මතින් තොර නිවසක් ගොඩනගන්න ඔබත් සූදානම්ද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මමත් බොන්නෙ නෑ මචං. කියන්න සතුටුයි ඔෆිස් එකේ ඉන්න නොබොන උන් දෙන්නගෙන් එකෙක් මම.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    Mama bonneth naha. thaaththa bonneth naha. seeya biwweth naha. chocolate mousse hadanna genawa brandy bothalayak nam gedara thiyanawa.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මගේ වෙඩින් එකේදි ලිකර් මුකුත්ම දුන්නේ නෑ... ඔෆ්ස් එකේ සෙට් එකක් අවේ නෑ... 10ක් විතර ... සමහරවිට ලිකර් නෑතිනිසාද දන්නෙ නෑ... කටිටිය කාලා , බීලා,, නටලා ගියා... කිසි අවුලක් නෑ..... ගොඩක් නෑදෑයො වැඩේ හොඳයි කිව්වා... සමහරුනම් බැනලත් තිබ්බලු ... කුණු කමට බොන්න දුන්නෙ නෑ කියලා... ලිකර් දුන්නෙ නෑ කියලා ලාබයක් නම් තිබ්බෙ නෑ ලොකුවට... ඒත් වමනෙ දැමිලි, වලි අනං මනං කෙස් මුකුත් තිබ්බෙ නෑ...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොන උන්ට බිගන්න කියපන් බන් අපිට මොකද .. කව්රුවත් නොදන්නා කමට නෙමේනේ බොන්නේ .. වෙන ඒවා දනගෙනනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    Bonne nathi eka trend eka karanna oni. Baya nathuwa set wena place wala inna oni. Baya nathuwa kiyanna oni mama bonne ne kiyala. Eeta passe eka kathaa wenava. Mama nam campus kaaledi oya wade godak kalaa.

    :yes::yes:

    බොන උන්ට බිගන්න කියපන් බන් අපිට මොකද .. කව්රුවත් නොදන්නා කමට නෙමේනේ බොන්නේ .. වෙන ඒවා දනගෙනනේ

    උන් බොන්නේ නොදන්නකමටයි බන්. වෙන දේවල් දැනගත්තත් නොබී ඉන්න බැරි තරමට අද සමාජය උන්ව එතනට තල්ලු කරලා ඉවරයි. උන්ට ඒකෙන් ගැලැවෙන්නත් බෑ.

    මට ඉස්සර බොන්න එපා කියලා ඇඩ්වයිස් දීපු එවුන් අද කරටි කැඩෙන්න ගහනවා. දවසට සිගරට් 15-20ක් වත් බොනවා. කිව්වට අහන්නෙත් නෑ
    :(
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    පැටියා;18848679 said:
    එතකොට උඹ කියන්නෙ සිහිය විකල් නොවෙන තරමට බිවුවට අවුලක් නෑ කියලනෙ. එල. මාත් කියන්නෙ ඕක තමා :rofl:

    :rofl::rofl:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අරක්කු ටිකක් බිවුවාම සිංහයෝ වෙනවයි කියන මානසිකත්වයෙන් මිදෙනකන් අපේ උන් බේරන්න බෑ බන්, ටිකක් අමාරුයි බන් තේරුම් කරන්න අපේ උන්ට.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සිංහල ජාතිය වනසන මත්පැනින්, දුම්වැටියෙන් ජාතිය මුදවා ගැනීමේ සංග්‍රාමයටද අපි මුල පුරමු. සිංහල ජාතියේ විනාශයතකා සිදුවන සියලු ක්‍රියාවන් සක්‍රීයව මැඩපවත්වමු. මේ සංග්‍රාමය සඳහාද ඔබගේ සක්‍රීය දායකත්වය ලබාදෙන්න. අපි අපේ පවුලතුලින් රට හදමු. ඔබ සූදානම්ද?




    අද ගියා හිතවතෙකුගේ උත්සවයකට.එකේ මොනවා නැතත් මත්පැන් වලින් නම් අඩුවක් තිබුන් නැ.
    ඇයි මේ අපේ මිනිස්සු මේ උත්සවවලට මත්පැන් ඇදාගන්නේ?ඔය ප්‍රශ්නයට නම් සමහරු කියන්නේ සතුටට,රසවිදින්නලු.එතකොට උත්සව වලට විතරක් නෙමෙනේ මරණයක්, දානයක් තිබුනත් මේ මිනිස්සු මත්පැන් ගාවගන්නවා. ඒත් සතුටටද?බලං ගියාම පේන්නේ අපේ මිනිස්සු දුක,සතුට දෙකටම විතරක් නෙමෙයි පැහැදිලි හේතුවක් නැතිවත් මේ මත්පැන් ජිවිතවලට වද්දගන්න තරම් ඒකට ඇබ්බැහිවෙලා.

    මේ මත් පැන් බිම අපේ ශ්‍රි ලාංකිය සංස්කෘතියේ අංගයක් නෙමෙයි.එහෙත් අද සමාජය දිහා බැලුවමනම් පෙනෙන්නේ එය සමහරුන් සංස්කෘතියේ අංගයක් ලෙසින් සලකන බවයි.අපිට මේ ජරා පුරුද්ද පුරුදුකිරිමට විදේශිකයන් මනා දායකත්වයක් සැපයුවා. දැන් අප, ඔවුන්ටද වඩා මේ මත් පැන් අතයවශය දෙයක් ලෙස සැලකිමට පුරුදුවි ඇත.විදේශිකයන් හා එක්වු සාදයකදි අප මත්පැන් ප්‍රතික්ශේප කලහොත් ඔවුන් එක නිහතමානිව පිලිගෙන ඇල්කොහොල අඩංගු නෙවන දෙයකට අප යොමුකරයි.එහෙත් ශ්‍රි ලාංකික හිතවතුන් සමගදි එසේ ප්‍රතික්ශේප කලහොත් අසන්නේ ඇයි බොන්නේ නැත්තේ කියායි.මත් පැන් බිම මුලික මිනිස් අවශයතාවයක් ලෙස සමහරුන් සැලකිම එයට හේතුවයි.

    ඒ අතරම තවත් කියන කථාවක් තමයි කොල්ලෝ උනාම බොන්න ඔනි කියන එක. ඒත් අපි නම් අහලා තියෙන්නේ කොල්ලෝ බිලා කොලුකම නැති කරගන්නවායි කියලයි.(මත් පැන් පානය කිරිමෙන් ලිංගික ශක්තිය හින වනවාලු ) .අපි නම් දැකලා තියෙනවා සමහරුන් බිවුවාම තියෙන කොලුකමත් යටපත් වෙලා බලු කම ඉසමතු වෙනවා.

    අද සමාජය ගත්තාම මත්පැන් කියන එකෙන් තමන්ගේ සමාජ තත්වය නිරුපනය වෙනවා කියලත් සමහරු හිතන් ඉන්නවා.මේ පනිවිඩය සමාජයට දිලා තියෙනේ අපේ වැඩිහිටියෝ. පොඩි කාලේ අපි විරයෝ තමයි අපේ තාත්තා, වැඩිහිටියෝ.ඒ අය අපි ඉදිරිපිට මත් පැන් බොන්නේ හරියට අමුර්තය පානයකරනවා වගේ සතුටකින්.ඔවුන් අපිට පෙන්නන්නේ සතුටින් ඉන්නනම් මත් පැන් බොන්න ඔනි කියන දේ.ඒත් ඔවුන් ඒ කරන්නේ ලොකු වැරැද්දක් කියලා ඔවුන්ට අවබෝධයක් නැ
    මේ ලගදි හිතවතෙකුගේ ගෙදර ගිය වෙලාවේ මගෙන් ඉල්ලිමක් කරනවා ලබන වතාවේ ලංකාවට එකකොට ඩියුටි ෆ්‍රී එකෙන් එයාට හොද වර්ගයේ මත්පැන් බෝතල් කිහිපයක් ගෙනත් දෙන්නලු,සල්ලි දෙන්නම්ලු.මම හිතුවා එයාට බොන්න වෙන්න ඇති කියලා.ඒ ගැන ඇහුවහම කිවේ හිනා යන කතාවක්.දැන්ම ඉදන් මගුල් ගෙදරට ඔන හොද බඩු ගෙනත් තියාගන්න ඔනිලු.මොකද එයා වැඩ කරන කොම්පැනි එකේ ලොකු ලොක්කන්ට බාල බඩු දෙන්න බැහැලු. :D හැබැයි මිනිහට තවම මගුලක් හොයනවා. ඔයවගේ කතාවලට හිනාවෙන්නද අඩන්නද මන්දා?.

    තවත් වතාවක එක් මල්ලි කෙනෙකුගෙන් ඇහුවා මල්ලි කලින් මත් පැන් බිලා තියෙනවාද කියලා.ඔහුගේ පිලිතුර වුනේ නැහැ යන්නයි.ඉට පස්සේ මම ඇහුවා දිගටම බොන්නේ නැකියලා ප්‍රතිපත්තියකද ඉන්නවාද කියලා.ඉට පස්සේ එයා කියනවා. එහෙම එකක් නම් නැ, ඉස්සරහට ජිවත් වෙන සමාජ තත්වය අනුව බොන්න වෙයිද දන්නේ නැලු :D

    මොකක්ද ඔය සමාජ තත්වය, මත් පැන් බිලා ලගා කරගන්න පුලුවන්.සමහරු හිතන් ඉන්නේ ඉහල සමාජ මට්ටමකට යන්න නම් ඔය මත් පැන් බිම අනිවාර්ය දෙයක් කියලා.එක ඔය සල්ලිකාර බුද්ධිය හින අය මවලා තියෙන දෙයක්.ධනවතෙක් මත් පැන් බීවුවාත් ඔහු සමාජයේ හොදින් පිලිගැනෙනවා. එහෙත් දුප්පතෙක් බිවුවොත් ඔහු බේබද්දෙක්, ඔහුට සලකන්නේ පහත් මට්ටමින්.

    බලාගෙන ගියහම මත් පැන් බිමට පිලිගැන්මක් ලැබෙන්නෙත් ඇති නැති පරතරය අනුව තමයි.

    මත් පැන් කිව්වාම මම හිතන විධියට නම් ඇල්කොහොල් අඩංගු ඔනැම පානයක් අයිති වෙනවා.ඒක අරක්කු, [FONT=&quot]කසිප්පු[/FONT], බියර් හෝ වයින් කුමක් වුනත් මත් පැන්ම තමයි.ඒත් අපේ සමහරු කියනවා අරක්කුනම් බොන්නැ එත් බියර්, වයින් බොනවා.අපේ සමහර කාන්තා පාර්ශවයේ(අම්මාවරු හා අනාගත අම්මාවරු ) උදවියත් මේ අරක්කු නොබොන එහෙත් බියර්, වයින් බොන කාණ්ඩයට අයත්.

    බියර් වල ඇල්කොහොල් සාන්ද්‍රණය 5% පමණ වන විට අරක්කු වල 30% පමණ වෙනවා.ඉතින් බියර් විදුරු 6ක් බිමයි, අරක්කු විදුරුවක් බිමයි එක සමානයි නේද? අරක්කුනම් බොන්නැ එත් බියර් බොනවා කියන්නේ කාව රවට්ටන්නද?

    බෞද්ධ ධර්මය මත්පැන් පානය අනුමත කරලානැ. එහි මත්පැන් පානයේ ආදිනව මනාව පැහැදිලි කරලා දිලා තියෙනවා.ලෞකික වශයෙන් අප්‍රමාදි ජිවිතයක් ලගා කරගන්නනම් මේ මත් පැන් වලින් ඇත් වෙන්න ඔනි.එහෙම නැතිවුනොත් එයතුලින් අපේ සංවරකමත්, අපේ චරිතයත් විනාශ වි අපි විනාශ මුඛයට යාවි. පන්සිල් වල පස්වෙනි සිල් පදය වන මත් පැන් මත් ද්‍රවය ගැනිමෙන් වැලකිමේ සිල් පදය රැක, මනස අඳුරැ කිරීමට සිහි මුලාවට හේතුවන මේ මත් පැන් වලින් අපේ අනාගත පරපුර රැකගන්න නම් වැඩිහිටියන් එයින් වැලකි අදාර්ශමත් විය යුතුය.

    සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල නම් සිටුපුත්‍රයාට ධනය, සතුට,පවුල් ජිවිතය විනාශ වන ධන විනාශ මුඛ හයක් දේශනා කර ඇත.එයින් එකක් වනුයේ මේ මත් පැන් පානයයි. ධනය විනාශවිම, ලෙඩ රෝග ඇතිවිම, ලැජ්ජා නැති තත්වයට පත්විම, සිහි කල්පනාව නැතිවිම යන දුර්විපාක ඇතිකරන මෙම විනාශ මුඛයෙන් ඉවත් විම අපේ යුතුකමයි, වගකිමකි.

    "මතින් තොර නිවසක්" යන සංකල්පය සැම නිවසකම ක්‍රියාත්මක කල යුතුය. එවිට “සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි” අනගාරික ධර්මපාලතුමා නැගු හඩ ජය ගත හැකි වනු ඇත.

    සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
    ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
    මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
    කැස්සද සැදුමෙන් ආයුෂ කොට වෙයි

    මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
    වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
    බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
    දුප්පත් වීමෙන් අකල් මරණ වෙයි

    බීමට අපට පැන් ඇති මිහිපිට සොඳට
    සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
    වදයට දෙලොව පැමිණෙයි ඒ පව් කමට
    ලොබ කොට නො බොනු මත්පැන් කිසිකල සැපට (සිරිත් මල්දම)

    යං මනුස්සා විවජ්ජෙන්ති - සප්පං ඝෝරවිසං විය ලොකේ විස සමානං තං - කෝ නරෝ පාතුමරහති
    දරුණු විෂ ඇති සර්පනයකු මෙන් නුවණැති මිනිසුන් විසින් දුරලන, ලෝකයෙහි තිබෙන මහවහක් බඳු මේ මත්පැන් බොන්නට සුදුසු කවරෙක් ද? (කුම්භ ජාතකය )




    මෙම ලිපියඅතිපුජය මඩිහේ පඥ්ඥාසිහ මහනායක හිමිපාණන් විසින් අග්‍රාමාතය රණසිංහ ප්‍රේමදාස මහතාට භාර දෙන ලද්දකි.

    ඉතා හොඳ ලිපියක්.
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මතින් තොර නිවසක්

    mage gedara 100% k මතින් තොර නිවසක්
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මේ වාගේ හොඳ නූල් බම්ප් වෙන්නෙ අඩුවෙන්... හැබැයි ගවුන් කෑල්ලක් ගැන දැම්මොත්... අම්මෝ බලන්න ඒපැයි...
     

    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    මේ වාගේ හොඳ නූල් බම්ප් වෙන්නෙ අඩුවෙන්... හැබැයි ගවුන් කෑල්ලක් ගැන දැම්මොත්... අම්මෝ බලන්න ඒපැයි...


    ekane wade kiyanne
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සුරාවේ අැති මිහිරි රසයත්
    එහි අැති මනා ගුණයත්
    දන්නෝ එය බොන සුදන දන මිස
    නොබොන අනුවණ දනෝ නොදනිත්...


    කියල මම අහල තියෙනව...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුරාවේ අැති මිහිරි රසයත්
    එහි අැති මනා ගුණයත්
    දන්නෝ එය බොන සුදන දන මිස
    නොබොන අනුවණ දනෝ නොදනිත්...


    කියල මම අහල තියෙනව...

    11053045_529036853912225_2758149947623517281_n.jpg