි මේ අන්තිම හරියෙදි මෑණියෝ ගෑනි වෙලා?

    machan me maniyonge contact number denna
    mage ageth yakek innawa
    පහනෙන් ආ යකා නේද?
    ------ Post added on Sep 6, 2026 at 2:45 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,954
    113
    ඒ මන්තර ගුරුකම් මැණියන්ගේ ෆොටෝ එකක් නැද්ද බං. හෙන ආතල් එකේ ඉන්න මැණි කෙනෙක් වගේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,167
    21,698
    113
    මගෙත් එකෙක් ඉන්නව ඌට තරහ ගියාම ඌ කෙලින් වෙනව
    ඒ ටික කියවපුවාම මගෙ යකාත් දිෂ්ටි වෙන්න ගත්තා