මතකභත්ත ජාතකය

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මළවුන් සිහිකොට මතක බත් දානය දුන් මිනිසුන්ගේ කථාව

    පින්වතුනේ, පින්වත් දරුවනේ, මතක බත් දානය යන කරුණ අපේ රටේත් තවමත් භාවිතා වෙනවා. කෙනෙක් මියගිය විට හත්දවසේ බණ කියවද්දි එයට කියන්නෙත් මතක බණ කියලයි. හත්දවසේ දානයට කියන්නේ මතකබත් දානය කියලයි. ඒ පැරණි වචනය තවමත් භාවිතා වෙනවා. ‘මත’ කියන්නේ ‘මිය ගිය’ යන තේරුමට යි. මියගිය කෙනා වෙනුවෙන් කියැවෙන බණ ‘මතකබණ’ යි. මිය ගියවුන් වෙනුවෙන් දෙන දානය ‘මතකදානය’ යි. දැන් කාලේ කරන්නේ ඒ මියගියවුන් වෙනුවෙන් පිනක් ඉපදවෙන ආකාරයේ උතුම් චාරිත්‍රයක යෙදීම යි. ඒ තුළින් මියගිය ඤාතීන් සැපවත් වෙනවා.

    නමුත් බුද්ධකාලේ සැවැත් නුවර තිබුනේ වෙන ක්‍රමයක්. මිය ගියවුන් උදෙසා ඒ කාලේ මිනිස්සුත් මතකබත් දානයක් බ්‍රාහ්මණයන්ට දුන්නා. ඒ දානය වෙනුවෙන් ගොඩාක් එළුබැටලුවෝ මරණවා. ඒ සතුන් මරවලා ඒ මස් උයලයි දානය දුන්නේ.

    සැවැත්නුවර පිඬුසිඟා වැඩිය භික්ෂූන් වහන්සේලාට මේ මිනිස්සු සතුන් මරා මතකබත් දානයට සූදානම් වෙන ආකාරය දැකගන්නට ලැබුනා. ඒ භික්ෂූන් සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක වන්දනා කොට ඒ කාරණය විමසුවා.

    “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මිනිස්සු බොහෝ ප්‍රාණීන්ගේ ජීවිත වනසලා බ්‍රාහ්මණයන් කැඳවලා මියගිය අය වෙනුවෙන් මතකබතක් දෙනවා. මේ ක්‍රමයේ මතක බතකින් කිසියම් දියුණුවක් තියෙනවා ද?”

    “මහණෙනි, කිසි දියුණුවක් ලැබෙන්නේ නෑ. මතකබතක් දෙනවා කියලා ප්‍රාණඝාතයෙන් රැස්වෙන පවේ නම් දියුණුවක් වේවි. ඉස්සර කාලේ හිටපු නුවණැත්තෝ ආකාසේ වැඩහිඳගෙන බණ කියලා ඔය ආකාරයේ මතක බතේ ඇති නපුරු විපාක පෙන්නා දුන්නා. එතකොට යි ඒ කාලේ දඹදිව මිනිස්සු සතුන් මරා දෙන මතකබත් දානය අත්හැරියේ.”

    එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ඒ අතීත කථාව කියා දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කළා.

    “මහණෙනි, ඉතා ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත කියල රජෙක් වාසය කළා. ඒ කාලෙ තුන්වේදයේ ම පරතෙරට පත් දිසාපාමොක් ආචාර්ය වූ එක්තරා බ්‍රාහ්මණයෙකුට මතකබතක් දෙන්න ඕනා වුනා. ඔහු ඒ වෙනුවෙන් එළුවෙක් ගෙනාවා. තම ශිෂ්‍යයෙකුට කතා කරලා මෙහෙම කිව්වා.

    “දරුව…. මේ එළුවා ගඟට ඇන්න ගොහින් හොඳ හැටියට නාවපන්…. ඊට පස්සෙ බෙල්ලට මල් මාලයක් දාලා, ශුද්ධ අළුවලින් ඇඟිලි පහ ම හිටින්ට ඉරි ඇඳලා මෙහෙ ඇන්න වරෙන්.”

    එතකොට ඒ ශිෂ්‍යයා අර එළුවාව ගඟට ගෙනිහින් නෑව්වා. මල් මාලයක් පැලැන්දුවා. ඇඟිලි පහ ම හිටින්ට ශුද්ධ අළුවලින් ඉරි සලකුණු තිබ්බා. ගංගා තීරයේ එළුවාව තිබ්බා.

    එළුවා දන්නවා දැන් එයාව මරන්නයි යන්නේ කියලා. මේ පෙර ආත්මේ කරපු කර්මයක්. මේ ආත්මෙන් ඒ කර්මය අවසන් වෙනවා කියලත් දැක්කා. දැකලා කළයක් බිඳින්නැහේ මහා හඬින් සිනහසුනා. ඊට පස්සෙ තමන්ව මරණ බ්‍රාහ්මණයාට මොකක්ද වෙන්නේ කියලා බැලුවා. තමන්ට මෙතෙක් අත්වූ දුක්ඛිත ඉරණම මේ බමුණාටත් අත්වෙනවා නේද කියල ඔහු ගැන මහා දුකක් හටගත්තා. එතකොට එළුවා මහා දුක්ඛිත හඬකින් හැඬුවා.

    එතකොට ඒ බමුණා ගේ ශිෂ්‍ය පිරිස එළුවා වටකරගෙන ප්‍රශ්න කළා. “මිත්‍ර එළුව… ඇයි නුඹ මහා සද්දේට හිනාවෙලා හිට ටික වෙලාවකින් හඬන්න පටන් ගත්තේ?”

    “අනේ…. ඔය කාරණය මගෙන් අහන්න ඕනා මෙතැන නොවෙයි. නුඹලා ගේ ආචාර්ය බ්‍රාහ්මණයා ළඟට මාව එක්කරගෙන යන්න. එතැනදී මං කියඤ්ඤං.”

    එතකොට ඔවුන් එළුවා රැගෙන ආචාර්ය බ්‍රාහ්මණයා ළඟට ගියා. මේ සියලු විස්තර පවසා සිටියා. බ්‍රාහ්මණයා එළුවාට කතා කළා.

    “හරි…. එළුවෝ…. දැන් කියාපන්…. මහා හඬින් හිනාවුනේ ඇයි?…. ඊට පස්සේ හඬාවැටුනේ ඇයි?”

    “බ්‍රාහ්මණය…. මට මගේ පෙර ආත්මේ මතක් වුනා. මාත් පෙර ආත්මේ ඔහේ වගේම හොඳට වේදය ඉගෙන ගත්තු බ්‍රාහ්මණයෙක්. මාත් මතකබතක් දෙන්න ඕනා කියලා එළුවෙක් මැරුවා. දානෙත් දුන්නා. ඒ එක එළුවෙකු මරාපු පවෙන් හාරසිය අනූනව ආත්මයක් ම හිස ගැසුම් කෑවා. මේ පන්සිය වෙනි ආත්මේ. මේ ආත්මෙන් මගේ ඒ පාපෙ ඉවරයි. ඒ දුකින් මං නිදහස් වෙනවා නේද කියල සිතුනාම මට සන්තෝෂෙට හිනා ගියා.

    ඊළඟට මට හැඬුනේ මේකට යි. ‘දැන් මේ බ්‍රාහ්මණයා මාව මරලා මං දුක් විඳිනවා වගේම පන්සියයක් ආත්ම හිසගැසුම් කන්න වෙනවා නේද! මහා දුකකට පත්වෙනවා නේද!’ කියල හිතුනා. ආන්න ඒකටයි මට හැඬුනේ!”

    “ප්‍රිය එළුව… ඔබ භයගන්ට කාරි නෑ. මං නුඹව මරන්නෙ නෑ.”

    “බ්‍රාහ්මණය, ඔබ මොනවද මේ කියන්නෙ? ඔබ මාව මැරුවත්, නොමැරුවත් අද සිදුවෙන මගේ මරණෙන් මාව මුදවන්ට සමත් කෙනෙක් නෑ.”

    “නෑ…. එළුව… භය වෙන්ට එපා. මං නුඹට ආරක්ෂාව දෙනවා. නුඹත් සමඟ ම හැසිරෙනවා”

    “නෑ බ්‍රාහ්මණය, මට ඔබෙන් ලැබෙන්නේ ස්වල්ප ආරක්ෂාවක්. නමුත් මා විසින් එදා කරපු පාපය ම යි මහා බරපතල.”

    එතකොට බ්‍රාහ්මණයා එළුවාට නිදහසේ ඉන්න හැරියා. මේ එළුවාව කාටවත් මරන්න දෙන්නේ නෑ කියල එළුවත් අරගෙන ශිෂ්‍ය පිරිසත් සමඟ පිටත් වුනා. එතකොට එළුවා ගල්තලාවක් මතට දිව්වා. එතැන තිබුණ පැලෑටි පඳුරකට නැගී බෙල්ල උස්සලා ඒ පැළෑටිවල කොළ කන්න පටන් ගත්තා. සැනින් ම අහස ගොරවලා අර ගල්තලාවට හෙණයක් පාත් වුනා. හෙනේ වැදුන තැනින් ගල් පතුරක් විසිවුනා. කෙළින් ගිහින් එළුවා ගේ බෙල්ලට වැදිලා හිස කඳින් වෙන් වුනා! මේ සිදුවීම බලන්න මිනිස්සු රැස්වුනා.

    මේ සිදුවීම බලාගෙන හිටියා එතන එක් රුක් දෙවියෙක්. ඒ රුක් දෙවියා වෙන කවුරුවත් නොවේ බෝධිසත්වයෝ. ඉතින් ඒ දෙවියා තමන්ගේ දේවානුභාවයෙන් මහාජනයාට තමන්ව පේන්න සැලැස්සුවා. අහසේ පළඟක් බැඳගෙන වාඩිවුනා. මිහිරි සරින් මේ ගාථාව පැවසුවා.

    “ඉදින් දනිත් නම් ලෝවැස්සෝ
    ඉපිද මැරෙන මේ දුක උපදින තැන
    නැති කිසිදා කිසි සතෙකු මරන්නේ
    සතුන් මරන්නා සොව ම ලබන්නේ”

    ඉතින් ඒ දෙවියා මහාජනතාවට සතර අපායේ දුක ගැන කියාදුන්නා. භයානක නිරයේ වැටී අනන්ත දුක් විඳින සතුන් ගැන කියාදුන්නා. ඒ බණ ඇසූ මිනිස්සු මතකබත් පිණිස සතුන් මැරීම අත්හැරියා. දානාදී පින්කම් කරන්න පටන් ගත්තා. ඒ කාලේ රුක් දෙවියා වෙලා සිටියේ මම යි.

    පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න, එදා ඒ මිනිස්සු තමන්ට කරුණු පහදා දෙන්න කෙනෙක් හිටියෙ නැති නිසා පව් කළේ. නමුත් අප මහා බෝසත් දෙවිඳා බණ කියූ නිසා ඔවුන්ට පවේ භයානකකම වැටහුනා. පව් අත්හැරියා. පින් රැස්කළා. දැන් අපට ඒ මහාබෝසතුන් සම්බුදු බව ලබා බුදු කෙනෙකුන් හැටියට වදාළ ධර්මය තියෙනවා. ඒ ධර්මය ඉගෙන අපිත් පව් අත්හරිමු. පින් රැස්කරමු. :yes:


    උපුටා ගැනීම :- http://mahamevnawa.lk/mathakabhaththa-jathakaya/
     
    • Like
    Reactions: sidathsaumya
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒ කාලේ එළුවෝන්ට හිනා වෙන්න කතා කරන්න පුළුවන් කම තිබිලා තියෙනවද බන්? දැන් කාලේ එවුන්ට බෑ නේද? අනිත් එක එළුවන්ට කලින් ආත්මවල කරපු පව් ගැන සහ ඒවා විපාක දෙන හැටි දැකීමේ නුවණ (චුතුපපාත ඥානය) පවා තිබිලා තියෙනවා නේද?
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ කාලේ එළුවෝන්ට හිනා වෙන්න කතා කරන්න පුළුවන් කම තිබිලා තියෙනවද බන්? දැන් කාලේ එවුන්ට බෑ නේද? අනිත් එක එළුවන්ට කලින් ආත්මවල කරපු පව් ගැන සහ ඒවා විපාක දෙන හැටි දැකීමේ නුවණ (චුතුපපාත ඥානය) පවා තිබිලා තියෙනවා නේද?

    චුතුපපාත ඥානය kiyanne pera athme paw pin dakina nuwana neme...sathwayage upatha ha maranaya dakina nuwan...oya samahara lamayinuth pera athme kiyanne ..ehema ekak eluwata thibila thiyenne...nathuwa chuthupapath nuwana neme...budu hamuduruwanta nan oka thibuna..eluwekta kohe thiyennada
     
    Oct 13, 2016
    2,675
    276
    0
    චුතුපපාත ඥානය kiyanne pera athme paw pin dakina nuwana neme...sathwayage upatha ha maranaya dakina nuwan...oya samahara lamayinuth pera athme kiyanne ..ehema ekak eluwata thibila thiyenne...nathuwa chuthupapath nuwana neme...budu hamuduruwanta nan oka thibuna..eluwekta kohe thiyennada

    උඹ මේ කතාව හරියට කියවලා නෑ මචන්.

    "ඊට පස්සෙ තමන්ව මරණ බ්‍රාහ්මණයාට මොකක්ද වෙන්නේ කියලා බැලුවා. තමන්ට මෙතෙක් අත්වූ දුක්ඛිත ඉරණම මේ බමුණාටත් අත්වෙනවා නේද කියල ඔහු ගැන මහා දුකක් හටගත්තා. එතකොට එළුවා මහා දුක්ඛිත හඬකින් හැඬුවා."

    උඹ ඔය කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ගැන. ඒ කියන්නේ පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ. ඒක මාර්ග පල ලාබී ගොඩක් අයට ලැබෙන නුවනක්. ඒත් චුතුපපාත ඥානය ලැබෙන්නේ බුදු වරයෙක්ට විතරයි. පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් අනුන්ගේ ඉපදීම බලන්න බැහැ.


    (මම වැරදි නම් නිවැරදි කරපන්. :))
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    උඹ මේ කතාව හරියට කියවලා නෑ මචන්.

    "ඊට පස්සෙ තමන්ව මරණ බ්‍රාහ්මණයාට මොකක්ද වෙන්නේ කියලා බැලුවා. තමන්ට මෙතෙක් අත්වූ දුක්ඛිත ඉරණම මේ බමුණාටත් අත්වෙනවා නේද කියල ඔහු ගැන මහා දුකක් හටගත්තා. එතකොට එළුවා මහා දුක්ඛිත හඬකින් හැඬුවා."

    උඹ ඔය කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ගැන. ඒ කියන්නේ පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ. ඒක මාර්ග පල ලාබී ගොඩක් අයට ලැබෙන නුවනක්. ඒත් චුතුපපාත ඥානය ලැබෙන්නේ බුදු වරයෙක්ට විතරයි. පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් අනුන්ගේ ඉපදීම බලන්න බැහැ.


    (මම වැරදි නම් නිවැරදි කරපන්. :))

    මෙහෙමනෙ මචං චුතූපපාත ඥානය කියන්නෙ, චුත ,උපත ගැන දැනගැනීමේ නුවණනෙ..උපත, ඒ කියන්නෙ සතෙක්ගෙ මනස වර්තමාන සිරුරෙන් වෙන්වෙලා වෙන සිරුරක පහළවීම ..නැත්තන් වර්තමාන චිත්ත පරම්පරාව විනාශවෙලා අලුත් චිත්ත පරම්පරාවක් ආරම්භවීමනෙ...ඔය එළුව ඒක නෙවේ ඔතන දැකල තියෙන්නෙ..."චුතූපපාත" ඥානෙ නන් එළුවට තිබුනෙ ඊළඟ ආත්මෙ ඉපදෙන හැටිත් කියන්න ඕනනෙ...ඒක කියවිල නැති හින්දා..චුතූපපාත ඥානෙ නෙවේ කියල පැහැදිලියි... ඔය සාත්තරකාරයොත් කියන්නෙ අහුවල් විදිහට මැරෙනව කියල..ඒ වගේ මොකක් හරි බලයක් තියෙන්න ඇති එළුවට..
     
    Last edited: