මත්තල මැයි මාසයේ ආදායම රුපියල් 16,185

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    16,185 / 2500 = 6
    පවුල් හය කට මාසයක් කන්ද දුන්නකි
    :lol:
    හරිම ආඩම්බරයි :baffled::baffled:

    attachment.php
    :yes: :yes: :yes: :yes:

    තවත් ආඩම්බරයි :baffled::lol::rofl:

    විපක්ෂයේ චෝදනා පුස්සක්. අධිවේගයේ ආදායම කෝටි 4500ක්
    දක්ෂිණ අධිවේගයෙන් දැනට කෝටි 3300ක වාර්තාගත ආදායමක්
    ගිය වසරේ ඇරැඹූ කටුනායකින් මේ වනවිට ‍කෝටි 1200ක්

    සති අන්තයේ ගම් බිම් බලා යන වාහන 20000ක් පමණ දක්ෂිණ අධිවේගයේ ධාවනය කෙරෙන බව කී ඇමැතිවරයා මෙය ආශ්චර්යක් බව පවසයි.

    මොනවා වුනත් අධි වේගී මාර්ග හදන එකනම් හොද වැඩ. එත් ඕවයෙන් ගසා කන එක කැත වැඩ.
    මුන් ණය අරන් රටට හරියට ආදායමක් එන වැඩක් කරන්නැති එක ගැන තමා දුක.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    විපක්ෂයේ චෝදනා පුස්සක්. අධිවේගයේ ආදායම කෝටි 4500ක්
    දක්ෂිණ අධිවේගයෙන් දැනට කෝටි 3300ක වාර්තාගත ආදායමක්
    ගිය වසරේ ඇරැඹූ කටුනායකින් මේ වනවිට ‍කෝටි 1200ක්
    කොළඹ-රත්නපුර අධිවේගයේ ඉදිකිරීම් මාස තුනකින් ඇරැඹේ
    මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල හෙළි කරයි

    විපක්ෂයේ සියලු චෝදනා පුස්සක් බවට පත් කරමින් දක්ෂිණ සහ කටුනායක අධිවේගි මාර්ග විවෘත කළ දා සිට මේ වන තෙක් රුපියල් කෝටි 4500ක වාර්තාගත ආදායමක් උපයා තිබේ.

    දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන්ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයිද මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කරයි.

    දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

    කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝම්බර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1200ක එහි ආදායම උපයා ඇතැයිද එහි ආදායම දිනෙන් දින ඉහළ ගිය බවකී ඇමැතිවරයා මේ වනවිට එහි ආදායම රුපියල් කෝටි 14 ක් පමණ වන බවද සඳහන් කරයි.

    ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම ඊට හේතු වි ඇතැයි කියන ඇමැතිවරයා සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් කියයි.

    සති අන්තයේ ගම් බිම් බලා යන වාහන 20000ක් පමණ දක්ෂිණ අධිවේගයේ ධාවනය කෙරෙන බව කී ඇමැතිවරයා මෙය ආශ්චර්යක් බව පවසයි. රත්නපුර-කොළඹ අධිවේගි මාර්ගයේ මෙන්ම පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට උපදෙස් දි ඇතැයි කී ඇමැතිවරයා මේ වසර අවසන් වීමට පෙර එම අධිවේගි මාර්ග දෙකේම වැඩ අරඹන බව කියයි. කොළඹ-රත්නපුර මාර්ගයේ තදබදය අවම කිරීම සඳහා තෙමසක් ඇතුළත නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අරඹන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට උපදෙස් දි ඇතැයිද හෙතෙම පවසයි.

    ඒ අනුව කොළඹ සිට රත්නපුරය දක්වා කිලෝ මීටර් 71.8ක දුරකින් නව අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් තෙමසක් ඇතුළත ජනාධිපතිවරයාගේ සුරතින් අරඹන බව ඇමැති කොතලාවල මහතා ප්‍රකාශ කරයි .

    කොළඹ සිට රත්නපුර දක්වා විනාඩි 45කින් ගමන් කළ හැකි අයුරින් නව ‍අධිවේගී මාර්ගය ඉදි කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇතැයිද හෙතෙම පවසයි. ශ්‍රී ලංකාවේ තෙවන අධිවේගී මාර්ගය ලෙස ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට හොරණ ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි එමඟින්කොළඹ සිට රත්නපුර දක්වා මෙතෙක් ගමන් කිරීමට ගත වූ පැය තුනක කාලයක් ඉතිරි කර ගත හැකි බවත් එහෙයින් මේ මාර්ගය ඉදිකිරීමට සැලසුම් කළ බවත් ඇමැතිවරයා කීය‍.

    මේ මාර්ගය ප්‍රවේශ මාර්ග 14කින් සමන්විත වන බවද කහතුඩුව, ගැලනිගම, හොරණ , හඳපාන්ගොඩ, ඉංගිරිය, මුණසිංහපුර, කිරිඇල්ල, ඔටුවාගල, ඇහැළියගොඩ, කිතුල්පේ , දොඩම්පේ, කොස්ගොඩ, කුරුවිට, රත්නපුර හරහා පැල්මඩුල්ල ඊට අයත් වෙන බවද ‍ඒ මහතා සඳහන් කළේය.

    එසේම පිටත වටරවුම් මාර්ගය අතුරුගිරියේ සිට කඩුවෙල, කඩවත හරහා කෙරවළපිටිය දක්වා ඉදි කරන බවත් එහි ඉදිකිරීම්ද සිදු වෙමින් පවතින බව වැඩි දුරටත් පැවැසීය.

    මාර්ඝ සoවර්ධනය හොඳ, කළයුතු වැඩක්. නමුත් මත්තල ගුවන්තොටුපළ? සුදු අලියෙක් නේද? :angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    විපක්ෂයේ චෝදනා පුස්සක්. අධිවේගයේ ආදායම කෝටි 4500ක්
    දක්ෂිණ අධිවේගයෙන් දැනට කෝටි 3300ක වාර්තාගත ආදායමක්
    ගිය වසරේ ඇරැඹූ කටුනායකින් මේ වනවිට ‍කෝටි 1200ක්
    කොළඹ-රත්නපුර අධිවේගයේ ඉදිකිරීම් මාස තුනකින් ඇරැඹේ
    මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල හෙළි කරයි

    විපක්ෂයේ සියලු චෝදනා පුස්සක් බවට පත් කරමින් දක්ෂිණ සහ කටුනායක අධිවේගි මාර්ග විවෘත කළ දා සිට මේ වන තෙක් රුපියල් කෝටි 4500ක වාර්තාගත ආදායමක් උපයා තිබේ.

    දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන්ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයිද මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කරයි.

    දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

    කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝම්බර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1200ක එහි ආදායම උපයා ඇතැයිද එහි ආදායම දිනෙන් දින ඉහළ ගිය බවකී ඇමැතිවරයා මේ වනවිට එහි ආදායම රුපියල් කෝටි 14 ක් පමණ වන බවද සඳහන් කරයි.

    ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම ඊට හේතු වි ඇතැයි කියන ඇමැතිවරයා සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් කියයි.

    සති අන්තයේ ගම් බිම් බලා යන වාහන 20000ක් පමණ දක්ෂිණ අධිවේගයේ ධාවනය කෙරෙන බව කී ඇමැතිවරයා මෙය ආශ්චර්යක් බව පවසයි.

    Not so fast :rofl::rofl::rofl:

    දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන් ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල සදහන් කළබව දැක්වෙන පුවතක් අද දිනමිණ පුවත්පතෙහි පළකොට ඇත.

    ගණිත සංඛ්‍යා සම්බන්ධයෙන් මහින්ද රාජක්ෂ ආණ්ඩුවට ඇත්තේ එසේ මෙසේ බැරිකමක් නොවේ.

    එය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිට බේරේ වැව අසල පිහිටි පත්තර කන්තෝරුවල සිටින ලියන්නන් දක්වාත් එක ලෙස බලපැවැත්වෙන බව අද දිනමිණ පුවතින් සවිස්තර කෙරේ. එහි දැක්වෙන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝබර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1,200ක එහි ආදායම උපයා ඇතැයි ද සදහන්වේ.

    ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම මෙම ආදායම් ඉහලයාමට හේතුවන බව සදහන් කොට ඇති ඇමැති නිර්මල කොතලාවල සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් පවසා ඇති බවද පළකොට ඇත.

    කෙසේ නමුත් 2011 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 3300 බවට වන වාර්තාව පසුගිය ජූලි 08 වන දා නිර්මල කොතලාවලම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් පිළිබඳව පාර්ලිමේන්තුවට සපයා ඇති සංඛ්‍යා දත්ත වලින් බිද දමා ඇත.

    ඒ අනුව 2011 නොවැම්බර් මාසයේ 27 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ අතර දෙසැම්බර් 31 වනවිට උපයා තිබූ ආදායම රුපියල් 80,685,230.00 ක්(කෝටි 08) වන අතර 2012 වසරේ එම ආදායම රුපියල් 10,19,132,650.00 ක්ද(කෝටි 10 ක්) වේ.

    2013 වසරේ එහි ආදායම 1,259,027,169.00 ක් වන අතර මේ අනුව 2013 වසර අවසන් වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් විවෘත කල දා සිට උපයා ඇති මුළු ආදායම 2,358,845,049.00(රුපියල් දෙසීය තිස්පන් කෝටි අසුඅට ලක්ෂ හතලිස්පන්දහස් හතලිස් නවයක්) ක් හෙවත් ආසන්න වශයෙන් කෝටි 236 කි.

    මේ අනුව දිනමිණ පුවත්පත විසින් හෙළිදරව් කර ඇති පරිදි මෙම ආදායම රුපියල් කෝටි 3,300ක් වේ නම් 2013 අවසන් වන විට ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ තැබූ උපයා මුළු ආදායම වන රුපියල් කෝටි 236 වන වාර්තාව බොරු වාර්තාවකි. නැතිනම් 2014 ජනවාරි මස සිටි ගෙවී ගිය 06 මස ඇතුලත දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 3,064ක ආදායමක් ලැබිය යුතුය.

    මේ අනුව මෙම සංඛ්‍ය දත්ත හරහා ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට කත් අදින බත්බැල මාධ්‍යායතනයන්හි නිලධාරීන්ටද ගණන් බැරි බව සාක්ෂි සහිතව ඔප්පු වන අතර එවැනි ආණ්ඩුවක් විසින් උසස් පෙළ හැදෑරීමට ගණිතය සමත් නොවීම සුදුසුකමක් කිරීම අරුමයක් නොවන බව දි ඉන්ඩිපෙන්ඩන්ට් පවසා සිටිමු.
     
    waligamaya

    Well-known member
  • ඉස්සෙල්ලම කරන්න තිබුනේ හම්බන්තොට වරයඑකේ දෙවැනිපියවරේ උපරිම දරිතවයට එන විදියට ප්‍රොජෙක්ට් එක සිරවට ඉවර කරගන්න එක, එකත් මුන්ගේ ගොන් අතල් නිසා පිලිවෙලකට කරගන්න බැරි උනා, වියදමත සැලසුම් කරටවඩ ගොඩක් වැඩිඋන. ඊට පත්සෙ තමයි මතතල පටන් ගෙන commissioning ක්‍රන්න තිබ්‍රනේ. මුන්ගේ කැටයම් වැඩ නිසා ලන්කවේ තවත් සිර project එකක වැඩ අවුල් උනා, ( මෙක කිව්වෙ එක එක ඔපදුප අහල නෙවෙයි මම හම්බන්තොට වරය ප්‍රොජෙcට් එකේ Eng කෙනෙක් විදියට ලබපු අද්දැකිම් අනුව. )