මඩ Govenment

KDH

Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    [/CENTER]
    [/COLOR]

    [/SIZE]
    බටලන්ද වදකාගරේ කියක් මැරුවද?ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?


    88 90 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ මෝඩ තකතීරු වැඩ නිසා තමයි. ජනතා විමුක්ති පෙරමුණේ උනුත් මැරුව ආමි කාරයොත් මැරුව. එවෙලාවේ ජවිපෙ බැලුවේ රට පෙලල්ලලා සමාජවාදය ගෙන්න. නමුත් මෝඩ විජේවීර දන්නා රෙද්ද. හරි සමාජවාදය තුල මිනිමරන්නේ නැහැ.
    ඕනෑම ආණ්ඩුවක් රජය පෙල්ලන්න ( යුධමය වශයෙන් යුධ අරන් රජය පෙලාන්න හදනකොට එවැනි ක්‍රියාමාර්ග ගන්නවා )

    නමුත් මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම සම්පුර්ණයෙන්ම නිවැරිදි අතට ගමන් ගැනීම සතුට දනවන කරුණක්.

    නමුත් මහින්ද මරන්නේ මාධ්‍යවේදීන් , සාමාන්‍ය ජනතාව , සාමාන්‍ය පාසල් යන දරුවන් වගේ අය.







    මාධ්‍යවේදීන් උනත් රටට දේශද්‍රෝහී ප්‍රකාශ කරනවානම් මරුවාට කිසිම වරදක් නෑ.සාමාන්‍ය ජනතාව තමා හැමෝම.පාසල් යන ළමයි මැරුවද? එහෙම එකක් නම් දන්නේ නෑ.රනිල්ගේ ඊනියා සාම ගිවිසුම නිසා සාමාන්‍ය ජනතාව කොච්චර ltte එකෙන් මැරුවද? රනිල් සාමාන්‍ය ජනතාව මැරුවෙම නැද්ද?jvp කරපු අයම විතරද මැරුවේ? උසාවියේ නඩු ඇහුවද ඒවාට?වරදකරුවන් විතරද මැරුවේ එතකොට?

     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනේ ගෙනා “මහ ඔලූවා” තමා යැයි කියාගන්නා හල්ලොලූවා ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතී. තුසිත හල්ලොලූව පවසන පරිදි මංගලලා, චම්පිකලා, අනුරලා, දුමින්ද හා රාජිතලා වැන්නවුන් කරපු දෙයක් නැත. සියලූ සැලසුම් හල්ලොලූවාගේය. සියලූ මෙහෙයුම් හල්ලොලූවාගේය. පුවත්පත් මගින් සල්ලි ගෙවා ලිපි පලකරවාගෙන තමාවම පුම්බා ගැනීමට වෙර දරන තුසිත හල්ලොලූව උපන්නේ බෙන්තර බද්දේගම ගමේය.R

    පත්තර කිහිපයකට විටින් විට විශේෂාංග ලියූ හෙයින් තමා විසින්ම මාධ්‍යවේදියෙකැයි ප‍්‍රසිද්ධියේ කියා ගනිමින් රටේ ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගෙන කපටිකමින් දැනහැදුනුම්කම් ඇති කරගත්තේය. මොහු ඒ සියල්ලෝම තමාගේ අතිජාත මිත‍්‍රයින් ලෙස හුවා දක්වමින් බොරුවෙන් ජීවත් වන්නෙකි. මොහු ගත් බොහෝ සම්මුඛ සාකච්ඡා කිසිදු පුවත්පතක පලවුයේ නැත.
    එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් කේලම් කියන්නෙකු ලෙස හංවඩු ගැසුණු තුසිත ගැන ඇතමුන් පවසන්නේ Thousand talks, No works යනුවෙනි. ප‍්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත් තුසිත හල්ලොලූව රගපාන්නේ දෙස් විදෙස් හි ඉගෙනුම ලැබුවෙකු සේය.

    පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රිපාල සිරිසේනගේ නිල නිවස පැත්තට හොරෙන් රිංගාගත් තුසිත අනවශ්‍ය ආකාරයෙන් වචන දාන්න ගොස් මෛත‍්‍රිපාලගේ ලේකම් වූ කරුණාරත්න පරනවිතානගෙන් කනේ පාරක් කා විලිලැජ්ජාවට පත් වූයෙකි. සිදු වූ දේ කිහිප දෙනෙකුම දුටු හෙයින් එතැනින් මාරු වූ තුසිත මංගල සමරවීර පස්සේ ගාටමින් රස්තියාදු ගසමින් නිකරුණේ කාලය ගත කරන්නට විය. මංගලට ලැබෙන තොරතුරු අසා සිටිමින් අලූත් වැඩකට තුසිත අත ගසන්නේ මේ කාලයේය. එනම් විවිධ ගැටලූවලට ලක් වූ අයගේ තොරතුරු මංගලට ලැබෙන බැවින් ඒවා අසාගෙන සිට, මංගල වැනි අය හරහා සහන සැලසිය හැකි යැයි පවසමින් කප්පං ගැනීමට තුසිත පටන් ගත්තේය.

    නිතර තමා ලග ගැවසෙමින් වාතයක් වෙන තුසිතව මංගල විසින් විවිධ තැන් සදහා යවනු ලබන්නේ නිතර දැකීම තමාටත් මල වදයක් වුණු බැවිනි. එයින් තමා මංගලගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කියා ගනිමින් තුසිත කටයුතු කළ අතර, මුලින් මෙවැනි මැට්ටෙකු මංගල තම සම්බන්ධීකරණ ලේකම් කරගනීදැයි බොහෝ දෙනාට ප‍්‍රශ්ණයක් වූ නමුත් පසුව එය හැමෝටම සාමාන්‍ය දෙයක් බවට පත්විණි. ඉංග‍්‍රීසි අකුරක්වත් බැරි තුසිත හල්ලොලූව අද විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. එසේම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. මෙම ආයතන දෙකේම ඉහල නිලධාරීන් බහුලව භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි වන අතර බෝර්ඞ් මීටිං වලදී තුසිත හල්ලොලූව කිසිදු වචනයක් පවසන්නේ නැත. මුලූමනින්ම නිහඩය.

    යහපාලනේට මාස හතරක් වෙද්දී ඉන්න හිටින්නට තැනක් නැතිව හිටි තුසිත හල්ලොලූව අද ඉන්නේ Crescat හි අතිසුඛෝපභෝගී සුපිරි නිවසකය. මාසිකව ගෙවන නිවාස කුලිය හත්ලක්‍ෂ පනස්දාහකි. එසේම කෝට්ටේ ගල්වල පාරේ අලූතින් කෝටි 03 ක පමණ නිවසක් මුදලින් කෝට් දෙකක් දී ඉතිරිය ණයක් මගින් හිමිකර ගැනීමට ද තුසිත සමත් වී ඇත. එහි ණය වාරිකය වන තුන්ලක්‍ෂ විසිපන්දහස කප්පං සල්ලි විදියට වෙනත් කෙනෙකු ගෙවා දමයි. එපමණක් ද නොව යන්න එන්න බයිසිකලයක්වත් නොතිබුණු තුසිත හල්ලොලූව අද පාවිච්චි කරන්නේ BMW හා බෙන්ස් යන වර්ගවල රථ දෙකකි. ඒවා ද විවිධ යටිකූට්ටු වැඩ කරදෙන බවට පොරොන්දු වී කප්පං වශයෙන් ලබා ගත් ඒවාය. මෙම මුදල් ගෙවන්නේ කවුද, කුමන හේතු නිසාද, මේ වන විට කීයක් ගෙවා තිබේද යනාදි කරුණු සාක්ෂි සහිතව අප වෙත ලැබී ඇත. ඒවා සහ තවත් බොහෝ තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam


    මාධ්‍යවේදීන් උනත් රටට දේශද්‍රෝහී ප්‍රකාශ කරනවානම් මරුවාට කිසිම වරදක් නෑ.සාමාන්‍ය ජනතාව තමා හැමෝම.පාසල් යන ළමයි මැරුවද? එහෙම එකක් නම් දන්නේ නෑ.රනිල්ගේ ඊනියා සාම ගිවිසුම නිසා සාමාන්‍ය ජනතාව කොච්චර ltte එකෙන් මැරුවද? රනිල් සාමාන්‍ය ජනතාව මැරුවෙම නැද්ද?jvp කරපු අයම විතරද මැරුවේ? උසාවියේ නඩු ඇහුවද ඒවාට?වරදකරුවන් විතරද මැරුවේ එතකොට?




    ඔන්න ඕකට තමයි කියන්නේ ගෝත්‍රික ලක්ෂණ කියල. නොදියුණු අන්තවාදී රටවල් වලත් ඔයදේම සිද්ද උනා. ඔය වගේ දේවල් අගය කරන්නේ ගෝත්‍රික නොදියුණු පාලකයින්ගේ අනුගාමිකයින්. උබත් එක්ක තව දුරටත් තර්ක වැඩක් නැහැ .
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    අවුරුදු 10කින් 5ක් යුද්දෙට ගියා කියමුකෝ. ඉතුරු අවුරුදු 5දි මුන් හිටියේ කටේ පිට්ටු වගේ. දැන් මුන් දින 100කින් ඔක්කොම වෙනකන් බලාගෙන ඉන්නවා. පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බන්. :lol::lol::lol:

    සාම සාකච්චා ගහලා ආතල් දිදී හිටියනම් ඔය කොමෙන්ට් එක නැති වෙන්නත් තිබ්බා. මොකද උබ මෙලහටත් මැරිච්ච එකෙක් වෙන්න තිබ්බා. අනික යුද්දෙකින් පස්සෙ කොච්චර වැඩ තියෙනවද කරන්න. බිම්බෝම්බ අයින් කරලා මිනිස්සු පදිංචි කරවන්න එපැයි. ඒකත් අඟලෙන් අඟලට සීරුවෙන් කරන්න ඕන. ආවට ගියාට කරන්න බැහැ. යුද්දෙන් අවතැන් වුන මිනිස්සු යළි පදිංචි කරවන්න ඕන ක්‍රමානුකූලව නැවත යුද්ධ ගැටුම් සිදු නොවන ආකාරයට. ඒ අතරෙ රටට එරහිව ජාත්‍යන්තරයෙන් එන ගැටළු වලට නොබියව මුහුණදී යටත් නොවී පිළිතුරු සැපයිය යුතුයි.

    මම මෙහෙම සරලව කරුණු පැහැදිලි කරේ උබේ වයසට ගැළපෙන්න මොළේ නැති නිසා. කිව්වට තරහ වෙන්න එපා අයොබොවන්ඩ. උබ උබේ අම්මට තාත්තට සලකන්නේ නැති කාළකන්නියෙක් කියලා උබේ කොමෙන්ට් දැක්කම කියන්න පුළුවන්. අනික මේ වගේ වැදගත් සෝෂල් හබ් ෆෝරම් එකක කුණුහරුප කියන්න එපා :)
     
    • Like
    Reactions: Miami-Vice

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සාම සාකච්චා ගහලා ආතල් දිදී හිටියනම් ඔය කොමෙන්ට් එක නැති වෙන්නත් තිබ්බා. මොකද උබ මෙලහටත් මැරිච්ච එකෙක් වෙන්න තිබ්බා. අනික යුද්දෙකින් පස්සෙ කොච්චර වැඩ තියෙනවද කරන්න. බිම්බෝම්බ අයින් කරලා මිනිස්සු පදිංචි කරවන්න එපැයි. ඒකත් අඟලෙන් අඟලට සීරුවෙන් කරන්න ඕන. ආවට ගියාට කරන්න බැහැ. යුද්දෙන් අවතැන් වුන මිනිස්සු යළි පදිංචි කරවන්න ඕන ක්‍රමානුකූලව නැවත යුද්ධ ගැටුම් සිදු නොවන ආකාරයට. ඒ අතරෙ රටට එරහිව ජාත්‍යන්තරයෙන් එන ගැටළු වලට නොබියව මුහුණදී යටත් නොවී පිළිතුරු සැපයිය යුතුයි.

    මම මෙහෙම සරලව කරුණු පැහැදිලි කරේ උබේ වයසට ගැළපෙන්න මොළේ නැති නිසා. කිව්වට තරහ වෙන්න එපා අයොබොවන්ඩ. උබ උබේ අම්මට තාත්තට සලකන්නේ නැති කාළකන්නියෙක් කියලා උබේ කොමෙන්ට් දැක්කම කියන්න පුළුවන්. අනික මේ වගේ වැදගත් සෝෂල් හබ් ෆෝරම් එකක කුණුහරුප කියන්න එපා :)

    අනේ නිකන් පලයන් බන් යන්න. අද ඊයේ අලුත් එකවුන්ට් එකක් හදන් ඇවිත් අපිට පොර ටෝක් දෙනවා ෆෝරම් එකේ කතා කරන්න ඕනේ විදිය ගැන. නිකන් විහිළු කියන්න එපා බන්. උඹලා ඔක්කොම එකයි බන්. :lol::lol::lol:

    ඔව් ඔව් ඔය උඹ කියන ඒවා තියාගෙන තමයි මහින්දට තව බලේ ඉන්න පුළුවන් කම තියෙද්දී අවුරුදු දෙකකට කලින් චන්දෙකට ගියේ. ඔය දේ උඹට තේරුම් ගන්න බැරි මොළේ ගැන ආයේ කවර කතාද බන්. තව ටිකක් මෝරලා වරෙන් මගෙත් එක්ක කතා කරන්න.
    :D:D:D:D
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    බටලන්ද වදකාගරේ කියක් මැරුවද?ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?

    බොරු සාම ගිවිසුමක් ගහලා හමුදා බුද්ධි අංශේ කියක් මැරුවද? ඒ ගිවිසුම නිසා සාමාන්‍ය ජනතාව කියක් මරුනද?ගිවිසුමෙන් ආමි එකේ බලය අයින් කෙරෙව්වට කොටි ඕන තරම් බෝම්බ තිව්වනේ.ඒ වගේම ආමි එකේ සාමාන්‍ය සෙබළු කියක් මැරුණද? යුද්දෙදි මැරෙන ඒක සාමාන්‍ය දෙයක්.යුද්දයක් නැතිනම් ආමි එකේ ය මැරෙන්න විදියක් නෑනේ. රනිල් ගේ වැඩ නිසා ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?

    ලොකුම මුල්‍ය වංචාවට නඩු තියෙන එකාට, සතොස විනාශ කරපු එකාට මහා බැංකුව බාර දුන්නා.බැදුම්කර ප්‍රශ්නෙත් ඉවරයි, මුල්‍ය වන්චාවත් ඉවරයි.

    ජොන්ස්ටන් සතොසේ බඩු හොරකම් කරා කිවා.හැබැයි සතොසේ බඩු තිබුනා.දැන් හොරකම් කරන්නෙත් නෑලු, හැබැයි සතොසේ බඩුත් නෑ.

    උතුරේ කොටි සැමරුම් තහනම් කරලා අධිකරණ නියෝගයක් දුන්නා.ඒ උනාට විග්නේශ්වරම් ඒවා ගනන් ගත්තද?කොටි සැමරුවා.කෝ උට නිතිය?

    උබලා කියන විදියට කටුනායක මිනිස්සුන්ට වෙඩි තියන්න, හලාවත මිනිස්සුන්ට වෙඩි තියන්න, වැලිවේරියේ මිනිස්සුන්ට වෙඩි තියන්න හමුදාවට අණ දුන්නේ මහින්ද නේ, මහින්ද තමා මිනීමරුවා.එතකොට ප්‍රබාකරන් මරන්නත් ආමි එකට අණ දුන්නේ මහින්දම තමා.ඇයි එකට කියන්නේ නැත්තේ කොටි මැරුවේ මහින්ද, යුද්දේ ඉවරකරේ මහින්ද කියලා?එකට සරක් ෆොන්සේකා ලු කරේ. මහින්ද කිව නම් වෙඩි තියන්න එපා කියල සරත් ට වෙන්නේ ඒ කියනදේ කරන්න.නැතුව උගේ හිතු මනාපෙට වැඩ කරන්න බෑ.

    ඉතින් අන්තිමේදී මෙච්චරයි.







    නිකන් බයිලා නොගහා ඉඳින්. බටලන්ද නිකන් මඩක් විතරයි. තාම ඔප්පු කරගන්න බැරි උනා. චන්ද්‍රිකාටත් බැරි උනා මහින්දටත් බැරි උනා ඕක ඔප්පු කරන්න. උඹලා බටලන්ද ගැන කතා කරාට සිරිමා මැතිනිගේ කාලේ කොල්ලෝ කෙල්ලෝ මරපු ඒවා ගැන උඹලා නෝ කතා. ඒවා ගැනත් කතා කරපංකෝ බන්.

    බොරු සාම ගිවිසුම රනිල් ඉන්නකොට තිබ්බා කියමුකෝ. ආණ්ඩුව පෙරලිලා මහින්ද ජනාධිපති උනාට පස්සේ සාම කතා කොච්චර කරාද බන් මාවිල් ආරු වෙනකන්. ඒ යුද්දේ කරන්නත් ජෙප්පෝ හෙළඋරුමේ කිව්වේ නැත්තන් අදත් මහින්ද ඉන්නවා සාම කතා දාගෙන.

    කියන්න තියෙන්නේ මෙච්චරයි බන් උඹලට මේ ආණ්ඩුව එලවන්න ඕනේ නං මෙතන ලොරි ටෝක් දෙන්නේ නැතුව පාර්ලිමේන්තුව විසුරුවාම මේ UNP ආණ්ඩුව එලවලා අලුත් ආණ්ඩුවක් පත් කරගනින්. චැප්ටර් ක්ලෝස්
    :D:D:D:D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ශ්‍රී ල නි ප කැඩීම


    දවල්ට මෛත්‍රිපාල, රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්‍ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල කමිටුවක් සමග මහින්ද ගැන සාකච්ඡා කිරීමට සිදු වී ඇත. එබැවින් ඔහු උදේ කී දේ දවල්ට නැහැ යි කියයි. සවසට වෙනත් කතාවක් කියයි. රෑට ඔහු කියන්නේ ඒ එකක්වත් නොකී බව ය.

    එක්තරා දැන්වීමක එක් තරුණයකු අනුරාධපුරයට ගොස් තම පියාට දුරකථනයෙන් කියන්නේ මෙහෙ වැව් නැහැ, තිබුණත් නාන්නෙ නැහැ යනුවෙනි. මෛත්‍රිපාල කියන්නේ මෙහෙ රූපවාහිනි නාලිකා නැහැ, තිබුණත් කතා කරන්නෙ නැහැ යනුවෙනි. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔහු වරක් 8 වැනි දා රෑට කටුනායක ගුවන් තොටුපොළ වසා දමන බව කීවේ ය. පසුදින ඔහු ඇසුවේ තමා එසේ කීවේ ද එසේ කීමට තමාගේ ඔළුව නරක් වී තිබේ ද යන්න ය. ඔහු එසේ කී බව නම් අපි දනිමු.


    පසුගිය දිනෙක ඔහු ශ්‍රී ල නි පක්‍ෂය කැඩීම ගැන නමක් නැති අයට බැණ වැදුනේ ය. ශ්‍රී ල නි පක්‍ෂයෙන් පිටත සිට පක්‍ෂය කැඩීමට උත්සාහ කරන අය පසුපස නොගිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩී ඇත. ඒ උඩින් ය. පහත කැඩී නැත. පහළ සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ සමග පෙළ ගැසෙති. මහින්ද දවල්ට එකක් කියා රෑට තවත් එකක් නො කියයි. පාක්‍ෂිකයන්ට ඔහු සමග වැඩ කිරීම පහසු ය.


    එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩී ඇති බව පැහැදිලි ය. ඒ උඩින් කැඩුවේ කවු ද? මම් ම නොවේදැයි මෛත්‍රිපාල කියනු ඇත. එහෙත් සිරිසේන කුමක් කියාවි ද? ඒ ප්රාජිත යැයි කියාවි ද? කුමක් කීවත් නැතත් නාලිකා තිබුණත් නැතත් ශ්‍රී ල නි පක්‍ෂයේ ලේකම් සභාපති සමග රෑට ආප්ප කා උදේට පක්‍ෂයෙන් පිට වී යෑම පක්‍ෂය උඩින් කැඩීමකි. ඔහුට එයට හවුල් වූවෝ කවරහු ද? පක්‍ෂය තුළ ම ප්රාජිත, එම් කේ ඩී එස් ගුණවර්ධන ආදීහු පක්‍ෂය උඩින් කැඩීමේ දී ඔහු සමග එකට සිට ඇත.


    ඒ පක්‍ෂය ඇතුළෙන් ඔහුට ආධාර කළ අය ය. එහෙත් එයට වඩා බලවත් කොටසක් පක්‍ෂයෙන් පිටත සිටියහ. ඒ ජාතික හෙළ උරුමයේ චම්පක නඩය නො වේ. ඔවුන් භ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩීමට ආධාර කළ බව සෑබෑ ය. එහෙත් ඔවුහු බලවත් නො වෙති. සෝම හාමුදුරවන්ගේ මහරගම හා අවට ඡන්ද උල්පත සිඳී බොහෝ කල් ය. කල්පයකට ඒ නැවත පණ ගැන්වීමට නො හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට පිටින් සිට උදවු දුන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ය. එහෙත් ඔවුන්ට ද පක්‍ෂය පහළ මට්ටමින් කැඩීමට නොහැකි විය.


    මෛත්‍රිපාලත් සිරිසේනත් ඒ සියල්ල දනිති. එබැවින් ම පිටතින් සිට ශ්‍රී ල නි ප කැඩීමේ සිහිනය දැක ඔවුහු අවදි වෙති. අවදි වී කෑ ගසති. අපි කුමක් කරමු ද? අපට කළ හැක්කේ එවැන්නන් සිටියත් පක්‍ෂය කඩන්නේ නැහැ යි කීම පමණකි. පක්‍ෂයෙ සාමාජිකයන් කළ යුත්තේ පක්‍ෂ සම්මේලනයක් කැඳවා පක්‍ෂයට වැසී සිටින ප්‍රාණියා පළවා හැරීම ය.


    නලින් ද සිල්වා


    2015 ජූනි 21