පැති කීපයක් තියෙනවා මචන්.
වරාය, කර්මාන්ත වගේ දේවල් හැදෙනකොට අනිවාර්යයෙන් ගුවන් තොටුපලක් ඕන. ඒ වගේම දෙවැනි ගුවන් තොටුපලක් නැති කම ලංකාවට ලොකු අඩුවක්. නමුත් තවම් කර්මාන්ත ශාලාවත්, වෙනත් ආර්ථික සේවා වගේ දේවලුත් ඒ ප්‍රදේශේ දියුණු වෙලා නෑ. හරි නම් ඒ සියල්ලම එකට යන්න ඕන. නැත්තන් ගුවන් තොටුපල හදලා මාස කීපයක් යන්න කලින් අනිත් සේවා ටික හැදෙන්න ඕන.
වරායට වෙච්ච දේ දැක්කා නේ. වරායයි අනිත් ආයෝජනයි එකට කරගෙන ගියේ නැති හින්දා වරායෙන් අපනයනය කරන්න දෙයක් නෑ. ලංකාවේ ආර්ථික කටයුතු තියෙන්නේ වෙනත් පළාත් වල නිසා ආනයනය කරන්න දෙයකුත් නෑ. ඉතින් නැව් එනවා අඩුයි.
ඇත්තටම මත්තල තව ගුවන් තොටුපලක් හදනවාට වඩා, දැනට තියෙන ගුවන් තොටුපලවල්, යාපනේ, කොග්ගල (සංචාරක කර්මන්තයට ඉතාම වැදගත්) වගේම රත්මලාන (කොළඹට ඉතාම ලඟයි. ) chinabay- Trico (good for tourists ) වගේ ගුවන් තොටුපලවල් නවීකරණය කරා නම් හොඳයි කියලා හිතෙනවා මට.
ඔය ඔක්කෝටම වඩා මචන් ලංකාවේ ආර්ථිකය වෙනස් කරන්න ඕන. වරායවල් හැදුවාට ලංකාවේ අලුත් කර්මාන්ත නැත්තන්, ආයෝජකයෝ නැත්තන්, සේවා අංශය නවීකරණය කරන්නේ නැත්තන් හරියට ඒක ගෙදරක් වයරින් කරලා ලයිට් සප්ලයි එක දුන්නේ නෑ වගේ. ඔක්කොම යටිතල පහසුකම් තියෙනවා නමුත් ඒවාවලින් ප්‍රයෝජනයට ගන්න දෙයක් නෑ.
බොරු කියන්න ඕන නෑ මචන්, මේ ආණ්ඩුව තමයි සංවර්ධන ව්‍යාපෘති වැඩියෙන්ම කලේ. නමට හරි ලිස්ට් එකක් තියෙනවා මාගලක් විතර. නමුත් ඒ හැමදෙයක්ම නියමිත සැලසුමක් යටතේ හරියට කලා නම් මීට වඩා ප්‍රතිඵල ගන්න තිබ්බා.
වැරදුනේ රටේ ඇත්ත අවශ්‍යතාවයට වඩා තමන්ගේ හිත ඇතුලේ තිබ්බ තමන්ගේ පළාතට සලකන්න තියෙන ආශාව ඉස්මතු වෙලා. රටේ නායකයා එයාගේ දිස්ත්‍රික්කයේ නායකයා විතරක් නෙවෙයි කියන එක මතක් කරලා දෙන්න ඕන