මත්තල ගුවන් තොටුපොල

doma

Member
Aug 25, 2011
212
13
0
Colombo
මත්තල ගුවන් තොටුපොල

මත්තල ගුවන් තොටුපොල ගැන උඹලා මොකද හිතන්නේ මෙම ගුවන් තොටුපොල ලංකාවට හොඳ ආයෝජනයක් වේවි කියල හිතනවද ? උබලට හිතෙන දේ දාපල්ලා :confused
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පැති කීපයක් තියෙනවා මචන්.

    වරාය, කර්මාන්ත වගේ දේවල් හැදෙනකොට අනිවාර්යයෙන් ගුවන් තොටුපලක් ඕන. ඒ වගේම දෙවැනි ගුවන් තොටුපලක් නැති කම ලංකාවට ලොකු අඩුවක්. නමුත් තවම් කර්මාන්ත ශාලාවත්, වෙනත් ආර්ථික සේවා වගේ දේවලුත් ඒ ප්‍රදේශේ දියුණු වෙලා නෑ. හරි නම් ඒ සියල්ලම එකට යන්න ඕන. නැත්තන් ගුවන් තොටුපල හදලා මාස කීපයක් යන්න කලින් අනිත් සේවා ටික හැදෙන්න ඕන.

    වරායට වෙච්ච දේ දැක්කා නේ. වරායයි අනිත් ආයෝජනයි එකට කරගෙන ගියේ නැති හින්දා වරායෙන් අපනයනය කරන්න දෙයක් නෑ. ලංකාවේ ආර්ථික කටයුතු තියෙන්නේ වෙනත් පළාත් වල නිසා ආනයනය කරන්න දෙයකුත් නෑ. ඉතින් නැව් එනවා අඩුයි.

    ඇත්තටම මත්තල තව ගුවන් තොටුපලක් හදනවාට වඩා, දැනට තියෙන ගුවන් තොටුපලවල්, යාපනේ, කොග්ගල (සංචාරක කර්මන්තයට ඉතාම වැදගත්) වගේම රත්මලාන (කොළඹට ඉතාම ලඟයි. ) chinabay- Trico (good for tourists ) වගේ ගුවන් තොටුපලවල් නවීකරණය කරා නම් හොඳයි කියලා හිතෙනවා මට.

    ඔය ඔක්කෝටම වඩා මචන් ලංකාවේ ආර්ථිකය වෙනස් කරන්න ඕන. වරායවල් හැදුවාට ලංකාවේ අලුත් කර්මාන්ත නැත්තන්, ආයෝජකයෝ නැත්තන්, සේවා අංශය නවීකරණය කරන්නේ නැත්තන් හරියට ඒක ගෙදරක් වයරින් කරලා ලයිට් සප්ලයි එක දුන්නේ නෑ වගේ. ඔක්කොම යටිතල පහසුකම් තියෙනවා නමුත් ඒවාවලින් ප්‍රයෝජනයට ගන්න දෙයක් නෑ.

    බොරු කියන්න ඕන නෑ මචන්, මේ ආණ්ඩුව තමයි සංවර්ධන ව්‍යාපෘති වැඩියෙන්ම කලේ. නමට හරි ලිස්ට් එකක් තියෙනවා මාගලක් විතර. නමුත් ඒ හැමදෙයක්ම නියමිත සැලසුමක් යටතේ හරියට කලා නම් මීට වඩා ප්‍රතිඵල ගන්න තිබ්බා.

    වැරදුනේ රටේ ඇත්ත අවශ්‍යතාවයට වඩා තමන්ගේ හිත ඇතුලේ තිබ්බ තමන්ගේ පළාතට සලකන්න තියෙන ආශාව ඉස්මතු වෙලා. රටේ නායකයා එයාගේ දිස්ත්‍රික්කයේ නායකයා විතරක් නෙවෙයි කියන එක මතක් කරලා දෙන්න ඕන
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    බොරු කියන්න ඕන නෑ මචන්, මේ ආණ්ඩුව තමයි සංවර්ධන ව්‍යාපෘති වැඩියෙන්ම කලේ.

    ඒ දේවල් කලේ මචන් රටේ නිෂ්පාදන වලින් උපයපු සල්ලි වලින් නෙවෙඉ නේ. ඕවට ගත්ත නය දෙවැන්න ගිහාම තමයි බඩු පැකට් වෙන්නේ.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ලංකාවට ඇත්තටම දෙවෙනි ගුවන් තොටුපලක් අත්‍යවශම නෑ...හැදුවත් ඕක ටිකක් රට මැදට වෙන්න හැදුවනම් දඹුල්ලේ වගේ මීට වඩා හොදයි..වැඩි පිරිසකට ප්‍රයෝජනවත් වෙන්න තිබ්බා...රටේ කොනක හදනවට වඩා..!!
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ලංකාවට ඇත්තටම දෙවෙනි ගුවන් තොටුපලක් අත්‍යවශම නෑ...හැදුවත් ඕක ටිකක් රට මැදට වෙන්න හැදුවනම් දඹුල්ලේ වගේ මීට වඩා හොදයි..වැඩි පිරිසකට ප්‍රයෝජනවත් වෙන්න තිබ්බා...රටේ කොනක හදනවට වඩා..!!
    :yes::yes::yes::yes::angry::angry::angry::angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒ දේවල් කලේ මචන් රටේ නිෂ්පාදන වලින් උපයපු සල්ලි වලින් නෙවෙඉ නේ. ඕවට ගත්ත නය දෙවැන්න ගිහාම තමයි බඩු පැකට් වෙන්නේ.

    ණය අරන් හරි අනාගත සැලසුමක් ඇතුව කරා නම් ගත්ත ණය ටිකත් ටික කාලෙකින් ගෙවාගන්න පුලුවන්. නමුත් අද තියෙන ප්‍රශ්ණේ තමයි ඒ වැඩේ වෙන්නේ නැති එක. ව්‍යාපෘති තියෙන්න ඕන වගේම ඒවා සැලසුම්සහගත වෙන්නත් ඕන කියන එක තමයි මම අදහස් කලේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවට ඇත්තටම දෙවෙනි ගුවන් තොටුපලක් අත්‍යවශම නෑ...හැදුවත් ඕක ටිකක් රට මැදට වෙන්න හැදුවනම් දඹුල්ලේ වගේ මීට වඩා හොදයි..වැඩි පිරිසකට ප්‍රයෝජනවත් වෙන්න තිබ්බා...රටේ කොනක හදනවට වඩා..!!
    :yes::yes:
    කොච්චර options තියෙනවාද මචන්. improving the existing airports could have been a good idea

    1) Rathmalana (closer to colombo than katunayake )
    2) Koggala (tourism)
    3) Jaffna (helps to develop those areas and eliminate inequality)
    4) Sigiriya (tourism)
    5) Anuradhapura
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    තව දින 6, එළකිරි එකේ තව කට්ටිය ඕන තරම් ඉන්නවනේ මොකද හිතන්නේ මත්තල ගුවන් තොටුපොල ගැන
    දාමුද කමෙන්ටුවක්