මතවාදී අරගලයක්

gb_unp

Member
Dec 14, 2014
6
4
0
මතවාදී අරගලයක්

පාසැල් කාලයේ රණ්ඩු සරුවල් වලට එක වරක් හෝ පටලවුනු නැති කෙනෙක් සොයා ගැනීම අසීරුය. අප සෑම විටම අපේ ශරීර ශක්තිය මත විශ්වාසය තබමින් කටයුතු කළෙමු. නොගැලපෙන මත දෙකක් මුහුණට මුහුණ හමුවුන විටදී, බොහෝ දුරට සිදුවන්නේ බුද්ධිය වෙනුවට ශරීර දෙකක් ගැටෙන්නට පටන් ගැනීමයි.

බොහෝවිට පහර දීම ආරම්බ කරන්නේ තමන්ටම කියා මතයක් නොමැති බුද්ධිමය සාකච්චාවක් සඳහා මනස සූදානම් නැති අපරිනාමීය පුද්ගලයාය. නොයෙසේනම් ඔහුගේ හෙන්චයියෙකි. කෙසේ නමුත් අවසානයේ ඉතිරිවන්නේ තුවාල කැළැල්, ඉදිමුම්, කලකිරීම් සහ කෝපය පමණි. දෙදෙනාම තමතමන්ගේ මතවාද නිවැරදි යයි සිතමින් දෙපසට යන අතර කිසිවෙකු කිසිම දෙයක් ඉගෙනගන්නේද නැත.

මේ අතර දෙපසට යන පිරිස පිටුපසින් සිට මුහුණ හංගාගෙන, ප්‍රතිවාදීන්ට "වැඩිය දඟලන්ඩ එපා හරීරීරීරීරීඉඉඉ" කියන පිරිසකුත් ඇත. ඔවුන් ගහන්නේ Personal game එකකි. හොරට චන්ඩි වෙමින් ගුටිත් නොකා චන්ඩියා ගෙන් 'එක' දා ගැනීම ඒ කලාවයි.

කෙසේ නමුත් මතවාදී අරගලයක් හැර වෙන මගක් නොමැති අවස්ථාවකදී, පෙර කියූ අපරිනාමීය පුද්ගලයාගේ හැසිරීම කෙබඳු වේද.
ඔහු තමා සන්තකයේ ඇති සියලු වචන වලින් දමා ගසයි. සාමාන්‍යය වැදගත් පුද්ගලයා 'කුණුහරප' ඉදිරියේ නිරුත්තර වන බව දන්නා ඔහු 'කුණුහරප' වමාරයි. ඉනික්බිති තම මතය තව තවත් පරාද වනවා දකින ඔහු පුද්ගලවාදී ලෙස පහර දෙයි. එවිට සිදුවන්නේ තමා සතු මතය සාක්ෂාත් කරනු වෙනුවට ඔහු ප්‍රතිවාදියාගේ උස, ඉන, නාසය ගැන කතාකරන්නට පටගනීමයි. ප්‍රතිවාදියාගේ උස, ශරීර වර්ණය සහ කොණ්ඩය තම මතය සනාත කරනු සඳහා ඇති උසස් තර්ක ලෙස ඔහු සිතයි.

අද

අරවින්ද් ගුප්තා ඇතුලු ඉන්දියාවෙන් ආනයනය කරන ලද වෙළඳ ප්‍රවර්ධකයන්ද, ඔවුන් විසි කරන කටු කමින් ජීවිතය පවත්වාගනු ලබන 5000ක් වන හොර facebook ගිණුම් වල ඇඩ්මින්ලාද, ඔවුන්ගේ ඇඟේ වසා සිටින එළකිරි ප්‍රමුඛ අනෙකුත් සමාජජාල වෙත comment සපයන මැක්කන්ද වැටී සිටින්නේ එවැනි තත්ත්වයකටයි.

ඔවුන්ට තර්කයක් නැත. අසන ඕනෑම ප්‍රශ්නයකට ඔවුන් පවසන්නේ [සොරකම උදෙසා කරන]මං මාවත් සංවර්ධනයත්, [ත්‍රිවිධ හමුදාව ලත්]යුධ ජයග්‍රහණයත් ගැන පමණි. අනෙක් සියලු ප්‍රශ්න මගහරින්නේ Photoshop මඩ වලිනි.

අප පවසන්නේ Photoshop මඩ වලින් ප්‍රශ්නය වසාලනු වෙනුවට මතවාදී අරගලයකට පැමිණෙන ලෙසය.

මහින්ද රාජපක්ෂ නැවත පත් කරගත යුතු බවට පිළිගත හැකි එකම එක් සාධකයක් හෝ ලබාදෙන මෙන් අප ඉල්ලා සිටිමු. එසේ නොමැතිව, නිර්නාමිකව කරන "වැඩිය දඟලන්ඩ එපා හරීරීරීරීරීඉඉඉ" ආකාරයේ තර්ජන, අපට නම් සද්දෙත් නැති ගඳත් නැති අධෝ වාතයකි.

ග්‍රීන් බ්ලඩ් සංවිධානය
සිරිකොත


www.greenbloodunp.com
www.facebook.com/UNPGreenBlood
twitter.com/unpGreenBlood
www.facebook.com/groups/greenblood