මට මොකද ජන්දේ ඉල්ලන්න බැරි - 18+

nishantha9

Junior member
  • Mar 9, 2011
    56
    24
    8
    මට මොකද ජන්දේ ඉල්ලන්න බැරි - 18+

    මගේ තාත්තා ශ්‍රි ලංකා - අම්මා යූ.ඇන්.පී


    මට මොකද ජන්දේ ඉල්ලන්න බැරි
    chak1.png
    අපේ රටේ මිනිස්සුන්ට අලුත්ම දේශපාලන කතාන්දර කියා දෙන්න ඉදිරිපත් වී සිටින්නේ නිළියෝ. කාලයක් තිස්සේ රටේ සමහර දේශපාලනඥයෝ ජනතාව ගොනාට ඇන්දුවේ, අදටත් අන්දවමින් සිටින්නේ ඇඟටපතට දැනෙන්නෙවත් නැති විදිහට. ජනතාව මෙම දේශපාලනඥයන්ගේ කෙප්ප කාලයක් තිස්සේ ගිල්ලේ ගවයෝ පුන්නක්කු බොනවා වගේ තලු මර මරා.

    හැබැයි ටිකෙන් ටික මිනිසුන්ගේ ඔලුව පෑදෙන්න පටන් ගත්තා. ඒ නිසා දේශපාලනඥයන්ට අද එදා තරම් ඉක්මනට ජනතාව ගොනාට අන්දවන්න අමාරුයි. හැබැයි මැටිමෝල්ලුන්ගේ හිඟයක් තවම නෑ. ඕන තරම් පක්ෂ වටේ බුරුතු බැඳ ගෙන ඉන්නවා. ඒ එක් අයෙක්ට තමයි ආචාර්‍ය ඇමැති මර්වින් පහුගියදා ‘බූරුවෝ’ කියලා ප්‍රසිද්ධියේ කතා කළේ. ඒක රූපවාහිනියෙනුත් පෙන්නුවා.
    chak4.png
    තමන්ගෙන් ඈත්වන ජනතාව කිට්ටු කර ගන්න මේ සැරේ ලෝස් නැතුව පළාත් සභා ඡන්දෙට දමන්නේ නිළියෝ. මොවුන් කියන්නේ “ ‍මම නිළියක්. මම රූපරාජිනියක්. මම ගායිකාවක්. සන්දර්ශන වේදිකාව වටේට ඉන්නේ මගේ රසිකයෝ. රූපවාහිනිය වටේට මගේ රසිකයෝ. රෝසි සේනානායකට පස්සේ රූපරාජිනී කිරුළක් මේ රටට ගෙනාවේ මමයි. දේශපාලනයට ආවේ අද ඊයේ නෙමෙයි. මගේ තාත්තා, අම්මා පරණ ශ්‍රීලනිප, යූ.එන්.පී. පාක්ෂිකයෝ. ඒ නිසා දේශපාලනය කරන්න මට අයිතියක් තිබෙනවා. රාජපක්ෂ පවුල මට ඡන්දයට උදව් කරනවා. ඇමැතිවරු හතරක් මට ‍සපෝට්.කොලොන්නාවේ මන්ත්‍රි මාව ‘රෙකමන්ඩ්’ කරලා ලියුමක් දුන්නා..”

    මෙන්න මේ වගේ වැල්බයිලා ගායනා කරමිනුයි සමහර නිළියෝ පළාත් සභා ඡන්දයට ඇවිත් සිටින්නේ. මොවුන් මේ කියන සුදුසුකම් ඔවුන්ට කතිරේ ගහන්න බලාගෙන ඉන්න සමහර නාම්බන්ට හා නෑම්බියන්ට නම් ප්‍රමාණවත්. ඒත් රටට, පොදු ජනතාවට, රටේ අනාගතය ගැන කල්පනා කරන බුද්ධිමත් මිනිස්සුන්ට මොවුන්ගේ බයිලා තඹ සතයක්වත් වටින්නේ නැහැ.
    chak3.png

    මම නම් මොවුන්ට නිළියෝ, ගායිකාවෝ කියන්න ඉක්මන් වෙන්නේ නැහැ. අපේ සිනමාවට, වේදිකාවට හා රූපවාහිනියට ආලෝකයක් වූ නිළියෝ මේ රටේ හිටියා. අදත් ඉන්නවා. ඔවුන්ගෙන් ඒ ක්ෂේත්‍රත් බැබලුණා. හැබැයි ඒ ක්ෂේත්‍රවලිනුත් දේශපාලනයට සමහර නළු නිළියෝ ආවා. බොහෝ දක්‍ෂ ඔවුන්ට රටේ කිසිම කෙංගෙඩියක් නගා සිටුවන්න බැරි වුණා. ඇත්තටම ‘පීචං’ වුණා කිව්වොත් වැරැදි නැහැ. අන්තිමට මොකද වුණේ? තනතුරක්. පට්ටමක් අරගෙන පට්ට හොරුන් රැළක් පස්සේ යන්න සිද්ධ වුණා. එච්චර දක්ෂ නළු නිළියන්ටවත් කරකියා ගන්න බැරි වුණ වැඩේ නිළියන්, ගායිකාවන්, රූපරාජිනියන් යැයි කියා ගන්න සිල්ලර කට්ටියකට කරන්න පුලුවනිය කියලා මට නම් කොහෙත්ම විශ්වාසයක් නැහැ.එහෙම හිතීමත් මහ විහිළුවක්.
    ඡන්දයේ දී මොවුන් යම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගනීවි. නමුත් ඒ සැබෑ ජනතා කැමැත්ත නෙමෙයි. ඒ ඡන්දය වැටෙන්නේ රූපවාහිනියේ හරහා ගොඩනගා ගත්ත චරිතයක් මුල්කර ගෙන. එහෙමත් නැත්නම් විලාප දෙන ගීතයක් මුල්කර ගෙන. එහෙමත් නැත්නම් සෙක්සි පෙනුමට. පත්තරවල පළකර ගන්නා සෙක්සි පිංතූරවලට. සෙක්සි කතාවලට. එහෙම නෙමෙයි කියන්න බැහැ. මේ වෙන කොටත් ඒ වගේ පිංතූර ජාතික මට්ටමේ සමහර පුවත්පත්වල තිබෙන අතිරේකවලත් පළවෙලා තිබුණා. දේශපාලනය කියන්නේ මේකට නම් රටේ සුප්‍රසිද්ධ ගණිකාවන්ටත් අනාගතයේ දී ජන්දය ඉල්ලන්න පුළුවන් වේවී. මොකද..? ඒ උදවියට සමහර නිළියන්ටත් වඩා බලයක්,පෙනුමක් තිබෙන නිසා.
    chak2.png
    උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුණේ,මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ ‘පබා’ නැමැති තිර රචනයෙන් ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘පබා’ ටෙලි නාට්‍ය නිසයි. අදටත් එයා ‘පබා.’ මේ රටේ දේශපාලනයට, ජනතාවට එයා කිව්ව කිසිම දෙයක් කර ගන්න බැරි වූණා. නමුත් ජනතාවට එයා තවමත් ‘පබා.’ අහිංසකාවි. කඳුළු හෙලන කෙල්ල. ඩොප්කාරයෙක් වන තාත්තාගේ හැසිරීමෙන් නින්දා වින්ද කෙල්ල. රස්සාව කරන තැන එවුන්ගෙන් පට්ට බැණුම් අහන කෙල්ල. කොම්පැණියේ ලොක්කගේ පුතාගේ අචල, අවංක, අසීමිත ආදරය දිනාගත් කානු පල්ලේ උපන් කෙල්ල. මෙන්න මේ කියන ‘පබා’කෙල්ල තමයි ගම්පහින් කරු ජයසූරිය කියන පරිණත දේශපාලනඥයා පෙරලා ගෙන වැඩිම මනාපයෙන් මන්ත්‍රීවරියක් වුණේ. ගම්පහ බොහෝ මිනිස්සු ජන්දය දුන්නේ උපේක්ෂා ස්වර්ණමාලිටද..? එහෙමත් නැත්නම් මහේෂ් රත්සරගේ ‘පබා’ටද?

    මෙවර පළාත් සභා මැතිවරණයටත් ඉදිරිපත් වී සිටින්නේ ඒ වගේ නිළියන් කීප දෙනෙක්. වේදිකාවේ, සිනමාවේ, ‍රූපවාහිනියේ කරන්න දෙයක් නැති වෙන කොට කරන්න තියෙන පහසුම රස්සාව තමයි දේශපාලනය.
    ජීවිතේ ඉදිරි කාලයේ දී අතට ගානක් හම්බ කර ගෙන සැපවත් ජීවිතයක් ගත කිරීම විතරයි මොවුන්ගේ හිත යට තිබෙන ප්‍රාර්ථනාව. වරදක් නැහැ. ඒත් ජනතාව රවටා කතිරය නැමැති ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය සූක්ෂම ලෙස කොල්ලකෑම කැතයි!


    Uputa Genima http://lakbima.lk/
     
    • Like
    Reactions: pody malli

    osadanet

    Member
    May 11, 2011
    10
    0
    0
    Kandy
    එළ කිරි සහෝදරයා ... මේවා කියල දුන්නට අපේ මී හරක් තේරුම් ගන්නේ නෑ නේ . මේ පාර වත් මොලේ කල්පනා කරලා වැඩ කලොත් හොදා කවුරු කවුරුත් .....................:D