මට හෙල්ප් කරන්න යාලුවනේ

vjsam

Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    සිගරට් අරක්කු නිතර බොනව නම් නවත්වපං මචන්, ඒ වගේම උබ කෙමට දුර්වලයි කියලා හිතෙනවා නම් ඒක අමතක කරලා දාපං.. ගොඩක් උන්ට ඔහොම වෙන්න හේතුව එකයි... ඒ වගේම කරන ප්‍රැක්ටිකල් එක කලින් රිෆර් කරන්න පුලුවන් නම් ලැබ් එකට යන්න කලින් එහෙම කරලා පලයන්... කරන වැඩේ අවබෝධයෙන් කරන්න හැම වෙලේම උත්සාහ කරන්න. ඒ වගේම බලගෙන ඉන්න උන් ගැන වැඩිය හිතන්න එපා.. තමන් කරන ක්‍රමය වැඩේ හරි හෝ වැරදි වෙන්න පුලුවන්... ඒ ගැන හිතන්නේ නැතුව ප්‍රැක්ටිකල් එක කරපන්, වැරදුනොත් වරැද්ද හදා ගනින්.. ඒකට ලැජ්ජා වෙන්න ඕන නෑ... අපි දන්නවා නම් කෙලින්ම විභාගෙට යනවනේ... ප්‍රැක්ටිකල් කර කර ඉන්නවයෑ.. නමුත් හැම වෙලාවෙම හරියට කරන්න උත්සාහ ගන්න....

    ඔය ටික කරලා බලන්න, දවසකින් හරි යන එකක් නෑ. මාසයක් දෙකක් ඔය විදිඅට කරලා බලන්න... හරි යන්නේ නැත්නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න. එහෙම යන්න කියන්නේ මානසික ලෙඩක් කියලා හිතාගෙන නම් නෙවෙයි... එහෙම හිතන්නත් එපා. ඒ ලෙවල් කරන කාලේ එක එක සයිකෝ ගති හැමේටම තියනවා.. ඔය ගැන වැඩිය හිතන්නේ නැතිව ඉන්න එක තමයි හොදම දේ....