මදුනාගල උණු වතුල ළිං
ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උලපත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය. එක් පසකින් මහ රහතන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයත් අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ඉපැරණී චිත්‍ර සොයාගත් කරඹගල වන රක්ෂිතයටත් මැදිව සුන්දර කුඹුරු යායක් මැද මෙම ස්ථානය පිහිටා ඇත. නූතනයේ දකුණූ පළාත් සංචාරක අමාත්‍යංශය විසින් සංචාරක ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් මෙම ස්ථානයට තවත් සංචාරක අංගයන් බොහොමයක් එක්කර තිබේ.
සංචාරකයන්ගේ ගමන් විඩාව දුරු කර ගනිමින් ඖෂධීය ගුණයන්ගෙන් සම්පූර්ණ වූ උණු දිය ස්නානය කිරීමේ පහසුකම් මෙම ස්ථානයේ ඇත. සීතල සුලං හමායන කුඹුරු යායක් මැද සිට, බොහෝ ඖෂධ ගුණයන්ගෙන් සපිරි ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයන්ට ඉතා මහගු අවස්ථාවකි.
වර්ථමානයේ මෙම ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකොට ජල ටැංකි පහක් ඉදිකර ඇත. මෙම ජල ටැංකි පහේ උෂ්ණත්වය එකින් එකට වෙනස් වන ආකාරයට ඉදිකර ඇත. එනම්, උණු දිය උල්පත වටා බැදි ජල ටැංකිය වඩා වැඩිම උෂ්ණත්වයක් ඇති ජල ටැංකියයි. මෙහි ජලය තුළ උණුසුම නිසා දිය බුබුළු මතුවනු දැකිය හැකිය. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර ඇති අතර, සංචාරකයන්ට දිය නෑම සදහා එය විශාල පහසුවක් ගෙන දී ඇත.
මෙම ස්ථානයෙහි කුරුළු උයනක්, මින් මැදුරක්, කෞතුකාගාරයක්, සංචාරක නැවතුම්පලක් මෙන්ම පළතුරු උයනක්ද ඉදිකර ඇත්තේ මෙම සංචාරක ගම්මාන සංවර්ධන වැඩපිළිවෙල යටතේය. මෙම කුරුළු උයන තුළ විවිධ ගිරවුන් වර්ග, තාරාවන්, පරවියන්, හාවුන්, කොබෙයියන් වර්ග මෙන්ම තවත් බොහෝ සතුන් වර්ගයන් සිටින අතර, මින් මැදුර තුළද විවිධ දුර්ලභ මත්ස්‍ය වර්ග ගනනාවක් ඇත
මෙම උණුදිය උල්පත් ජලයේ ඇති රසායන හා භෞතික ගුණයන් පහත පරිදි වේ.
භෞතික ගුණයන් (Physical Properties)
උෂ්ණත්වය (Temperature) 40 CO
PH අගය (PH) 7.0
සන්නායකතාවය (Conductivity) 7.1 sm-1
ඝණ ද්‍රව්‍ය (Total Solids) 5288 mg / l
රසායනික ගුණයන් (Chemical Properties)
Bicarbonate (බයිකාබනේට) (HCO) 20.1 mg / l
Chloride (ක්ලෝරයිඩ්) (Cl) 2590 mg / l
Sulphate (සල්පේට) (SO4-2) 138.4 mg / l
Nitrate (නයිට්රේට) (NO3-2) 1.02 mg / l
Phosphate (පොස්පේට) (PO4-3) 3.7 mg / l
Silica (සිලිකා) (SiO) 54.9 mg / l
Calcium (කැල්සියම්) (Ca) 533.0 mg / l
Magnesium (මැග්නීසියම්) (Mg) 4.80 mg / l
Sodium (සෝඩියම්) (Na) 1110.0 mg / l
Patassium (පොටෑසියම්) (K) 22.6 mg / l
Lithium (ලිතියම්) (Li) 0.4 mg / l
Iron (යකඩ) (Fe) 0.03 mg / l
Zink (සින්ක්) (Zn) 0.01 mg / l
Lead (ඊයම්) (Pb) 0.08 mg / l
Cadium (කැඩියම්) (Cd) 0.01 mg / l
Florid (ෆ්ලෝරයිඩ්) (F) 1.6 mg / l
Sulfide (සල්ෆයිඩ්) (S-2) 40.15 mg / l
Manganese (මැංගනීස්) (Mn) 0.04 mg / l
(මූලාශ්‍රය – භූ විද්‍යා දෙපාර්තමේන්තුව 2005)
උණුදිය උල්පත්හි අඩංගු වායූන්
Hydrogen (හයිඩ්රජන්) (H2)% 0.31
Oxygen (ඔක්සිජන්) (O2)% 0.77
Nitrogen (නයිට්රජන්) (N2)% 98.8
Carbon dioxide (කාබන්ඩයොක්සයිඩ්) (Co2)% 0.12
(මූලාශ්‍රය- ෆොන්සේකා ජී. එම්. 1998)
මෙම සංචාරක උද්‍යානයක් ලෙස සංවර්ධනය කර ඇති උණූ දිය උල්පත් වෙත ලගා වීමට ඇති මාර්ගය දෙපස ඇති සුන්දර කුඹුරු යාය ගත සිත විඩාව දුරු කරන සුන්දර ආශ්වාදයක් සංචාරකයන්ට ලබා දේ. දකුණු ප්‍රදේශයේ සංචාරය කරන ඔබ නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මෙම මදුනාගල උණුදිය උල්පත් හැදින්විය හැකිය. මෙම සංචාරය තුළ ඔබට ආසන්නයෙන්ම නරඹිය හැකි ස්ථාන ලෙස ඓතිහාසික මහානාග රාජධානිය පිහිටා තිබූ රම්භා විහාර පුරාවිද්‍යා රක්ෂිතය, මදුනාගල ආරණ්‍යය, කරඹගල ලෙන් ආදිය හැදින්විය හැකිය.