මතක බණ ඉවරයි නිර්මලා.......

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113

    ......
    මුණ ගැසී අපි කතා නොකරපු
    ඇස් වලින් වරු ගණන් විඳවපු
    හැම කතාවම අද කියන්නම්
    අහන් ඉඳපන් නිර්මලා...

    ......
    ......

    ආදරෙයි මම නිර්මලා...
    පුංචි ඇස් දෙක නටවලා මට
    කතා කරපන් ලං වෙලා...
    කවමදාවත් මෙලොව නොදැකපු
    මගෙයි නුඹගෙයි පැටව් එක්කල
    නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
    එන්න හිතෙනව නිර්මලා...
    බලන් ඉඳපන් නිර්මලා...

    ~දෙව්රංගි~

    07.04.14
    එළකිරි.කොම්

    හුගක් ලස්සනයි අක්කා. වෙනස් විදියක අත්දැකීමක්.
    හිතට දැනුන දේ කියන්න වචන නෑ.
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    meka kiytawapuwama mathk une mage hodama yaluywekuge gril friend kenk mageth hoda yeheliyak ,high way ekedi accident wela maruna ,masekata witara kalin ,patta dukyi ,me kale apita sahena apalyi ane mandda lassana pahadili kirima

    ජිවිතේ බොහොම අනිත්‍යයි මල්ලි. ගොඩක් දුකයි ඔයාලගේ යෙහෙළිය ගැන.

    ස්තුතියි අදහසට
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හුගක් ලස්සනයි අක්කා. වෙනස් විදියක අත්දැකීමක්.
    හිතට දැනුන දේ කියන්න වචන නෑ.

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ අදහසට :)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයා මාර කෝණයකින්නේ මේ කවිය ලියල තියෙන්නෙ... සුපිරි උපමා ටික.. නියමයි ලස්සනයි.. දුකයි:yes:

    ගොඩක් ස්තුතියි මල්ලි. වෙනස් විදියකට ලියන්න හිතුනා. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිර්මලා කියන්නේ මේ කවිය කියන තරුණයා හිතින් පෙම් බැන්ද තරුණිය. ඔවුන් කවදාවත් මුණ ගැහිලා කතා නොකළාට හැමදාමත් එකිනෙකාව දකිමින් ප්‍රේමය හිත් වල ගොඩ නැගුනා. ගමක ඉපදුන ඒ දෙන්නට නිදහසේ ආදරය ප්‍රකාශ කරන්න තරම් ඉඩක් ඒ වෙද්දී ලැබිලා තිබුනේ නැහැ. එත් එක්තරා දවසක මේ තරුණයාගේ ජීවිතේම කම්පනය කරන දෙයක් සිද්ද වෙනවා.මේ නිර්මලා කියන යුවතියව තවත් පාපතරයෙක් අතින් විනාශ වෙනවා.ඒක දරාගන්න බැරි උණු ඇය ගඟට පැනල තමන්ගේ සිය දිවි හානි කරගන්නවා. මේ කවිය පුරා කියවෙන්නේ නිර්මලාගේ මතක බණ දවසේ රාත්‍රියේ මේ තරුණයාගේ හිතේ ඇතිඋන වේදනාත්මක ආවර්ජනය. නිර්මලාගේ මතක බණ ඉවර කරලා හැමෝම අලුත් දවසකට එළි කරද්දී, මේ තරුණයා තමන්ගේ හිතේ ඉන්න නිර්මලාට කතා කරනවා. මේ තාක් කාලයක් තමන්ගේ හිතේ තිබුන හැමදේම ඇයට කියන්න දැන් පුළුවන් කියල ඔහු කියනවා. ජිවතුන් අතර නැති නිර්මලාට කතා කරන්න කාගෙන් අවහිරයක්ද? කවියේ මැද කොටස් දෙකේම තියෙන්නේ මේ පිවිතුරු යුවතිය විනාශ වෙනකොට පත්තිනි දෙවියන්ටවත් ඒ ගැන නොපෙනුනේ ඇයි? තමන්ට ඒ වගක් නොදැනුනේ ඇයි කියල මේ තරුණයාගේ හිතේ ඇති වන කම්පාව. ඔහු කියනවා, නිර්මලා නුඹට මොන දෙයක් උනත් නුඹ එදා ජිවත් උනා නම් නුඹ තවමත් මට පිවිතුරුයි කියල. අවසාන කවියේ තියෙන්නේ, මේ තරුණයා තමන්ගේ හිතෙන් මේ යුවතිය ගැන කොයි තරම් බලාපොරොත්තු කන්දක් ගොඩගහගෙන උන්නද කියන එක. ඔහු ඇයව විවාහ කරගෙන ඔවුන් දෙදෙනාගේ දරුවන් එක්ක පවුලක් ගොඩ නගා ගන්න හීන දැකපු කෙනෙක්. අවසානයේ ඔහුට හිතෙනවා ඒ ලෝකය ලබන ආත්මයේදීවත් ලබා ගන්න ඇය සිටින තැනටම යන්න . ඒ කියන්නේ ඔහුටත් හිතෙනවා සිය දිවි නසා ගන්න.

    ඕක තමයි සම්පුර්න අදහස. මෙහෙම දෙයක් උනොත් ඒ කෙනාට මොන තරම් වේදනාවක් දැනෙයිද කියල හිතල තමයි මේ නිර්මාණය කලේ. ඒක මේ නිර්මාණයෙන් හරියටම දැනෙනවද කියන එක ඔයාලගේ අදහස් වලින් මට දෙන්න.:yes:
    තේරුම් ලියන්න එපා මැඩම්.:( කවි විදින්න ඉඩ දෙන්න තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්.............
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තේරුම් ලියන්න එපා මැඩම්.:( කවි විදින්න ඉඩ දෙන්න තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්.............

    hm, mamath meka tikak oita wada eha hithuna, mata hithune bedapu dennek gen birida tharaha wela wena thenakata yanawa wage mulin, medadi eka tikak wenas wela viyo wenawa wage denuna daruwek lebennata sitiyadi... monawa unath lassana nirmanayak...
     
    • Like
    Reactions: Dewrangi

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    තේරුම් ලියන්න එපා මැඩම්.:( කවි විදින්න ඉඩ දෙන්න තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්.............

    mr.කිබුලා වෙත,

    අඩේ මෙහ්...දෙව්රන්ගි අක්කා නම් තේරුම් නොදැම්මත් තේරෙනවා...
    ඒකට ඔබතුමාගේ..අපෙහ් අප්පෝ,,සිංහලවල මුලටම යන්න ඕනේ ඒවා තේරුම් ගන්න...
    ඒකෙත් පොඩි ගතියක් තියනවා ...:yes::yes::yes:
    තේරුනේ නැති උනාම මාර සන්තෝසයක් හිතට එන්නේ....අම්මප...
     
    Last edited: