මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කවුද කියුවේ මචෝ උඹට ADHD කියලා.. :oo::oo::oo:
    ADHD අවු 3 ත් 8ත් අතර අවස්ථාව තමා මානසික රෝගී විදියට සලකන්නේ..
    ඔයාගේ පොඩි කාලේ කියල තියෙන දේවල් එක්ක ඒ රෝගේ ලක්ෂණ යන්නේ නෑ..
    :no::no::no::no:
    පොඩි කාලේ ADHD තියෙන ළමයෙක් ගේ හැසිරීම ඔය දැක්ක නම් ඔය ඔය කතාව කියන එකකුත් නෑ..:rolleyes::rolleyes::rolleyes:

    උඹත් ගම්පහ ද :dull:

    අර video එකේ කියපු ඔක්කොම ලක්ෂණ තියෙනව බන් ...එකක් දෙකක් ඇරෙන්න ..
    ADHD විතරක් නෙමේ බන් , Bipolar Disorder ,Maladaptive daydreaming( මේක තම ප්‍රදානම ) තියෙනව බන්
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,772
    3,362
    113
    උබල මචං කොහොමද කල්පනා කරන්නේ ...තීරණ ගන්නේ ....

    මම ඔලුව ඇතුලෙන් හැම තිස්සෙම කතා කරනවා .....ඔලුව යකාගේ කම්මල වගේ ...
    මම හිතන්නේ මගේ ඇගත් හැදෙන්නේ නැත්තේ මේක හින්ද ....

    අනේ මන්ද බන් ...ඉස්සරහට මොනා වෙයිද කියල .

    mono doctor kekenkta pennuwe nadda?
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    උබල මචං කොහොමද කල්පනා කරන්නේ ...තීරණ ගන්නේ ....

    මම ඔලුව ඇතුලෙන් හැම තිස්සෙම කතා කරනවා .....ඔලුව යකාගේ කම්මල වගේ ...
    මම හිතන්නේ මගේ ඇගත් හැදෙන්නේ නැත්තේ මේක හින්ද ....

    අනේ මන්ද බන් ...ඉස්සරහට මොනා වෙයිද කියල .

    භාවනාව උපයෝගී කරගෙන මුකුත් උත්සහ කරේ නැද්ද ?
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Matath oya LAKSHANA HAMA EKAKMA THIYANAWA BAN EPA WENAWA ME LINK EKA PODDAK BALANNAKO MAN DAAPDU THREAD ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1609621

    oka dammahama mata kenek PM kara machan uba ADHD gana hoyala balapanko kiyala bali nam oya okkama symptoms tiyenawada?

    eya mata ewapu msg eka mekai

    Machan ube waysa keeyada??

    Ubata mona hari mental awul scene thiyenwa wage therenwada??

    ADHD, Bipolar ahala thiyenwada...

    Meka mata ewapu kena thamai ada me thread eka dala tiyenne oya kauruho wewa hodin inna
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර video එකේ කියපු ඔක්කොම ලක්ෂණ තියෙනව බන් ...එකක් දෙකක් ඇරෙන්න ..
    ADHD විතරක් නෙමේ බන් , Bipolar Disorder ,Maladaptive daydreaming( මේක තම ප්‍රදානම ) තියෙනව බන්

    දෙයියෝ සාක්කි...:shocked::shocked::shocked:
    උඹ ඉන්නේ කොහෙද කියපන් උඹට පුලුවන් උදව්වක් කරන්න...
    ඔය නම් කියන තරම් ලේසි නෑ ඔය කියල තියෙන ලෙඩ ටික..
    මෙහෙම කියන්නම්..
    ADHD සුව කල හැක..
    BAD පාලනය කළ හැක
    Day Dreaming (ලෙඩක් නෙමේ..) කියුවම මොන වගේ දේවල් ද තියෙන්නේ..(ඔයාට පේන දේවල්..)
    මට මේ සම්බන්ධයෙන් උදව් කරන්න යම් අගයක් දක්වා හැකියාව තියෙනව..
    (ඇත්තම උදව් අවශ්‍ය නම් විතරක් කියන්න...)
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබට ඕක හොද කරගන්න පුළුවන් වෙයි අනිවා..පන්සල් පලයන් හැමදාම..පොඩි හරි සහනයක් එයි..
     
    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....

    මම පොඩිකාලේ හොඳට ඉගෙන ගත්තා ...පන්තියේ හැමදාම පළවෙනිය ...5 වසර විභාගයට ලකුණු 130 ගත්ත ...5ක් මදි වුන ...
    හැබයි ඔය කාලෙත් මම ටිකක් ගණිතයට දුර්වලයි .....මම ඒ කාලෙත් ටිකක් වෙනස් , වැඩිය කතා බහ නැහැ .ගොඩක් වෙලාවට තනියම සෙල්ලම් කරන්නේ . මිනිසුන්ටත් ටිකක් බයයි.

    අම්මා අපිව වැඩිය සෙල්ලම් කරන්න එලියට යවන් නෑ ...මම පන්තියේ පළවෙනිය වුනාට සාමාන්‍ය දැනීමෙන් මම ගොඩක් පස්සෙන් හිටියේ .අපේ තාත්ත පිට රට හිටියේ .

    8, 9 වසර එනකොට මගේ චරිතේ ටිකක් වෙනස් වෙනවා ....ගැන්සි බැහැල ,වලි දාගන්න පැත්තට . O ලෙවෙල් කරන කාලේ හොඳටම වල බහිනවා.
    අරක්කු , සිගරට් බොන්න ගන්නවා ....ක්ලාස් ගිහින් ඉගෙන ගන්නේ නෑ ...එක කෙල්ලෙක් හිටිය ..එයා දිහා හොරෙන් බල බල ඉන්නව ..

    කොහොම හරි O level , පාස් වෙනවා ...ඊට පස්සේ මුලින්ම මම commerce කලේ ...මාස දෙක කට පස්සේ ..maths වලට මාරු වෙනවා ...

    මේ කාලේ තමයි මගේ ජිවිතේ ගිලිහුන වටිනාම අවුරුදු දෙක .මම ක්ලාස් ගියේ පුස්සැල් ල sir , කෙසිරි sir ගාවට.
    පන්ති ගියාට වැඩක් නෑ ...ගිය වෙලේ ඉඳන් දවල් හීන බලනවා .දන්නෙම නැතුව පැය 2,3 යනවා .මම හිස් මනසකින් ගෙදර යනවා.

    මම දන ගෙන හිටියේ නෑ මට ADHD ,,ඔය හීන බලන මානසික රෝගය තියෙනව කියල ....

    A /L වල කරපු පාඩම් , ඒ physics tute මතක් වෙන කොට ඇත්තටම අඩෙනව ...මගෙත් මොළේ හොඳට තිබ්බ නම් මමත් හොඳට ඉගෙන ගන්නවා .
    දැන් පරක්කු වැඩියි .

    මම මේ ටික උබලත් එක්ක බෙදා ගන්නේ ...උබල මේ වගේ දේවල් ගැන දැනුවත් වෙයල්ලා ..උබේ දරුවෝ ගැන හොඳට හොයපල්ලා .
    පිට රට නම් ගුරුවරුන් ළමයි ගැන හොඳට හොයනවා ,ළමයිගේ වෙනසක් දැක්කම ඒවාට අවශ්‍ය පිළියම් ගන්නවා .
    අපේ රටේ ගුරුවරුන්ටත් , දෙමා පියන්ටත් එහෙම දැනුමක් මේ ගැන නෑ ..

    Adoo ... uba waradilawath 2004 AL nemei neda??? uba liyala tiyana tika kiyapuwama mata una seen eaka as deka isaraha mavila penwa .... A/L hariyata kragathe nathi duka adatath therenwa.... mokak hari karumekata dan wena ratakata avila yanathan deiyane kiyala katawath karadarayak nathuwa jeewath wenna puluwan wela tiynwa..
    mage experience walin eak deyak kiyanam kollo....A/L kale hitapu full sira yaluwo set eakak nam adatath inwa ... jeevithe ohoma tamai ban.. hamadama salli tiyeneth naha karadara tiyenneth naha. .. anika igena ganwa kiyana eakata wayasak naha.ubata uwamanawak tiyenna vitrai one....
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    දෙයියෝ සාක්කි...:shocked::shocked::shocked:
    උඹ ඉන්නේ කොහෙද කියපන් උඹට පුලුවන් උදව්වක් කරන්න...
    ඔය නම් කියන තරම් ලේසි නෑ ඔය කියල තියෙන ලෙඩ ටික..
    මෙහෙම කියන්නම්..
    ADHD සුව කල හැක..
    BAD පාලනය කළ හැක
    Day Dreaming (ලෙඩක් නෙමේ..) කියුවම මොන වගේ දේවල් ද තියෙන්නේ..(ඔයාට පේන දේවල්..)
    මට මේ සම්බන්ධයෙන් උදව් කරන්න යම් අගයක් දක්වා හැකියාව තියෙනව..
    (ඇත්තම උදව් අවශ්‍ය නම් විතරක් කියන්න...)

    ප්‍රසිද්ද වෙලා සින්දු කියනව හීන බලනවා ,,cricket team එකේ ඉන්නවා ....ඉස්සර මාව චාටර් විදියට දැකපු මිනිස්සු මාව වෙනස් විදියට දකිනවා හීන බලනවා .....

    එක වෙලාවක් තියෙනව මීටරේ නියෙමටම තියෙනව ..ඒ වෙලාවට අර limitless film එක වගේ ...හැබැයි ටික වෙලාවයි ....

    මම බෙහෙත් ගන්න කැමති නෑ ...වෙන ක්‍රමයක් තිබ්බොත් හොඳයි මචන්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    මම බෙහෙත් ගන්න කැමති නෑ ...වෙන ක්‍රමයක් තිබ්බොත් හොඳයි මචන්

    කරන්න දෙයක් නෑ මචෝ :no: . මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන්නම වෙනවා . දොරමඩලාවෙන් මම දැකපු කෙනෙක් ඉන්නවා . මිනිහගේ නම නිරෝෂ මෙන්ඩිස් , මානසික වෛද්‍ය වරයෙක්. හම්බවෙලා බෙහෙත් ගන්න :)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft

    matath mehemane:(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    එක වෙලාවක් තියෙනව මීටරේ නියෙමටම තියෙනව ..ඒ වෙලාවට අර limitless film එක වගේ ...හැබැයි ටික වෙලාවයි ....

    ඉක්මණින්ම mood change වෙනවා නේද .Bipolar Disorder ලක්ෂණයක් . :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඞ්කාවෙ ඉන්න ළිං මැඬියන්ට මානසික රෝගයක් කිව්වහම මතක් වෙන්නෙ විකාරය විතරයි... මෙහෙ ඉන්න මැඬියො හිතං ඉන්නෙ අංගොඩ කියන්නෙ පිස්සො ගාල් කරන තැනක් කියල.. ඒ වගේ ගොං නාම්බන්ට ළමයෙක්ගෙ මානසික රෝගයක් ගැන කියල කුණුහරුප අහගන්නවට වඩා කටවහගෙන ඔහේ ඉන්න එක ඇඟට ගුණයි කියල ගුරුවරුන්ට හිතෙනවත් ඇති...
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    මමත් හිතෙන් මවාගන්නවා මම ඉන්ජිනියර් කෙනෙක් වෙලා power plant එකක වැඩකරනවා :dull:

    මමත් හිතෙන් මවාගන්නවා මම ඉන්ජිනියර් කෙනෙක් වෙලා Microsoft eke වැඩකරනවා :(
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කරන්න දෙයක් නෑ මචෝ :no: . මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන්නම වෙනවා . දොරමඩලාවෙන් මම දැකපු කෙනෙක් ඉන්නවා . මිනිහගේ නම නිරෝෂ මෙන්ඩිස් , මානසික වෛද්‍ය වරයෙක්. හම්බවෙලා බෙහෙත් ගන්න :)

    දැන් ලංකාවේ නෙමේ යාළු
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උබල වැරදි වැටහීම් ඇති කරගන්න එපා:no: . හීන දකින හැමෝම ලෙඩ්ඩු නෙමෙයි.
    මගේ ප්‍රශ්නේ මේකට සීමාවක් නැති එක . සාමාන්‍ය ජිවිතේ ඈත් වෙලා හැම තිස්සෙම හීන දකින එක