මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

EON

Well-known member
  • Nov 4, 2012
    3,292
    2,907
    113
    අද දින ලන්ඩන් නුවර සිට පැමිණි U L 504 Sri Lankan Airline ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැමට නොහැකි හදිසි තත්වයක්මත මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට ගොඩබායි මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම් කොහාටද ගොඩ බාන්නෙ ඉන්දියාවට නෙද එකවත් රනිල් ගොයියට තේරේවිද දන්නෙ නෑ,,,,,,,?
    12038459_1603036696609806_1147988756957395737_n.jpg

    12036399_1603036699943139_6144348858723852451_n.jpg

    meka dapu umbata nam mole nehe kiyala penawa.. indiyawata puka denna ona nehe. meeta kalinuth ohoma ewa una. ethakota wena mokewath nemei air force runways walata land kara. deyak kiyanna kalin hoyala balala waren. moda mee haraka.

    emegency landing walata kiyala oya tharak pake loku air port ona nehene ehenam. podi ekak diga runway ekak ekka heduwa nam harine. gobila
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    පොඩි නිළමෙ;18981164 said:
    වැරදිලා කාත් කවුරුත් නැහැ එයාපෝර්ට් එකකට බාලා කියලා හිතිලා පයිලට්ට රෙද්දෙම රෙවෙන්න ඇති:lol::lol:

    කැත වැඩ කරන්න එපා හිනා වෙලා මැරෙනව යකෝව් :rofl::rofl:
    අද නයිට තනියම අදින නිසා හොඳයි. නැත්නම් අනික හිතනව මට පිස්සු තදවෙලා කියලා :P
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    පොන්න රනිලයා ඒකෙ තියන වටිනාකම නැතිකරලා තියෙන්නේ airport එකක් වී ගබඩාවක් කරනව කියන්නෙ කොච්චර අපරාදයක්ද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මමත් ගෙවල් දෙකක් හදන්ඩ ඉන්නේ. එකක් මොනවා හරි උනොත් අනිකේ ඉන්ඩ බැරිය.
    ඒක ගේක වී ගබඩා කරනවා.
    සල්ලි නම් නෑ. එත් ණයවෙලා හරි හදනවා. :P
     
    • Like
    Reactions: other guy

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමත් ගෙවල් දෙකක් හදන්ඩ ඉන්නේ. එකක් මොනවා හරි උනොත් අනිකේ ඉන්ඩ බැරිය.
    ඒක ගේක වී ගබඩා කරනවා.
    සල්ලි නම් නෑ. එත් ණයවෙලා හරි හදනවා. :P
    කැත කට් එක :lol::lol:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කෝ ඉතින් බයියෝ උඩ දාගෙන කෑගැහව්වනේ මත්තල වී දානවා අරකද මේකද කියලා. ඔන්න උඹලට ආතල් එකක් ගන්න ප්ලේන් එකකුත් එව්වා. ලංකාව ඉව්තරයිද කොහෙද ලෝකෙම එයාර් පෝට් එකකට ප්ලේන් එකක් ඩයිවර්ට් කරපුවාම බ්‍රේකින් නිවුස් දාන්නේ. එකෙනුත් බයියෝ ෆෝම් වෙනවා. මෝඩ හරක්. :lol::lol::lol::lol::lol:

    මේ වේසියන්ට ප්ලේන් ආවත් හොඳ නෑ නාවත් හොඳ නෑ....:lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    airtport එකකට plane එකක් ආවම news වලට යන්න දෙයක් ද ඒක? විලිලජ්ජයි.. හම්බන්තොටට නැවක් ආවත් ඔහොමමයි.. ඉඳල හිටලා plane එකක් එන්න ඔච්චර වියදම් කරලා airport හදන එක නම් මෝඩ වැඩක්.. වී දාන එකත් මෝඩ වැඩක්.. ඕක flight school එකක් වගේ කරා නම් වියදම් කරපු සල්ලි අපරාදේ නෑ.. එත් අභයභුමි ළඟ plane එලවන්න ඉගන ගන්න කට්ටිය එයි ද දන්නේ නෑ.. දැන් ඉතින් ගොන් කම කරලා ඉවරනේ.. විසදුමක් හොයන්න ඕනි නැත්නම් මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ.. වී දාල වැඩක් නෑ ඕකේ..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් ගෙවල් දෙකක් හදන්ඩ ඉන්නේ. එකක් මොනවා හරි උනොත් අනිකේ ඉන්ඩ බැරිය.
    ඒක ගේක වී ගබඩා කරනවා.
    සල්ලි නම් නෑ. එත් ණයවෙලා හරි හදනවා. :P

    :lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එදා මත්තල මොකද වුනේ? ගුවන් යානය ගොඩබෑමේ පසුබිම් කතාව



    පසුගිය දිනවල වී ගබඩා කරපු ලෝකේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන ආයෙත් කතාබහ පටන් අරගෙන.


    ඒ පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩනයේ සිට පැමිණි යූ. එල්. 504 එයාර් බස්‌ ගුවන් යානය හදිසියේ මත්තලට ගොඩබැසීමෙන් පස්‌සේ.


    මේ ගුවන් යානය 15 වැනිදා ලන්ඩනයේ වේලාවෙන් දහවල් 10.50 ට පමණ ශ්‍රී ලංකාවට එන්න ගුවන්ගත වුණේ ලන්ඩනයේ පැයක පමණ ප්‍රමාදයකට පස්‌සේ .


    මේ යානය 4 R ALN නමැති ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු නවීනතම ගුවන් යානය. ධාවනයට එක්‌වෙලත් තවම මාස කීපයක්‌ විතරයි ගතවුණේ. යානය පැදෙව්වේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්න පළපුරුදු වගේම දක්‌ෂ ගුවන් නියමුවන් තිදෙනෙක්‌. ඒ කපිතාන් ජනක විඡේතිලක, ඉසුරු ගුණවර්ධන, තරිඳු අරවින්ද අල්විස්‌.


    යානයේ මගීන් 244 ක්‌ ගමන් කළා, කුඩා දරුවන් කීපදෙනෙක්‌, රෝද පුටුවලින් ගමන් කරන රෝගී කීපදෙනෙක්‌ ඒ අතරේ සිටියා. නියමුවන් ඇතුළු ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය 17 ඇතුළුව සියලු දෙනා 261 ක්‌.


    යානය ශ්‍රී ලංකාවට එන්න නියමිතව තිබුණේ 16 වැනිදා දවල් 1.20 ට.


    ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන දීර්ඝ වෙහෙසකර ගමනක්‌. පැය දොළහකට වැඩි කාලයක්‌ ඒ සඳහා ගතවෙනවා. ගුවන් තොටුපළේ ඉන්න කාලයත් එක්‌ක ගත්තොත් සේරම පැය පහළොව පනිනවා . ඉතින් මගීන් ඉන්නේ කොයි මොහොතේ යානයෙන් එළියට යනවද කියන බලාපොරොත්තුවෙන්.


    යානය නියමිත පරිදි කිසිම බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට නියමිත විදිහට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්‌වන්න අවසරත් ගත්තා...


    එතෙක්‌ අඩි 39,000 ක්‌ හතළිස්‌ දහසක්‌ පමණ උඩින් ධාවනය වූ යානය නියමිත පරිදි ගොඩබාන්න නියමුවන් ක්‍රමයෙන් ගුවන් යානය පහතට ගත්තා. ගුවන් යානය ගොඩබාන්න දැන් සියල්ල සූදානම් ...


    එතන ඉඳලා දැන් තමයි නියම කතාව පටන් ගන්නේ ...


    ගුවන් යානයේ ලෑන්ඩින් ගියර්ස්‌ පවා දැම්මා. ගුවන් යානයේ රෝද එළියට ගත්තා. යානය තවත් පහළට ගත්තා. පොල්ගස්‌ පෙනෙන ගානට අඩි අටසීයක්‌ දහසක්‌ පමණ පහළට ගත්ත ගුවන් යානය ගොඩ බාන්න ගිය ගුවන් නියමුවන්ට තරු පෙනුනා. ගුවන් තොටුපළේ ධාවන පථය පෙනුනේ හරියට වතුර වළක්‌ වගේ. ඒ මදිවට දරුණු විදිහට සුළං හමන්නත් පටන් අරන් තිබුණා.


    මේ විදිහට ධාවන පථය පේන්නෙ නැතුව ගොඩබස්‌සන්න බැහැ. ඒක අතිශය භයානක වගේම අවදානම් සහගත ක්‍රියාවක්‌. ගුවන් නියමුවන් ක්‍ෂණික තීරණයක්‌ ගත්තා. පොළව මට්‌ටමට අඩි අටසියයක්‌. දහසක්‌ තරම් පහළින් තිබූ යානය එක්‌වරම නැවත උඩට ගත්තා. එක්‌වරම යානය අඩි අටදහසක්‌, දසදහසක්‌ පමණ උසට ගමන් කළේ ත්‍රාසජනක චිත්‍රපටියක්‌ සිහිගන්වමින්. යානය උඩට ගියේ හරියට රොකට්‌ එකක්‌ උඩට යනවා වගේ එකපාරට. මගීන්ට දැනුනේ රෝල කෝස්‌ටරයක එක්‌වරම ගමන් කරනවා වගේ. සමහර මගීන් කලබල වුණා. සමහරු කෑගැහුවා නෙමෙයි. ඉබේටම කෑගැහුනා. පුංචි ළමයි බයවෙලා කෑගැහුවා.


    නියමුවන් තත්ත්වය පැහැදිලි කළා. ගුවන් යානය අයහපත් කාලගුණය නිසා ගොඩබෑම කළ නොහැකි වූ බවත් තවත් එක්‌ වතාවක්‌ පමණ උත්සහකර ගොඩබෑම කළ නොහැකි වුවහොත් යානය ආසන්නයටම ඇති වෙනත් ගුවන්තොටුපළක්‌ වෙත ගොඩබස්‌සන බව ගුවන් නියමුවන් මගීන්ට දැනුම් දුන්නා ....


    කුමකින් කුමක්‌ වෙනවා දැයි සිතා ගන්නට බැරිව හිටපු ගුවන් මගීන්ට යන්තම් පියවි සිහිය ලැබුණේ ඒ කතාවෙන් පස්‌සේ. මේ වන විට මගීන් අස්‌වසමින් ඔවුන් සන්සුන් කරන්නට ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය වහාම පියවර ගත්තා. නැවත විනාඩි ගානක්‌ ඉහළ අහසේ සැරිසරපු ගුවන් යානය ගොඩබාන්න හැකිදැයි ගුවන් නියමුවන් බැලුවා. ගිය සැරේ තරමටම පහළට නොගත්තත් යම් උසක සිට කටුනායක ගුවන්තොටුපළ ඔවුන් නිරීක්‌ෂණය කළා. ඒත් ඔවුන් නැවත දුටුවේ ධාවන පථය වෙනුවට වතුර වළක්‌. ඒ වගේම තද සුළං.


    එම යානය එදා මත්තල දී ඒ අවස්‌ථාවේ ගුවන් ගමන් පාලකවරුන් සමග සාකච්ඡා කරපු නියමුවන් මේ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ගියා. යානය නිරුපද්‍රිතව මත්තලට ගොඩබස්‌සන්න නියමුවන් කටයුතු කළා. ඒ සවස 2.00 ට විතර.


    ඒ වෙනකොට ගුවන් යානයේ මගීන් සඳහා ආහාර අවසන් වෙලයි තිබුණේ. මගීන් සිටියෙත් බඩගින්නේ. මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් අංශයේ ඉන්නේ දෙතුන් දෙනයි. එතරම් ගුවන් යානා නොපැමිණෙන නිසා ඔවුන් ඒ සඳහා සූදානම්ව සිටියේත් නැහැ. ඒත් ඔවුන් මගීන් සඳහා කෑම විනාඩි ගණනක්‌ තුළ පිළියෙළ කළා. යානය ගොඩබාලා විනාඩි විස්‌සක්‌ ඇතුළත සැන්විචස්‌, කේක්‌, රෝල්ස්‌ වහාම මගීන් වෙත සැපයුනා. බඩගින්නේ බයවෙලා හිටපු මගීන්ට එය මහමෙරක්‌ වගේ වුනා ..


    කොහොම හරි දැන් වැඩේ සන්සුන්. කටුනායක කාලගුණ තත්ත්වයත් ක්‍රමයෙන් යහපත් වුණා. ඒත් බදාදා දිනවල හවස පැය කීපයක්‌ කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ එක්‌කම ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීති අනුව ගුවන් නියමුවකුට ගුවන් යානාවක්‌ ධාවනය කරවිය හැකි උපරිම කාලයක්‌ තිබෙනවා. ඒ කාලය මේ වනවිට අවසන්ව තිබුණා. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වහාම එයාර් ටැක්‌සි යානයකින් ගුවන් නියමුවන් දෙදෙනෙක්‌ මත්තල ගුවන් තොටුපළට කටුනායක සිට යෑව්වා. ඒ ගුවන් නියමුවන් වන රජින්ද රණතුංග සහ ජානක පෙරේරා.


    මේ වන කොට ගුවන්යානය මත්තල ගුවන්තොටුපළේ පැය තුනක්‌ පමණ නවතා තැබුණා. හැබැයි මගීන්ට ගුවන් යානයෙන් පිටතට එන්න දුන්නේ නැහැ.ඒත් යානයේ පිරිසිදු කිරීම් මත්තලදී සිදුකෙරුණා.


    කටුනායකින් මත්තලට ගිය නියමුවන් දෙදෙනා යූ.එල්. 504 ගුවන්යානය නැවත කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවා. මත්තලින් සවස 4.30 ට පිටත්වුණු යානය කටුනායක ගුවන්තොටුපළට සවස 5.10 වෙන කොට ආවා , ඔන්න එතකොට තමයි යන්තම් මගීන් සැනසුම් සුසුම් හෙළුවේ...


    මේ අතරේ ඔන්න දැන් රටේ මිනිස්‌සු ආයෙත් කියන්න පටන් අරන් මත්තල තියෙන එක හොඳයි කිsයලා.


    මත්තල අපට නොතිබුණා නම් අපිට යන්න වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට. ඒක විශාල දුරක්‌ වගේම විශාල වියදමක්‌. රටකට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ අත්‍යවශ්‍යයි. මේ ගැන දේශපාලන කෝණයකින් නොබලා මත්තල දියුණු කරන්නට නව රජය පියවර ගත යුතුයි. අලුත් ආණ්‌ඩුවේ ඉන්න දක්‌ෂයෝ කරන්න ඕන මත්තල නිවැරදි ව්‍යාපාරික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්කරලා, ඒ ගුවන්තොටුපළ දියුණු කරන එක. එක තමයි දක්‌ෂතාවය විය යුත්තේ. ඒවා නිවැරදි ලෙස කළමනාකරණය කරලා දියුණු කළොත් වාසිය රටට. කවුරු හැදුවත් මත්තල හදන්න චීනෙන් ගත්තු ණය අපි රටක්‌ විදිහට ගෙවන්න වෙනවා. ඒක නිසා මත්තල දියුණු කරලා ඒ ආදායමෙන් ණය ගෙවනවා හැර මත්තල ගැන විවේචනය කරකර ඉන්න එක නෙවෙයි...


    එහෙම නැතිනම් ගුවන්යානා අලුත්වැඩියා කරන මධ්‍යස්‌ථානයක්‌, ගුවන්යානා පුහුණු පාසලක්‌ එහෙමත් නැතිනම් ගුවන් හමුදාවේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මත්තල පවත්වාගෙන යා යුතුයි. එහෙම නැතුව වී ගබඩාවක්‌ ලෙස මත්තල භාවිත කරන එක අපේ රටේ සාමාන්‍ය බුද්ධියක්‌වත් තියෙන ජනතාවවත් අනුමත කරන එකක්‌ නැහැ.


    ජනිත සෙනෙවිරත්න