සියලු බෞද්ධයන් රහතුන් නොවේ. බොහෝ සිටින්නේ නාමික බෞද්ධයන්ය. (නමුත් බෞද්ධ සමාජයේ ප්රගමනයට ඔවුනුත් අවශ්‍යය. එය වෙනම කතාවකි.) නාමික බෞද්ධයන් සමහරක් පිස්සු කෙළියි. සිංහලයන් අතරද විවිද අදහස් ඇත්තෝ සිටී. එලෙසම අනෙකුත් ජාතීන්, ආගමිකයන් අතරද විවිද අදහස් දරන්නෝ සිටී. එම අදහස් සැමවිටම හොඳ ඒවාද නොවේ. විශ්ව ගම්මානයේ තව දුරටත් අප දූපත් මානසිකතවයේ සිටිය යුතු නැත. අනෙකුත් රටවල ජාතීන්, ආගමිකයන් ගැනද අපට ප්‍රශංසා විවේචන තිබිය යුතුය. දූපත් මානසිකත්වයෙන් මිදිය යුතු අප දලයි ලාමා පමණක් නොව ISIS ගැන මෙන්ම පෝප් ප්‍රාන්සිස් ගැනද කතා කලාට කම් නැත.
නමුත් මට ඇති ප්රශ්නය නම්, මෙම අලුත් පරපුර කියාගන්නා හෝ වෙනත් පරපුරවල හෝ සුජාතයන්ට මෙන්ම අවජාතකයන්ටද වැරදි, අඩුපාඩු මෙකී නොකී දහසක් දේ පෙනෙන්නේ "සිංහල" "බෞද්ධයන්ගේ" පමණක් වීමයි, සිංහලයාගේ ඉතිහාසය පමණක් වීමයි
කොහේ හෝ විශාල වරදක් සිදු වී ඇත. ???