මටනම් හිතෙන්නේ ඔය වගේ දුෂ්කර පළාත්වල යටිතල පහසුකම් ඉහල දමා ජාත්‍යන්තර මට්ටමට ගෙන්න හේතුව තමා අපේ රටේ ජනගහනය රටේ ප්‍රදාන නගරවල දරා ගන්න බැරිතරම් වැඩි ඒ නිසා හැම දිස්තික්කයක් පුරාම රටේ ජනගහනය වියාප්ත කරන වියාපෘතියක්,මොකද ජොබ් කරන ගොඩක් දෙනා කොළබ අවට (බස්නාහිර පළාත )වැඩි පුරා දක්නට ලැබෙන්නේ හම්බන්තොට කියපුහම ඒ කාලේ ගණන් ගත්තේ නැ දැන් බලපන්කො මත්තල ගුවන්තොටුපල නිසා ඔය පැත්තේ ඉඩම් මිල ගිනි ගණන් නගී, hi-way පාරවල් හැදීයි ලග පත ඉන්න උන්ට හොද රස්සා ලැබෙයි කොලබ වගේම හම්බන්තොට දියුණු වෙඉ ඔය විදිහට රටේ අනිත් දිස්තික්කයක් දිඋනු කරයි.... පාඩු කියල නික හිටියොත් රටේ කිසි සන්වර්දනයක් නැ මචන්ලා අපට උනත් යම් ඉස්තවරයකට එන්න අඋරුදු ගානක් යනවනේ ....
කැමති උන් කැමති විදිහට වෙවේචනය කරපල්ලා![]()
සහෝදරයා දියුණුව කියන වචනේ තේරුම මේ කියපු ටික නෙවෙයි. රටක් දියුණු නම් උද්දමනය අඩු වෙන්න ඕන, ඒකපුද්ගල ආදායම වැඩිවෙන්න ඕන , ළදරු මරණ අනුපාතිකය , මාතෘ මරණ අනුපාතිකය අඩු වෙන්න ඕන (අනෙක් තුන්වෙනි ලෝකේ රටවල් එක්ක ගත්තම මේ දෙක අපි ඉහලින් ඉන්නවා මම හිතන්නේ ), දල දේශීය නිෂ්පාදිතය වැඩි වෙන්න ඕන , රැකියා වියුක්තිය අඩු වෙන්න ඕන. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙන්න ඕන .
ගුවන් තොටුපොල්වල වරායවල් හැදෙන්න ඕන රටේ නිෂ්පාදනය වැඩි උනායින් පස්සෙයි. පාරවල් හැදෙන එක රටේ දියුණුවට ලොකු සාදකයක්. පාරවල් හැදෙන එකෙන් රටට මුදල් ඉතිරියක් වෙනවා. එත් වැඩි වැඩියෙන් පාරවල් හැදෙන්න ඕන තදාසන්න ප්‍රදේශ වලයි. උදාහරණයක් විදිහට ගමු ගාල්ල කොළඹ හයි වේ එක. හයිවේ එක ඇවිත් වැටෙන්නේ කොට්ටාවට. ගාල්ලේ ඉඳල පිටකොටුවට එන කෙනෙක් කොට්ටාවේ ඉඳන් පැය එකහමාරක් එන්න ඕන පිටකොටුවට එන්න. මට මතක විදිහට ගාල්ලේ ඉඳන් හයිවේ එකට 400 ක් ගෙවන්න ඕන කොළඹ එන්න. ගාල්ලේ ඉඳන් කොට්ටාවට එන්න පැයක් වගේ යාවි. (මං මේ කතා කරන්නේ ලම්බෝගිනිවල එන උදවිය ගැන නෙවෙයි හොඳේ. එයාලනම් විනාඩි 15 න වගේ එයි.) කොහොම ගියත් අන්තිමට පැය දෙකහමාරක් වෙලා පිටකොටුවට එද්දී. සමහර විට පැය 3ක් . 400 කුත් ගෙවල. එත් සාමාන්‍ය විදිහට ගාලු පාරේ ගාල්ලේ ඉඳන් කොළඹ ආවම උපරිම පැය 3 යි නැත්තම් 3.5 යි.. ඉන්දන වියදම ගත්තොත් හයිවේ එකට 400 ගෙව්වයින් පස්සේ සමහර වාහන වල ගාලු පාරේ එනවටත් වැඩිය වැඩියි. දැන් මොකක්ද මේකෙන් තියන වාසිය ? මමත් දකුණේ උපන් තවමත් දකුණු පළාතේ ගේ දොර තියන එකෙක්. මමත් ලංකාවේ ඉද්දි කරපු ව්‍යාපාර වලට නිතර පිටකොටු අව ගියා. ව්‍යාපාරිකයෙක් විදිහට හයිවේ එකෙන් මට ලැබුන වාසියක් නම් නැහැ. ගුවන්තොටුපොළට වෙනකම් ඕක හැදුනාම ගුවන්තොටුපොළට යන එන උදවියටනම් හුඟක් කාලේ ඉතුරු වෙනවා.
මේ හයි වේ එක හදන්න කලින් කොළඹ නගරය උඩින් පාරවල් ජාලයක් හැදුවනම් මීටවඩා මිනිස්සුන්ට ලැබෙන වාසිය වැඩියි.හෝමාගම ඉඳන් පිටකොටුවට එන කෙනෙක් තමුන්ගේ වාහනේක ආවත් එන්නේ වෙන්නේ 138 පසෙන්. මහරගම ඉඳන් 138 නවත්තන හැම හෝල්ට් එකක් පස්සෙන්ම ඒ වාහෙන්ත් බොහෝදුරට නැවැත්තුවේ නැතත් වේගය අඩාල වෙනවා. අන්තිමේ අතින් තෙල් ගහගෙන බස් එකේ අවා වගේම තමයි. ඒ වෙලාවම යනවා. මොරටුවේ පානදුරේ ඉඳන් කොළඹ එන උදවියටත් මේ සේතෙමයි. ජා ඇල ඉඳන් කළඹ එන උදවියටත් එමම තමයි, නිට්ටඹුවේ ඉඳන් කොළඹ එන උන්දලාටත් එමම තමයි. දුම්රිය මාර්ගය බලන්න මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඒ පස්සෙන් ඒ පීල්ලේම යවනවා. හවසට ගාලු කුමාරි යන්න කලින් යන කළුතර ස්ලෝ ට්‍රෙන් එක පානදුරට හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත යනකම් ගාලුකුමාරී සීග්‍රගාමී දුම්රිය හෙමින් හෙමින් ඒ පස්සෙන් යනවා. මේවා විහිළු නෙවෙයිද? උදේට එන තැපැල් කෝච්චිය දෙහිවල වල්ලවත්ත් හරියේ කැඩුනොත් ඊට පසෙන් එන සමුද්‍රදේවී ,සාගරිකා , රුහුනුකුමාරි කොච්චි වල එන මිනිස්සු සේවයට වාර්තා කරනකොට දවල් 12 පනිනවා. අදටත් මේවට උත්තර නැහැ අපේ පාලකයින්ට.මේවට නේද උත්තර සෙවිය යුත්තේ. මේ නාස්තිවෙන මිනිස් පැය ගාන රටට නේද නැති වෙන්නේ. මිනිස්සු හවස 4.30 ට වැඩ ඉවරවෙලා 5.30 / 6.00 වෙද්දී ගෙවල් වලට අවනම් අඩුම තරමේ ඒ මිනිස්සුන්ගෙන් 25% වත් ගෙවත්තේ මිරිස් පැලයක්වත් හිටවයි හවස් වරුවේ. එක්කෝ දර කෑල්ලක් වත්තෙන් පිටියෙන් කපාගෙන ගෑස් සිලින්ඩරේට යන වියදම අඩුකරගනිවී.(සමුද්‍රදෙවියේ හවස එන අම්මල කොච්චිදීම රැට උයන්න ඕන එළවලු කපා කොටා ගන්න තරමට ඒ මිනිස්සු අසරණයි) එහෙමත් නැත්තම් දරුවෙකුගේ අද්යාපන කටයුත්තක් ගැන හොයල බලයි. දැන් මොකද වෙන්නේ දරුවෝ ඇහැරෙන්න කලින් ගෙදරින් පිටවෙන අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙවල්වලට යනකොට දරුවෝ වැඩකාරයෝ හදල දෙන දෙයක් කාල බීල නිදි. ඉතින් මේ හයි වේ එකෙන් රටට වැඩක් උනාද?
දැන් හම්බන්තොට අවට ඉඩම් ගණන් ගියා කියල රටේ දල දේශීය නිෂ්පාදිතය ඉහල යනවද? ඒක පුද්ගල ආදායම ඉහල යනවද? නගර නිර්මාණය කරා කියල රට සංවර්ධනය වෙන්නේ නැහැ . අපේ වගේ රටක් නගර නිර්මාණය කරලා යටිතල පහසුකම් වැඩි කරලා සංවර්ධනය කරන්න ඕන මට්ටමට එන්න ඊට කලින් කරන්න ගොඩක් සංවර්ධන වැඩකටයුතු තියනවා. අපේ කරුමෙට ඒ දේවල් පාලකයින්ට පේන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ.
මේ ටික ලිව්වේ ද්වේශයෙන් නෙවෙයි මචන්. වරදවා හිතන්න එපා.
Last edited:





should have invested these money in public transportation like improving railway tracks 