මේ මට ලැබුණු පණිවිඩයක් .
ලැබුණු ලෙසින්ම ඔබට.
සෝවියට් දේශයේ ඉගෙන ගෙන දැන් එංගලන්තෙ ජීවත් වෙන මට මේ කියන කිසිම දෙයක් අලුත් නැහැ. මේ කියන දේවල් සෑම දෙයක්ම වැරදි ලෙස දකින්න මම ඉගෙනගෙන තියෙන නිසා, ඊට අමතරව ඒවගේ දේවල් හා ඊටත් වඩා දරුණු දේවල් වලට විරුද්ධව කතා කරපු නිසා, රටින් පැනලා යන්න වුණු මට හා මගේ පවුලට මේ දේවල් අදාල නැති වුණත් ඔබ සියලුම දෙනාත් මේ කියන චෝදනා වලට අඩු වැඩි වශයෙන් වැරදි කාරයෝ නිසා මම හිතුවා මේක මගේ පිටුවේ පල කරන්න
අපි අපේ වැරදි තේරුම් අරගෙන අපි හැදුනොත් රටත් ඉබේටම හැදෙයි කියලා මම විශ්වාස කරනවා.
ස්තුතියි .
මේක තමයි ලැබුනෙ
ගෝඨට Go home කියන්න ආපු ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ රටට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ගෝඨාභයයි 225යි කියලා.
ඒත් මේකට වගකියන්න ඕනෙ තව පිරිසක් ඉන්නවා.
මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො.
මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො.
ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො.
තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො.
විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු .
රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො
මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො ඉස්සරහ දෙකට නැවෙන, මැදපෙරදිග දහදුක් විඳලා රටට විදේශ විනිමය අරගෙන economic class එකේ එන මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො.
තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි තියෙද්දි ග්‍රාමසේවකලා ලවා බොරු සහතික හදාගෙන ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො
හැම ගෙදරකම සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො.
මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො.
නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො.
මුදලින් අඩු ඖෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඖෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු.
කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයො.
ගෙවල්වලට වෙලා දේශපාලකයන්ට බැන බැන ඉන්නවා මිසක් අඩුම තරමෙ මිරිස් පැළයක්වත් හිටවගන්න නොහිතන විශ්‍රාමික වැඩිහිටියො, ගෘහණියො, ළමයි.
ඒ විතරක් නෙවෙයි,
කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන, තැන තැන කෙළ ගහන, බීච් සයිඩ් ට්‍රිප් ගිහින් ළමයගෙ පැම්පස් එකත් මුහුදට විසි කරන, අනිත් මිනිස්සුන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මාර්ග නීති අනුගමනය නොකර පාරවල්වල යන, බස් එකේ කෝච්චියෙ හිර වෙද්දි ඒ මුවාවෙන් ගෑනුන්ගෙ කරේ යන, වෙන දරුවෙකුගේ බෑග් එකක් විසි කරලා තමන්ගෙ ළමයව ඉස්සරහ පෝලිමෙන් ඉන්ඳවන, විදුලි මීටරේ වයර් මාරු කරලා පාවිච්චි කළාට වඩා අඩු ගාණක් ලයිට් බිල ගෙවන, ගෙදර අපජලය පාරේ කාණුවට වැටෙන්න හරවන, අයුතු තැන කුණු දාන, පොලිතින් ප්ලාස්ටික් පුච්චන..තවත් දහස් ආකාරයක අපක්‍රියාවල හැම දවසකම නිරත වෙන ඔබ හැමදෙනාත් ගෝඨා එක්කම #GoHome
ඔයාලා පොඩි හොරු, එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා. ඔයාලා දෙගොල්ලම හොරු තමයි.
Copied
නම නොදන්නා රචකයාට ස්තුතියි