......
මුණ ගැසී අපි කතා නොකරපු
ඇස් වලින් වරු ගණන් විඳවපු
හැම කතාවම අද කියන්නම්
අහන් ඉඳපන් නිර්මලා...
......
......
ආදරෙයි මම නිර්මලා...
පුංචි ඇස් දෙක නටවලා මට
කතා කරපන් ලං වෙලා...
කවමදාවත් මෙලොව නොදැකපු
මගෙයි නුඹගෙයි පැටව් එක්කල
නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
එන්න හිතෙනව නිර්මලා...
බලන් ඉඳපන් නිර්මලා...
~දෙව්රංගි~
07.04.14
එළකිරි.කොම්
හුගක් ලස්සනයි අක්කා. වෙනස් විදියක අත්දැකීමක්.
හිතට දැනුන දේ කියන්න වචන නෑ.





