මට හමුවූ හොඳම ගුරුවරයා
අවුරුදු ගණන් ඉගෙනගත්තත්, ජීවිත කාලෙ පුරාම ඉගෙනගත්තත් කට පුරාම හිතට දැනෙන්නම සර් මිස් කියල කියන්න පුලුවන් ගුරුවරු හමුවෙන්නෙත් ඉන්නෙත් බොහොම ටික දෙනෙක් කියලයි මටනම් හිතෙන්නෙ.
ජීවිතේ ගැන එළිපිටම කතා කරන, වැටෙන්න පුලුවන් වළවල් පෙන්නල දීල ඒවයින් බේරිල ඉන්නෙ කොහොමද කියල පෙන්නල දෙන්නෙත් එහෙමත් ගුරුවරයෙක්මයි. ඒ වගේම අපේ අනාගතේ සාර්ථක වේවා! කියල, ඒ සාර්ථකත්වයට අවශ්‍ය කරන කරුනු කාරණා පෙන්නල දෙන්නෙත්, කියල දෙන්නෙත් එහෙමත් ගුරුවරයෙක්මයි.
මේ තරම් දේවල් කියෙව්වෙ මට අමතක කල නොහැකි සර් කෙනෙක් ගැන කියන්නයි.අමතක කල නොහැකි කියන්න හේතුව එතුමා අද අපි අතර නැති නිසයි.වැලිවේරිය බෝම්බෙ මට මහා වෘක්ෂයක් නැති කලා කියන එකයි වඩාත්ම හරි.ඒක වෙලා දැන් අවුරුදු කීයක්ද? හිතෙනව ඇති උඹලට.ඒත් අද ඊයෙ වගේ දැනෙන දේවල් අතරට ඒ සිද්ධියත් එකතු වෙනව කොල්ලනේ.
උදේම ආවම කන්න ගෙනාපු කඩල පාර්සලෙන් ඇටේ ඇටේ හරි අපට බෙදල දුන්න කාපන් කාපන් කියල.නිවාඩු ඉවරවෙලා ආවම මුන් මහත් වෙලා තියෙන හැටි කියල බැන බැන දිවෙව්ව අපිව.උගන්නන්න තිබ්බ දේවල් අඩුවක් කලේම නෑ කවදාවත්.ඒ නිසාම එxඅම් ගැන බයක් තිබ්බෙ නෑ අපට.
කියන්න දේවල් ගොඩාක් තියෙනව.ඒත්.... ඒ හැමදේමත් එක්කම සර් නොකියම නොහිතූ මොහොතක අපිව දාල ගියා නේද කියන දේ මතක් වෙනව.මම මේක මෙතනින් ඉවර කරනව මගෙ කොල්ලනේ. ජීවිතේ අවසන් වෙන තුරුම සර් වගෙම හැම කෙනෙකුටම උදව් කරනව මාත්.ඒක එදා වගේමයි හෙටත් හැමදාටමත්.ඒක සර් වෙනුවෙන් මට කරන්න පුලුවන් හොඳම දේ.බුදු සරණයි උඹල හැමෝටම.