ගීතා කියන හින්ද චන්දෙ දෙන මිනිස්සු මේ රටේ ඉන්නවද කියන්න මමනම් දන්නෙ නෑ.
මම මහින්දට චන්දෙ දෙන්නෙ වසර 30ක් පුරාවට තිබුණු යුද්ධෙ ඉවර කළ නිසා. ඊට කලින් හිටපු සේරම නායකයො කළේ යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙනකොට, කොටින්ට යන එන මං නැති වෙනකොට සාම සාකච්ඡා පටං ගත්තු එක. ඊට පස්සෙ කොටි අලුතින් වෙපන්ස් ගෙනත්, බංකර් ටික එහෙම හදා ගත්තට පස්සෙ සටන් විරාම කඩල ආයෙත් ගහන්න පටං ගන්නවා. මේ විෂම චක්රය නැවැත්තුවෙ මහින්ද.
සෙබළකුගෙ පවුලේ උදවියට තම පුතා/සහකරු/පියා මිය ගියේ නිශ්ඵලව නොවෙයි කියන හැඟීම ආවෙ ඉලව් සාම සාකච්ඡා නැතුව යුද්ධ කළ නිසා. ටිකක් වයසින් වැඩි අයට මතක ඇති, යුද්ධයේ මුල් කාලයේ හමුදාවට බැඳෙන්න පොර කෑ අපේ තරුණයින් පසු කාලෙක ඊට අකමැති වුණා- මොකද, මවුබිම බේරා ගැනීම සඳහා ඔවුන් කළ කැපවීම වතුරේ යන නිසා. නමුත් අන්තිමට දිගටම යුද්ධෙ කරගෙන යනකොට තව ඕනෙ තරම් අය කැමැත්තෙන් බැඳුණා.
අපේ යුද හමුදාවට කවදාවත් බැරිකමක් තිබුණෙ නෑ ත්රස්තවාදය තුරන් කරන්න. ඔවුන්ගෙ කැපවීම තුට්ටුවකට ගණන් නොගෙන සාම සාකච්ඡා තිය තිය, කොටින්ට ආයුධ දිදී, අපේ කොල්ලොන්ගෙ ජීවිත, අත පය, ඇස් එක්ක සෙල්ලම් කළේ මේ රටේ දේශපාලකයො.
සරත් ෆොන්සේකා මටනම් යුධ වීරයෙක්. එතුමා ඒ තැනේ සිටීම ජයග්රහණයට හේතු වුණා. දේශපාලකයන්ට මඩ ගැහුවත් යුද වීරයකුට මඩ ගහන එකට මම විරුද්ධයි.
අපි දෙන්නගෙ අදස වෙනස් වෙන්න පුළුවන්
නමුත් අඩුම තරමෙ උඹට ආත්මයක් තියෙනව
සහ මම උඹේ අදහස් වලට හිස නමා ගරු කරනවා







