මම දන්න අය්යා කෙනෙක් ඉන්නවා. එයා හුඟක් දක්ෂය්, බුද්ධිමත්. මට ගොඩක් උදව් කරලා තියනවා. හැමෝටම උදව් කරනවා, හැමෝටම තැනකට එන්න කියල උනන්දු කරනවා. ඒ අය්යට මේ තියන ගුණයන් ගැන මට හුඟක් පැහැදීමක් තිබුනා. එකය් මම එයට හුඟක් කැමති. මම එයාට හුඟක් ගෞරව කලා. මට අය්යලා නැහැ. ඒ හින්දා මම එයාව මගේම අය්යා විදිහටය් දැක්කේ. මම මගේ යාළුවොත් එක්ක ඒවගේම ගෙදර අයත් එක්ක ඒ අය්යා ගැන හුඟක් කතා කරා. ඒ උනත් ටික කලෙක ඉඳන් එයා මං ගැන ඕනවට වැඩිය උනන්දුවක් පෙන්නන විත්තියක් මට තේරුණා. හැබය් මට ඒ අය්යා ගැන එහෙම වෙන විඉහක අදහසක් තිබුනේ නැහැ.
මම මේ කතාව බොහොම කෙටි කරලා කියන්නේ....
එයාට මා ගැන එහෙම උනන්දුවක් තියන වගක් දැනුනම මම එයාගෙන් ඈත් වුනා. වැඩිය කතා කලේ නැහැ. වැඩි ආශ්‍රයක් කලේ නැහැ. මම එයාට කිව්වා මම ගැන අදහසක් තියනවනම් ඒක අත්හරින්න කියල...එයා මට කිව්වා එහෙම දෙයක් නැහැ කියල...ඒ උනත් මට තේරුණා... එයාගේ ඇස්දෙක දිහා බැලුවම... මම කවදාවත් එයාට අදහසක් එන විදිහට එයාව ආශ්‍රය කලේ නැහැ...මම කවදාවත් එයාව නොමග යවන විදිහට හැසිරුනේ නැහැ... ඒ උනත් එයාගේ හිතට මං ගැන ආදරයක් ඇතිඋනා... දවසක් එයා මට කිව්වා එයා මට ආදරේ කියල...මට ඇත්තටම ඇඩුනා...මම දන්නවා එයා හොඳ කෙනෙක් කියල...නමුත් මට එයාට ඕන විදිහට එයාට ඒ ආදරය දෙන්න බැහැ...මම ඒ වග කිව්වම එයාට හුඟක් තරහ ගියා...සමහර දේවල් කියවුණා, සිද්ද උනා.... මාස 2-3 කට පස්සේ මාත් එක්ක එයා අයෙමත් කතා කලා...එයා මට කිව්වා දැන් එයා මා ගැන හිතන්නේ නැහැ කියල...මම දන්නේ නැහැ එකේ ඇත්ත නැත්ත...සමහර දාට එයාගේ ඇස්වලින්, හැසිරීමෙන් පේනවා එයා එයාගේ වේදනාව හංගන්න උත්සහ කරන බවක්....මමත් අසය් එයත් එක්ක ඉස්සර වගේ ආශ්‍රය කරන්න...ඒ උනත් එයාට තව වේදනා දෙන්න, තව දුකක් දෙන්න මම කැමති නැහැ... ඒ නිසා මම කොච්චර ආස උනත් මම එයාව ආශ්‍රය කරන ඒක නවත්තලය් තියෙන්නේ...මට ඒ ගැන හිතන හැමදාම ඇඩෙනව...එයා තාමත් මා එක්ක කතා කරනවා ... එඋනත් මම එයාට කිව්වා දවසක්.... මමත්, එයත් කොච්චර ආස උනත් තව ඉස්සරහටත් ආශ්‍රය කරන්න, ඒක සිද්දවෙන්නේ නහි බව...මට කියන්න පුළුවන් ඕන නම් "අපි මේවා ඔක්කොම අමතක කරලා යාලුවෝ වගේ ඉමු" කියල, නමුත් එයාගේ ආශ්‍රයෙන් ඒවගේ ආත්මාර්ථකාමී ආමුනක් ඉෂ්ට කරගන්න මම කැමති නැහැ...මට මටම සමාව දෙන්න බරිවෙය් එහෙම දෙයක් උනොත්... ආදරය දෙන්න බැරිනම්, යහළුවෝ වගේ දෙයකට සීමා කරමු කියල මට කියන්න තියන අය්තිය මොකද්ද? ඒ නිසා මම එයට කිව්වා අපිට කවදාවත් යහළුවෝ වගේ ඉන්න බැහැ කියල...මට හුඟක් ඇඩුනා, මට අන්තිමට මගේ අය්යා නැති වුනා කියල....ඒවගේම එයාගේ අස්වලත් කඳුළු තිබුන....ආයාසයකින් ඒක හංගගෙන....
මේගැන හිතන හැමදාම, හැමතිස්සෙම මට ඇඩෙනව, අපේ ආශ්‍රය මේ විදිහට කෙලවර වෙය් කියල මම කවදාවත් හිතුවේ නැහැ....
එයාට මම කවදත් හොඳ අනාගතයක්, සෞබග්යයෙන් පිරුණු හෙට දවසක්, ආදරයෙන් පිරුණු ජීවිතයක් පතනවා...එයාගේ හදවත පිරිසිදුය්....එකට සදරනයක් කරන්න පුළුවන් ගැහැණු ළමයෙක් අනිවාර්යයෙන් එයාට මුණගැහෙය්....එකය් එයාට හැමදාම අය්යා කියල අමතපු මගේ පැතුම ...