මට වයස 45 යි. තමුන්ට 47 යි. අවුරුදු 80 ක්‌ සිරදඬුවම&

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මට වයස 45 යි. තමුන්ට 47 යි. අවුරුදු 80 ක්‌ සිරදඬුවම&



    DFWOOjFUQAEEEUb.jpg


    ඒ එක්‌දහස්‌ නවසිය අනූහය වර්ෂයයි. බී. බී. සී. යේ ලෝක ප්‍රසිද්ධ වාර්තාකාරිනියක වූ ෆ්‍රින්සිස්‌ හැරිසන් සමඟ එදා මන්නාරමේ සංචාරය කිරීමට මට සිදුවිණි. මහා යුද සමයේදී ජීවිතයත් මරණයත් අතර වූ අත්දැකීම් සමුදායක්‌ මැද ඒ සංචාරය හමාර කොට ආපසු පැමිණි දිනයේදී ඇය හදිසියේම මගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවාය.

    “ඉලන්චෙලියන් නඩුකාරවරයා දැන් ඉන්නේ මෙහේ. අපි යන ගමන් ඔහුව මුණගැසී පොඩ්ඩක්‌ කතා කරමුද?”

    මම නම් දන්නේ නෑ…. ඒත් යමු යනුවෙන් දුන් පිළිතුර අනුව උදේ 6.30 ට පමණ අපි දෙදෙනා ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නිල නිවස වෙත පිය නැඟුවෙමු.

    ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියාට අපේ තොරතුරු දැනුම් දීමෙන් පසුව ඔහු ඒ විස්‌තර ලියාගෙන විනිසුරුවරයාගේ බංගලාව වෙත ගියේය. ගත වූයේ විනාඩි කීපයකි. පොලිස්‌ නිලධාරියා වහාම පැමිණ ගේට්‌ටුව විවෘත කළේය.

    අපි දෙදෙනා විනිසුරුවරයාගේ බංගලාව වෙත යන විට ඔහු සිය දකුණු අත කලිසම් සාක්‌කුවේ රඳවා ගෙන කළු පැහැති කබායෙන් සැරසී අධිකරණය වෙත යැමට සූදානමින් සිටියේය.

    ෆ්‍රි‍රන්සිස්‌ හැරිසන් දුටු විගස හලෝ…. ආෆ්ටර් වෙරි ලෝන් ටයිම්…. ආයූ හියර් යනුවෙන් කියමින් ඉලන්චෙලියන් විනිසුරුවරයා ඇයව පිළිගත්තේය. ඇය මාව හඳුන්වාදීමෙන් පසුව “ගුඩ් මෝනින් රතු” යනුවෙන් පවසත්ම මම මගේ දකුණු අත ඔහු වෙත දිගු කරමින් “ගුඩ් මොනින් සර්” කීවේය.

    මේ දෙදෙනාගේ කතාබහට අනුව මට වැටහී ගියේ මේ දෙදෙනා ඉතා කුළුපග මිතුරන් බවට පත්ව තිබුණේ යාපනයේ චෙම්මනි පළාතේ පිහිටි සමූහ මිනීවල පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට ගිය අවස්‌ථාවලදීය. අප දෙදෙනා සමඟ කතා කරමින් සිටින අතරතුර සේවකයකු විසින් රැගෙන ආ කෝපි කෝප්ප දෙක අපට පිළිගන්වන ලද්දේ ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින්මය. අනතුරුව මඳක්‌ කතා කොට අපි ඉන් නික්‌මුණේ විනිසුරුවරයාට අධිකරණයට යැමට ඇති අවශ්‍යතාව අප තේරුම් ගත් නිසාවෙනි.
    vavuniya-epdp-camp_110605_1.JPG


    ඉන් වසර කීපයකට පසුව මේ ඉලන්චෙලියන් විනිසුරුවරයා වවුනියාව දිසා විනිසුරුවරයා වශයෙන් පත්ව වවුනියාවට පැමිණියේය. රාජකාරිය වූයේ එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් 17 දෙනකුගේ මළ සිරුරු වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ආ අවස්‌ථාවේදී ඒ පිළිබඳ පරීක්‌ෂණය සිදුකිරීමය. එය වාර්තා කිරීමට මමද එහි ගියෙමි. රාජකාරි කටයුතු අවසන් වීමෙන් පසුව මම ඉලන්චෙලියන් විනිසුරුවරයා සමඟ බොහෝ දේ කතා කරමින් සිට සමුගත්තේය.

    දිනක්‌ වවුනියාව අධිකරණයේ විභාග වූ නඩුවක්‌ වාර්තා කිරීමට ගිය අවස්‌ථාවක මටත් මා සමඟ ගිය සහෝදර මාධ්‍යවේදීන් තුන් දෙනාටත් වාඩි වීමට අසුන් නොවීය. අපි හතර දෙනා හිටගෙන නඩුවේ තොරතුරු අපේ සටහන් පොත්වල සටහන් කරගනිමින් සිටියදී ඉලන්චෙලියන් විනිසුරුවරයා හදිසියේම අධිකරණ කටයුතු විනාඩි 10 කට කල් තබා ඔහු ඔහුගේ නිල කාමරය වෙත ගියේය. විනාඩි කීපයක්‌ ගත වීමට පෙර අධිකරණ කටයුතු භාර පොලිස්‌ සැරයන්වරයා පැමිණ අපි හතර දෙනාට පුටු හතරක්‌ හා මේසයක්‌ ලබා දී අපිව වාඩි කළේය.

    පොලිස්‌ නිලධාරියා අපිට පැවසුවේ අපි හිටගෙන සිටීම ගැන දොස්‌ පැවරුවේ පොලිස්‌ නිලධාරියාට බවයි. අපි අසුන් ගැනීමෙන් පසු ආපසු පැමිණි විනිසුරුවරයා යළි එම නඩුව විභාගයට ගත් අතර, අපි එම නඩුව පිළිබඳ තොරතුරු වාර්තා කළෙමුය.

    තවත් දිනක වවුනියාවේ බැංකුවක්‌ ඉදිරිපිට බෝම්බ පාර්සලයක්‌ තිබී එය නිෂ්ක්‍රීය කිරීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු බිම දිගේ බඩගාමින් වයරයක්‌ද රැගෙන බෝම්බය දෙසට යමින් සිටියේය. මම සිදුවන්නේ කුමක්‌ද? යන්න දැක ගැනීමට ලයිට්‌ කණුවකට මුවා වී කැමරාවද මානාගෙන බෝම්බය දෙස බලා සිටියේය.

    එක්‌වරම පිටුපසින් පැමිණි පොලිස්‌ නිලධාරියකු මගේ පිටට තට්‌ටු කොට “අන්න අපේ සර් ඔයාට කතා කරනවා” යෑයි පැවසූ නිසා මම ආපසු හැරී බැලුවෙමි.

    ඉලන්චෙලියන් විනිසුරුවරයා අධිකරණ කටයුතු හමාර වී දිවා ආහාරය ගැනීමට සිය නිල නිවස වෙත මෝටර් රථයෙන් යමින් සිටියදී එතැන සිදු වූ දේ දැක ගැනීමට මෝටර් රථය නතර කොට තිබුණි. මම සිද්ධිය විස්‌තර කළ විට මුලින්ම මට දෙමළ භාෂාවෙන් “මඩයන්” (මෝඩයා) යනුවෙන් බැන්නේය. කරන්න ඕනේ දෙයක්‌ තමන්ගේ ජීවිතේ ගැන හිතලා කරන්න ඕනෑ “රතු” යනුවෙන් මට උපදේශයක්‌ දී ඔහු නික්‌ම ගියේය.

    මේ සිද්ධිය වූ දින වවුනියාව රෝහල වෙත මෘත ශරීර ගණනාවක්‌ රැගෙනැවිත් ගබඩා කොට තිබූ දිනයකි. උදේ 7 ට පමණ මමත් අපේ සහෝදර මාධ්‍යවේදිනුත් වවුනියාව රෝහල වෙත ගොස්‌ විනිසුරුවරයා පැමිණෙන තුරු බලා සිටියේ පරීක්‌ෂණ කටයුතු වාර්තා කිරීමටය.

    ඉලන්චෙලියන් විනිසුරුවරයා පැමිණෙන විට මම “ගුඩ්මෝනින් සර්” පරිද්දෙන්ම සෙසු මාධ්‍යවේදීන් ඔහුට සුබ පැතුවේය. දත්මිටි කමින් රෝහල් මෘත ශරීරාගාරයට ගිය විනිසුරුවරයා සිය රාජකාරිය කළේය. අපි ඡායාරූප ගත්තෙමු. වීඩියෝ කිරීම්ද අපේ රස්‌සාවේ හැටියට කරගෙන ගියේය. සියල්ල අවසානයේ එළියට පැමිණි ඉලන්චෙලියන් විනිසුරුවරයා මා ඉදිරියට පැමිණ සිටගෙන බැණගෙන බැණගෙන ගියේය.
    judge-elancheliyan1-720x450.jpg

    “මේක මොන රටක්‌ද හලෝ – දැන් මෙතන ආමි එකේ 8 ක්‌ මැරිලා. එල්. ටී. ටී. ඊ. 11 ක්‌ මැරිලා. මොකා වුණත් මේ රටේ මිනිස්‌සුනේ. ඇයි මේක මහ මිනිස්‌සුන්ට තේරෙන්නේ නැත්තේ. උදේ පාන්දර මිනී ගොඩක්‌ බලලා ගිහින් මම කොහොමද උසාවියේ තීන්දු දෙන්නේ. මිනිස්‌සු උදේ රස්‌සාවට යන්න ඕනේ හිත සතුටෙන්. මේක නම් පුදුම කරුමයක්‌ යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංගී්‍රසියෙන් මාරුවෙන් මාරුවට කියාගෙන ඔහු පිටව ගියේය.

    විනිසුරු ඉලන්චෙලියන්ගේ නඩු ඇසීම මෙන්ම නඩු පිළිබඳව ලබාදෙන තීන්දුද ඉතාමත්ම අභියෝගාත්මක වෙයි. ඒ සමය මහා යුද සමයක්‌ මෙන්ම එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවෝ උතුර පාලනය කළ සමයකි. රුපියල් 70,000 ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක්‌ මත එල්. ටී. ටී. ඊ. තරුණයන් දෙදෙනකුට එරෙහිව නඩුවක්‌ තිබුණි. නීතිඥවරු කුමක්‌ කීවද? විනිසුරු ඉලන්චෙලියන් විත්තිකරුවන් දෙදෙනාගෙන් විමසා සිටියේ “මේ කෙනා ඔයාලට සල්ලි දෙන්න තිබුණාද? යන ප්‍රශ්නය පමණි. දෙදෙනාම නැහැ කී සැණින් මුදල් ආපසු ලබාදීමට නියෝග කළ ඉලන්චෙලියන් විනිසුරුවරයා එල්. ටී. ටී. ඊ. තරුණයන් දෙදෙනා වසර දෙකකට හිරගෙදර යෑවීය.

    එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට එරෙහිව වූ බොහෝ නඩුවලදී ඔවුන්ට බරපතල දඬුවම් පමුණුවද්දී උතුරේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රැසක්‌ම දිසා විනිසුරුවරයාට සිය ජීවිතයට ඇති තර්ජන ගැන සිතා කටයුතු කරන මෙන් අවවාද දෙන්නට විය. නමුත් ඉලන්චෙලියන් විනිසුරුවරයා ඒවා තුට්‌ටුවකට මායිම් නොකළේය.
    10_09_06_vavuniya_435_03.jpg

    වවුනියාවේ මංකොල්ලකෑම්, ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ සිද්ධීන් 104 කට එක්‌ පුද්ගලයකු වරදකරුවකු විය. ඔහුට වසර 80 ක සිරදඬුවමක්‌ ඉලන්චෙලියන් විනිසුරුවරයා නියම කළ අවස්‌ථාවේදී විත්තිකරු මහා හඬින් කියා සිටියේ.

    “හොඳයි මම ආපහු ආවම බලාගන්නම්කෝ” යනුවෙනි.

    අධිකරණ ශාලාවේ සිටි සියලුම දෙනා තුෂ්නිම්භූත වූහ. එහෙත් ඉලන්චෙලියන් විනිසුරුවරයා සිනා සී පැවසුවේ “මට වයස 45 යි. තමුන්ට 47 යි. අවුරුදු 80 ක්‌ සිරදඬුවම් විඳලා ආපහු එනකොට ඔයත් නෑ…. මමත් නෑ…. ඒ නිසා බලාගන්න දෙයක්‌ ඉතුරු වෙන්නේ නෑ. යන්න පමණකි.

    ඉලන්චෙලියන් විනිසුරුවරයා වවුනියාව දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ වකවානුවේදී අධිකරණයේ නඩුවක්‌ නැතත් ඔහුට පෞද්ගලිකවම ලිපි ලියා තැපැල් කොට යෑවීමට වවුනියාවේ වැසියන්ට හැකියාව තිබුණි. එම ලිපි කියවා බලා ඊට සුදුසු පියවර ගැනීම ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිරිතයි.

    වවුනියාවේ මහරම්බකුලම ගම්මානයේ කාන්තාවන් පිරිසකගෙන් විනිසුරුවරයාට ලිපියක්‌ ලැබී තිබුණි. ඒ සිය සැමියන් දිනපතාම “හොර මත් පැන්” පානය කිරීම නිසා පවුල් අවුල් වැඩි වී ඇති බවටය. විනිසුරුවරයා පළාතේ ඉහළම පොලිස්‌ නිලධාරියාට කතා කළේය. පොලිසියට ඔත්තුව දුන්නේ විනිසුරුවරයායි. පොලිසිය දින ගණනක්‌ වවුනියාවේ මහරම්බකුලම ගම්මානය පරීක්‌ෂා කළද “හොරසුරා” අසු නොවුණි. පළාතේ “හොර මත්පැන්” නොමැති බවද පොලිස්‌ ලොක්‌කා විසින්ම විනිසුරුවරයාට දැන්වීය.

    ලිපියේ තිබූ දුරකථන අංකයකට කතා කොට හරියටම ස්‌ථානය දැනගත් ඉලන්චෙලියන් විනිසුරුවරයා සරමකින් හා කමිසයකින් සැරසී යාළුවකුද සමඟ හොරසුරා තිප්පල සොයා ගියේය. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් පිරිසකටද කළ යුතු දේ කියා ඇඳිරි වැටෙත්ම “හොර සුරා” තිප්පළට ගියේය.

    මිතුරන් දෙදෙනාම වාඩි වී රුපියල් විස්‌සක වක්‌කරපන් කීවේය.

    රුපියල් විස්‌ස දෙන විට මත්පැන් පානය කිරීමට පැමිණි කෙනෙකුගේ දකුණු අත පණ නැති බව දැක හොර සුරා අලෙවිකරු “පව් මේකාගේ අතත් පණ නෑ. ඔන්න ඔහේ දීපන්…. සල්ලි ගන්න එපා කියා. බැදපු මයියොක්‌කා අල පෙත්තක්‌ද බයිට්‌ එකට දී තිබේ.

    අතට ගත් මත්පැන් වීදුරුව හොරෙන් බිමට හලා වටපිට බලන විටම පොලිස්‌ නිලධාරීන් පිරිස පැමිණ මත්පැන් ජාවාරමේ නිරතව සිටි තුන් දෙනාම අත්අඩංගුවට ගත්හ.

    ඉලන්චෙලියන් දිසා විනිසුරුවරයා එම ස්‌ථානයෙන් නැගිට දිවගොස්‌ ඇත්තේද පොලිසිය එනවා පොලිසිය එනවා යනුවෙන් පවසමිනි.

    මත්පැන් අලෙවි කළ තුන්දෙනා පසුදින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. නීතිඥයන් පැවසුවේ නැති බැරිකමට මත්පැන් අලෙවි කරපු බවයි. තුන් දෙනාගේම අතපය පෙන්වන ලෙස නියෝග කළ විනිසුරුවරයා

    “බලන්නකෝ ඔය අතපය හොඳට තියෙද්දී ඇයි ඔය වගේ නරක වැඩ කරන්නේ…. මේ බලන්නකෝ මගේ අත පණ නෑ. ඒත් මම හොඳ රස්‌සාවක්‌ කරනවානේ කියමින් අත පෙන්වන විට පෙරදින පුද්ගලයාව සිහිවී හොර මත්පැන්කරුවන්ට දෙලෝ රත්විණි. දඬුවමක්‌ නියම නොකළ විනිසුරුවරයා රාජ්‍ය නොවන සංවිධානයක්‌ සමඟ කතා කොට ඔවුන්ට ස්‌වයං රැකියා කරගෙන යැම පිණිස එළුවන් ලබාදුනි.

    ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ දකුණු අත පණ නැතිව ඇත්තේ ඔහුට කුඩා කාලයේදී පෝලියෝ රෝගය වැළඳීම නිසාය. එදා මන්නාරමේදී මට වුණු ඇබැද්දියෙන් පසුව ඒ කතාව කියා දුන්නේද න්සිස්‌ හැරිසන් වාර්තාකාරිනිය විසින්මය.

    පත්තර පිටු සිය ගණනක්‌ ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිද්ධීන් හා නඩු තීන්දු ගැන අපට ලිවිය හැකිය. ඒ තරමටම ඔහු අරුම පුදුම නඩුකාරයෙකි. සියලු දේ කළේ ප්‍රායෝගිකවය. විනිසුරු අසුනෙන් බැහැරව අසන ලද නඩු සංඛ්‍යාව අතිමහත්ය. දඩ ගෙවා ගැනීමට මුදල් නොමැති අයට ඔහුගේ සාක්‌කුවෙන් මුදල් දී දඩ ගෙවීමට ඉඩ සලස්‌වා ඇත.

    යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් දැන් ඔහු කටයුතු කරයි. විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සාක්‌කි දීමට පැමිණි කුඩා දරුවකු පසුගිය ජුලි 12 වැනිදා අධිකරණය තුළ ක්‌ලාන්ත වී බිම ඇද වැටුණි. දරුවාගේ පියාගෙන් විමසා ඇත්තේ ඔහුට රෝගයක්‌ ඇත්දැයි යන ප්‍රශ්නයයි.

    ” නෑ සර්…. උදේම එන්න ඕනේ නිසා ආවා ළමයට කෑමක්‌ නෑ. එයාට මොනවා හරි කන්න අරන් දෙන්න මට සල්ලි තිබුණෙත් නෑ”

    පියා එසේ පවසත්ම සිය මුදල් පසුම්බියෙන් මුදල් ගෙන අධිකරණ සේවකයකු අතට දී දරුවාට වහාම කෑම සපයා දෙන මෙන් දන්වා තිබේ. කෑම කා බඩ පිරී අධිකරණයට ආපසු පැමිණි කොලුවා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දී ඇත්තේ ගිරවකු මෙන්ය.

    මේ කතා කරන ඉලන්චෙලියන් විනිසුරුවරයා පිළිබඳව යළි මතකය අවදි වුණේ ඔහුගේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ සැරයන් (24330) හේමචන්ද්‍ර පසුගිය 22 දා යාපනය නල්ලුර් ප්‍රදේශයේදී පිස්‌තෝලකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ වී මියයැමෙන් පසුව පොලිස්‌ සැරයන්වරයාගේ බිරිඳ සිය සැමියා බැලීමට යාපනයට පැමිණි අවස්‌ථාවේදී ඉලන්චෙලියන් විනිසුරුවරයා හඬා වැළපුණු දසුන දැකීමෙනි.

    මුලින්ම බිරිඳ පැමිණෙන විට අත් දෙක එකට එකතු කොට සැරයන්වරයාගේ බිරිඳට වැඳ නමස්‌කාර කොට සමාව ඉල්ලීමට තරම් ඉලන්චෙලියන් විනිසුරුවරයා නිහතමානී විය. ඔහු වැඳ වැටුණේ නිකම්ම නොවේ. සිය දෙදණ පොළවේ තබා වැඳ නමස්‌කාර කොට පැවසුවේ සැරයන්වරයා මියගියේ තමන්ව ආරක්‌ෂා කිරීමට ගොස්‌ බවයි. ඒ සමඟම ඉලන්චෙලියන් විනිසුරුවරයා මහා හඬින් විලාප තබමින් හඬා වැටුණේ සිය හිස බිත්තියේ ගසා ගනිමිනි. ඔහුව අස්‌වසාලුවේ මියගිය සැරයන්වරයාගේ බිරිඳයි.

    මානික්‌කවාසගර් ඉලන්චෙලියන් ඉතාම අඩු වයසකින් මේ රටේ විනිසුරු ධුරයට පත් අයෙකි. ඔහුගේ අභිප්‍රාය වූයේ නීතිය ආරක්‌ෂා කිරීමය. එහෙත් ඔහු සාම්ප්‍රදායික විනිසුරුවරයකු නොවීය. දෙමළ ජාතිකයකු වුවත් ඔහු සිය සේවා කටයුතු සඳහා ඉතාම ළඟින් තබාගෙන සිටියේත් අදට සිටින්නේත් සිංහල පිරිසකි.
     
    Last edited:

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මෙන්න මිනිස්සු.. මේ වගේ අය තම පාර්ලි‌‌මේන්තුවට යන්න ඕනේ.. අපේ අවාසනාවන්ත කමට කොහෙද ඉතින් :(:(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උතුම් මිනිසෙක් මචං.. මෙන්න නියම දෙවිවරු :yes::yes:
     

    nishadfun

    Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    අත පන නැති කෙනෙක් කොහොමද අත් දෙක උස්සන්නේනේ වඳින්න
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ හුගක් උන්ට වඩා හොද ගති තියෙන දෙමල මුස්ලිම මිනිස්සු ඉන්නවා .එත් එමිනිස්සු දෙමල / මුස්ලිම් ජතිවාදෙට බයේ යටත්ව තමයි ජීවත් වෙන්නේ .

    ඇද මේ පොන්න පැටව උදව් කරන්නේ අන්න ඒ ජතිවාදෙට සහජීවනේ කියල සින්හලුන්ව මර්දනේ කරමින් .:angry:
    එකට හේතුව මුන්ට සිංහල ජාතිවාදේ උද ආවොත් කවදාවත් බලේ ලැබෙන්නේ නැ ඉන්නත් බැ .හැබැයි දෙමල සහ මුස්ලිම් ජාතිවාදේ තියෙනකන් මුන්ට බලේ ඉන්න පුළුවන්:angry:

    රටේ හැබෑම සහජීවනේ ඇති කරන්න නම් එක ජාතියක ජාතිවාදේ විතරක් මරදනේ කරලා හරියන්නේ නැ .:angry:
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    හොද මිනිස්සුන්ට ජාතිය ආගම භාෂාව වැදගත් නැ කියන්න හොදම උදාහරණයක්....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මෙන්න මිනිස්සු.. මේ වගේ අය තම පාර්ලි‌‌මේන්තුවට යන්න ඕනේ.. අපේ අවාසනාවන්ත කමට කොහෙද ඉතින් :(:(

    කියන තැනකට වදින්නම්. මේ වගේ කට්ටිය ඉන්න තැන වලම හිටියොත් හොදයි. නැතිනම් පාර්ලිමේන්තු ගිහින් දුෂිත වෙලා නැති බංග වෙන්නේ. පේනවනේ ෆොන්සේකාට වෙච්ච දේ. රනිල ඕවට සුරය.

    බුදු සර්, අපේ සර්..... එන්න සර්.............. අපි ඉන්නවනේ සර්............... කියල ෆොන්සේකාව අන්දගෙන වැඩේ ඉවරුනයින් පස්සේ........ හපල විසි කරපු බුලත් වගේ. මේකෙත් ෆොන්සේකාට වැදගෙන හිටපු කට්ටියක් හිටිය ; අපිට අමතක නැහැ. හිටියේ ෆොන්සේකාට ඇති මගුල් ආදරයකට නෙවි............... මහින්දට විරුද්ද පබයෙක් විදියට.