මතකද පාසල් කාලේ සුන්දර ආදරය????

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    මතකද පාසල් කාලේ සුන්දර ආදරය????

    අපි කතාවට කියන්නේ "හේතුවක් නැතුවම පටන් අරන් හේතුවක් නැතුවම නිමවෙලා ගිය ලස්සන ආදරය කියලා ".:yes:අපි අද කිදෙනෙක්ද ඒ බොළද කාලේ මැවුව මාලිගා විවාහයක් තෙක් රැගෙන ආවේ .:no:බොහොම ටිකදෙනෙක්..... දකින එක දෙයක් එනම්, බොහෝවිට තමාගේ හිතේ ඇදී රුපයට සමීප රූපයක්,ගති ගුණයක් සමීප කරගෙන ආදරය කරන්නට අපි ගොඩක් වෙලාවට පෙලබෙනවා. ගොඩක් වෙලාවට පංති බේදයක් නැ, හැමෝටම සුදු ඇදුම, ටියුෂන් එකෙත් වෙන වෙනම නොපෙනන තරමට සමානාත්ම බවක් . ජිවන බරක් නැති කාලෙක,mobile එකක් සිහිනයක් වූ කාලෙක(2003). අම්ම අප්පච්චි අපේ පුතා තාම පොඩි කියලා හිතෙන කාලෙක, අපේ income එක class fees , season එක, CTB නැතිවුනොත් private එකේ එන්න දෙන ගානත්, අම්මට උයන්න පරක්කු උනොත් කඩෙන් මොනවහරි කන්න කියල අතට දෙන ගානත්,කඩේ ගිහින් අතරින් පතර ගහන පොඩි පොඩි මාටියා පාරවල් අපි එකතු කරන් ඒ සුන්දර ආදරය තවත් සරසන්න හදපු හැටි:love: .film hole ,park ගොඩක් අසාකරේ room වලට නොගිහින් පන වගේ රකින ආදරය වගේ හැමදේම රැකගෙන ලස්සන දවසක යහන් ගතවෙන්න සිහින මවාගෙන (අවුරුදු 10 විතර කලින්,දැන් නම් ගොඩක් වෙනස් නේ ) . ..කොතරම් හමුවී කතා කරත් ලියුමක් නොලැබුණු විට හිතට දැනුනු දුක බොහෝ කලෙකින් හමු නොවුනවුන් වගේ.කොපමණ හමු උනත් යලි යලි හිතුව ඒ ආදරය . විහිලු කරමින් හිනැහුන යහළුවන් ,උදව් කරපු බ්රෝකස්ලා, නොලැබුන ආදරයට අකුල් හෙලපු උන් ,මේ සියල්ලක් මැදින් ගලාගිය ආදරය .උබලත් විදල ඇති.ගෙවල් වලට හොරෙන් , මගතොට මිනිසුන් මග අරිමින් ඒ අතරේම ගෙවල් වලට පියබා එන කේලම් වලට උත්තර හොයපු හැටි:angry:..විවාහය, ළමයින් සැළසුම් කල හැටි මතක් වෙනකොට මොකද හිතෙන්නේ ?
    පාසැල් කාලය නිමවී ඔබ ,මම ,ඇය සමාජ ගතවීම ,විශ්ව විද්‍යාලය ,විද්‍යා පීටය ,ටෙක් කොස් ,තරග විභාග,පුද්ගලික,රජ්‍ය අංශ රැකියා .තව මොනවද ආ... professional course ,රට යන එක..සමාජ මට්ටමේ වෙනස්කම් මත පන්තිභේදය ටික ටික ඇවිල ගිය කල්හි කුල භේද ,හිත්වතුගේ උසිගැන්වීම් ඇය මා ඔබ අතර ඇතිකළ පරතරය ආදරයේ සමාප්තියේ කෙටි සටහනකි.අද කොච්චර වෙනස් වෙලාද ඇය , මම ,මුළු ලෝකයම :shocked::shocked::shocked:.ගෙවා වසර හතකුත් සමග හමාරකුත් මෙකී නොකී සියලු සුන්දර මතකයන් සමගින් ගෙවුණු ඒ ලස්සන ආදරය .....
    උබලටත් මොනවහරි එකතුකරන්න හිතෙනවනම් ලියන්න ...එන්න එහෙනම් ..
     
    Last edited:
    • Like
    Reactions: Cool BreeZ

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    සිරාවට බන්.. පාසල් ප්‍රේමය කොහොම පටන් ගත්තද කොහොම ඉවර උනාද කියලා අදටත් හිතාගන්න බැ. :love::love: ඒ කාලේ මතක් වෙනකොටත් හිනා යනවා බන්..:lol::lol: සුන්දර නොමියෙන අතීතය.. :love::love::love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇත්තටම කොච්චර සුන්දරද ඒ අතීතය.. චුට්ටි දුකකුත් ඇස් අද්දරින් එනව ඒ කාලේ මතක් වෙද්දි
    1.gif
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    පාසල් සමේ අපි දෙන්නගේ
    නම් කුරුටු ගෑ කඩදාසි ඒ
    ගිනි අවුළුවා නටබුන් පෙමින්
    අපි වෙන්වෙමු ෛදවේ ලෙසින්
    :confused:
     
    Last edited:

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    පාසැල හැර අප වෙන්වී ගියා
    මතක සේයා මවා
    ඔබ ලියූ දේ තියා
    කී දේවල් පවා
    සුලගේ විසිරී දූවිල්ල වගේ
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    uba kiyanne aththa ban danata awurudu 10, 12 kata kalin yalu wela hitapu kollo kello rooms gane giye na. Dannam rooms yana un thamai wadipura inne. Aparade mata kellek yalu kara ganna thibbe ea kale. dan perahara gihin iwarai. Mama bus wala jack gahanna abbahi uneth kellek nath wela asahane wadi wela thamai.
     

    Palihawadana1990

    Well-known member
  • අඩේ පාසල් කාළෙ අමතක වෙන එකෙක් ඉන්නවනම් කියන්න තියෙන්නෙ ඌ වැස්සකටවත් ඉස්කෝලෙ ගියෙ නැති එකෙක් කියල... මට හිතෙනව ආපහු සා.පෙ. ළ කරන්න... පට්ට අතල් ඕයි....
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    සදක් බැස ගියා අවර ගිරේ
    ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුණා මතකයි
    මම ඉමි සිහි කරලා.....

    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
    පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුණ කෙල්ලන් හා
    මතකයි මගෙ බාලේ
    ..................

    ...........
    ...........

    තවත් වරක්........... තවත් වරක් මට පාසල් යන්නට
    ලැබුනොත් මම යනවා............

     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම නම් ඉක්කෝල කාලේ කෙල්ලෝ එක්ක යාලු උනේ නෑ....
    උදේ ඉඳන් හවස් වෙනකන් games ගැහුවා... wrestling බැලුවා... movies and cartoon බැලුවා.. කොල්ලො එක්ක සෙල්ලම් කලා..