බෙහෙත් පෙති කුඩු කර
මත් කුඩු කියා විකුණා
ලක්ෂ ගණන් උපයලා
හේමන්ත රන්දුණු
කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ජාවාරම්කරුවකු බෙහෙත් පෙති වර්ගයක් කුඩුකර ඒවා පැකට් ලෙස සකසා මත්කුඩු ලෝලීන්ට අලෙවිකර පැය දෙකකදී රුපියල් තුන්ලක්ෂයකට ආසන්න මුදලක් උපයාගෙන පළාගොස් ඇත.
උග්ර හෙරොයින් හිඟය නිසා උමතුවෙන් හැසිරෙන හෙරොයින් ලෝලීන්ට මෙම හෙරොයින් ජාවාරම්කරු පෙති කුඩුකර අලෙවි කර ඇති බව වාර්තා වෙයි.
හෙරොයින් අලෙවියට මෙන්ම හෙරොයින් භාවිතයටද ඇබ්බැහිවී සිටින මෙම පුද්ගලයා ග්රෑන්ඩ්පාස් තොටළඟ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ හා තදාසන්න ප්රදේශවලින් හෙරොයින් තොග පිටින් අත්අඩංගුවට ගැනීම නිසා කොළඹ නගරයේ හෙරොයින් හිඟයක් ඇතිවී තිබේ.
ලද අවස්ථාවෙන් ප්රයෝජන ගෙන ඇති මෙම ජාවාරම්කරු බෙහෙත් පෙති විශාල ප්රමාණයක් කුඩුකර ඒවා වළඳක දමා දුඹුරු පැහැ වනතුරු බැදගෙන ඇත. පසුව එම පෙති කුඩු හෙරොයින් ඇසුරුම්කරන ආකාරයට කුඩා පැකට්වලට අසුරා තිබේ.
මෙම පුද්ගලයා බෙහෙත් පෙති කුඩු සහිත පැකට් හෙරොයින් කියා අලෙවිකර ඇත්තේ පිට පළාත්වල සිට හෙරොයින් ගැනීමට කොළඹට එන මත්කුඩු ලෝලීන්ටය. පැය දෙකකට ආසන්න කාලයකදී මොහු රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් මෙම කුඩු පැකට් අලෙවියෙන් උපයාගෙන තිබේ.
"පොලිසිය සෑම තැනම ඉන්නවා. කුඩු ටික අරගෙන ගමටම ගිහින් ඒවා පාවිච්චි කරන්න" යෑයි කියමින් මොහු මත්කුඩු ලෝලීන්ට බෙහෙත් පෙති කුඩු පැකට් අලෙවි කර ඇති බව වාර්තා වෙයි.
මොහු කොළඹ නගරයේ දන්නා හඳුනන කිසිවකුටත් මෙම කුඩු පැකට් අලෙවි කර නැත.
පැය දෙකකදී රුපියල් තුන් ලක්ෂයක මුදලක් උපයාගෙන ඇති. මෙම පුද්ගලයා පසුව ග්රෑන්ඩ්පාස් ප්රදේශයෙන් පලා ගොස් තිබේ.