මද්දහනේ වියරුව...
ආච්චි ශෙකල් 200ක් දීලා කීවා හවසට එන යාලුවට බොන්න හොද සිගරට් පැකට් එකක් ගේන්න කීවා... (ආච්චිටත් හිතෙන දේවල්) මම පහල කඩේට ගියා ගිහින් සිගරට් පැකට් එකක් ඉල්ලපුවාම ඌ මට අලුත් සිගරට් වර්ගයක් කියලා දුන්නා එකක් මම එපා කියද්දි. මම ඒක ලෙහලා බැලුවාම යට ඊයන් කොලය වෙනුවට මේක ඔතලා තියෙන්නේ කෙහෙල් කොලයකින්. මම පිට පෙනුමත් වැඩිය ලස්සනට ඔතලා නැති නිසා මුලදි එපාම කීවා. කොහොමටත් දැන් ලෙහුවනේ බලමු කියලා සිගරට් එකක් ගන්න ගියාම ඇලෙනව.. අෆ්ෆට පැනි සිගරට්!!.. පැනි දුන්කොල වගේ. දැන් මම එකක් පත්තු කරලා බීවා අෆ්ෆට වරදක් නෑ.. ටිකක් බොද්දි නියම දුන්කොල රස දැනුනා.. හැබැයි ඉතින් අර ස්ටැයිල් ගතිය නම් නෑ නේද මේ පැනි සිගරට් එකේ කියලා මට යට හිතින් හිතුනත් මම මේකට කැමති උනා. තව ටිකක් බොනකොට ෆිල්ටරේ පැනි රස නිසා මම නිකම්ම හපන්න පුරුදු උනා.. මට දැන් මේ වැඩේ හොදටම හිතට අල්ලලා ගියා. මම හිතාගත්තා ඒ සිගරට් පැකට් එක මම තියාගන්නවා කියලා ආච්චිට වෙන එකක් ගන්න ආයෙත් ශෙකල් 200ක් දුන්නා. දැන් කඩ කාරයා වෙන වැඩ. ඉතින් එයා දැන් මට සිගරට් පැකට් එක දෙන්නෙත් නැතුව ඉතුරුවා දුන්නා. මම ගනන් හදලා බලපුවාම ගාන ගොඩක් වැඩියි දැන් මම එයාගෙන් අහන්නත් ඔන්න මෙන්න තියලා බැලුවා මිනිහා මට මොනාද දුන්නේ කියලා කවුන්ටරය දිහා බලපුවාම දැක්කේ මෙයා දේශීය පානය බාගයක් බෝතලයකට දාලා පත්තර කොල කඩදාසි කවරෙක දාලා කට ගාවින් ලස්සනට අබරලා තියලා. ඊට පස්සේ මම කීවා මට ඕනේ මේක නෙවෙයි සිගරට් පැකට් එකක් විතරයි කියලා.. ඔය අතර අහල පහල අදුරන අක්කලා දෙතුන් දෙනෙකුත් කඩේ පැත්තට ඇවිත් මුකුලු කර කර එනව. ඔය අතර පුරුදු මුහුණකුත් එක පාරටම හිනා වෙවී කඩේට ආවා.. මගේ පරණ ලව් එක..... එයා ආව ගමන් වෙනසක් නැතුව මාත් එක්ක හිනාවෙවී කතා කලා. නොදැනුවත්වම අපි කඩේ පිටිපස්සේ තියන ලාකොල පාට තණ කොල වැඩිලා තියන ගෙමිදුලේ එහාට මෙහාට ඇවිද ඇවිද එක එක දේවල් කතා කලා. එයා හිටපු ගමන් මගේ මූණට හාද්දක් දීලා ඈත පේන වෙරල දිහාට දීවා.. මට මොකද්දෝඋනා ග්රිගාබයිට් ගානක මතකයන් රාශියක් එකවර මතකයට ලෝඩ් වෙන්න ගත්තා. එයාගෙන් මම හයියෙන් ඇහුවා ඔයා එහෙම කලේ මට ආදරේ නිසාද තවත් කියලා. එතකොට එයා කීවා මම කාටවත් ආදරය කරන්නේ නෑ. කට්ටියට ආදරය කරලා එයාලට ඕන දේවල් කරලා මම විනාශ උනා විතරයි උනේ දැන් මම සතුටෙන් ඉන්නවා කියලා.. හිනා වෙවී දුව දුවා.. ඒ හිනාවත් ඒ සැහැල්ලු බවත් සුලගේ ලෙලෙන ඇගේ කෙහෙ රොදත් හරිම ලස්සනයි නේද කියලා මට මොහොතකට හිතුනා. ඒ එක්කම හරි රස්නයක් ඇගට දැනිලා මම එහෙට මෙහෙට හැරුනා. මම ඇහැරුනා.. දවල් නිදියපුවාම දකින විකාර හීන කියලා හිතුනා.. ඒ ඇරත් ජෙරුසලමේ කොහෙද වත්තල මූදු තීරයක්.. ජෙරුසලමේ කොහෙද පෙට්ටි කඩයක්.. ඔය ඔක්කොම හීන විතරයි.....


) ඕන දෙයක් කරගන්න පුලුවන්. හැබැයි ඉතින් විශ්ව නීතිය කාටත් කොහොමටත් බලපානවනේ.. තමන් කරන දෙය විපාක තමන් විදින්න ඕනේ කියලා දෙයක්. ඒකට ගොඩක් අය අහු වෙනවා
+6 මචන්



