අරගලයේ සිටි සහෝදරයෙකුගේ මරණය පිළිබඳව කනගාටුවට පත් වෙමි.
ඔහු විසින් ලියූවායි කියන ලිපියක මාගේ නම ද සඳහන් වී තිබීම මා විමතියකට පත් නොකළත්, ඇතැමුන් දැනටමත් එය සත්‍ය ලෙස පිළිගෙන අවලාද නැගීම් පටන් ගෙන තිබේ.
මේ ලිපිය බොරුවක් බව බොහෝ දෙනා පිළිගෙන තිබේ. එහෙත් සමාජ මාධ්‍ය වල ස්වභාවය නම් බොරුවක් යන දුර සත්‍යයක් ගමන් නොකිරීමයි. එනයින් අදින් පසුව සල්ලි ගත්තා යැයි චෝදනාවද මාගේ පසුපසින් පැමිණීම මා හට වැළක්විය නොහැකිය.
ඒ වගේම බොරුවක් දහස් වර කීව ද එය සත්‍යයක් නොවන්නේ වූවත්, සමාජ මාධ්‍යය සංස්කෘතිය තුළ බොරුවක් දහස් වර කී විට එය සත්‍යක් යයි පිළිගැනේ.
ඔබලා සිටින්නේ එසේ විකෘති කළ තොරතුරු වලින් නිර්මාණය කර ගත් බුබුලක් තුල ය. එහි සත්‍යය යැයි කොටසක් ඇත්තේ අල්පව ය. ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පය ක්‍රියාත්මක වීමට ජනතාව විසින් සත්‍යය තොරතුරු දැන ගෙන සිටීම අත්‍යාවශ්‍යය. එහෙත්, ඔබට සත්‍යය අත් දකින්නට නොලැබේ. එනයින් විකෘති කළ තොරතුරු මතින් තනා ගත් ජන මතයකින් පොහොසත් ඔබ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී තීරණ නිවැරැදි නොවේ. එබැවින් බහුතර කැමැත්ත යනු විකෘතියක් බව අපේ දේශපාලන ක්‍රමය තුලින් පැහැදිලිව මේ වන විටත් ඔප්පු වී තිබේ.
මේ තොරතුරු අතර ඔබ අතරමං කොට ඔබේ මතය හසුරුවන්නට දේශපාලන කණ්ඩායම් සමත් වන තුරාවට, ඔබ පතන වෙනස ඉටු නොවේ. මෙය එක එක පුරවැසියාට තේරුම් කර වෙනස් කළ හැකි යථාර්ථයක් ද නොවේ. එය අප තුල පරිණාමය වී අභ්‍යන්තරයේ ඇති මානව ගති ලක්ෂණ වලින් පහළ වන මූලික ප්‍රතිචාරයක් බැවින් ඔබට එයට හසුවී නොසිටීමට ලොකු ශක්තියක් අවශ්‍ය වෙයි. එහෙත් එය එසේ කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණකි.
එනයින්, ඉවසීමෙන් කටයුතු කරන්න. සමාජය සුව පත් කර ගන්න. සාමයෙන් සිටින්න.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#පැතුම්ගේ_කතාව
#හරිත