මදුරුවන් පලවා හැරිය හැකි පැල වර්ග

saturn

Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මදුරුවන් පලවා හැරිය හැකි පැල වර්ග

    මදුරුවන් මෙම පැල වර්ග
    හරහා පලවා හැරිය හැකිය

    DD-P-20-07-20-(WEDA)-HSW-3.jpg
    මෙම දිනවල පැතිර යන ඩෙංගු වසංගතයට හේතු කාරක වී ඇති ඩෙංගු මදුරුවන් මෙන්ම මැලේරියාව, චිකුන්ගුන්යා ඇතුළු සෑම මදුරු වර්ගයක්‌ම පලවා හැරිය හැකි ගෙවතුවල වගා කළ හැකි පැල වර්ග කිහිපයක්‌ බටහිර පර්යේෂකයින් විසින් හඳුන්වා දී තිබේ. මෙම පැල වර්ග අතර මෙරට වගා කළ හැකි පැල වර්ග කිහිපයක්‌ද වේ.

    1. පැඟිරි පැල - මදුරුවන් පලවාහැරිය හැකි බව බටහිර ලෝකය පවා පිළිගනු ලබන ශාකයකි. මෙහි පත්‍රිකාවක්‌ පොඩි කර සමෙහි ගැල්වූ විට තදබල සුවඳක්‌ වහනය වේ. මෙම පැඟිරි පැලයෙන් පැඟිsරි තෙල් නිෂ්පාදනය කරනු ලබන අතර, එම තෙල් සමෙහි ගැල්වීමෙන් මදුරු දෂ්ඨනයෙන් වැළැකී සිටිය හැකි බව වෛද්‍ය මතයයි. මෙම පැල ගෙවත්තේ හෝ විශාල පෝච්චියක වගා කළ හැකිය. බටහිර රටවල පැඟිරි පැලයෙන් ලබා ගන්නා සුවඳ උපයෝගි කරගෙන ඉටිපහන්ද නිෂ්පාදනය කර තිබේ.

    2. දාස්‌පෙතියා (මැරිගෝල්ඩ්) - මෙම ශාකයෙන්ද මදුරුවන් පලවාහැරීම සිදුකරන අතර, එහි අඩංගු "පයිරෙත්‍රම්" නමැති සංයෝගය බොහෝ කෘමින් මර්දනය කරන විකර්ශකයන් නිපදවීම සඳහාද යොදා ගනී. මෙම පැලයක්‌ නිවසට ඇතුළු වන ස්‌ථානයේ වුවද තැබීම යෝග්‍ය වන අතර, මදුරුවන් නිවසට ඇතුළු වන විවෘත ජනෙල් ආසන්නයේද තැබීමෙන් මදුරුවන් පලවා හැරීම පහසු වේ.

    3. මදුරුතලා (හීන් මදුරුතලා) - ඉංගී්‍රසි භාෂාවෙන් "හෝලි බැසිල්" නැතහොත් "සේක්‍රඩ් බැසිල්" යනුවෙන් හැඳින්වෙන මෙම පැලයද මදුරුවන් පලවාහරින එමෙන්ම මදුරු දෂ්ඨනයන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේදයේ භාවිත වන ශාකයකි. මෙයින් සාදාගන්නා කුඩු විශේෂයක්‌ ඉසීමෙන් මදුරුවන් මර්දනය කළ හැකි බව සඳහන්ය.

    4. සුදු ලූනු - සුදු ලූනු වගා කිරීමෙන් මදුරුවන් පලවා හැරිය හැකි බව බටහිර පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

    5. බැසිල් - මෙම ශාකයද මදුරුවන් පලවාහැරිය හැකි බව තහවුරු වූ ශාකයකි. මෙහි පත්‍රිකා තැලීමකින් තොරව ශාකයෙන් හමන සුවඳ හේතුවෙන් මදුරුවන් මර්දනය වේ. "බැසිල්" පත්‍රිකා බටහිර රටවල ආහාර රසගැන්වීම සඳහාද යොදා ගැනේ. මෙය ආයුර්වේදයේද භාවිත කරන ඔසු පැළෑටියකි.

    6. රෝස්‌මරි - මෙය නිවස තුළ මෙන්ම ගෙවත්තේද තබා ගත හැකි ශාකයකි. ආහාර වර්ග රසවත් කිරීම සඳහාද යොදා ගැනෙන අතර, මෙහි පත්‍රිකා පිළිස්‌සීමෙන් හට ගන්නා සුවඳ මදුරුවන් පමණක්‌ නොව කෘමින්ද පලවාහැරීමට සමත්ය.

    7. ගෙරනියම් - මෙයද මදුරුවන් පලවාහැරිය හැකි ශාකයකි. විශේෂයෙන්ම ලෙමන් සුවඳැති ගෙරනියම් ශාකය මෙහිදී වඩාත් ප්‍රතිඵල දායක බව හෙළි වී තිබේ. පැඟිර ශාකයට සමාන ගුණයකින් යුතු "ගෙරනියම්" ශාකය සෙසු කෘමින්ද පලවා හැරීම සිදුකරයි.

    8. පෙපර්මින්ට්‌ - "මින්ට්‌" නැතහොත් "මින්aචි" යනුවෙන්ද හැඳින්වෙන මෙම ශාකය මදුරුවන් පලවාහැරීමට සමත් තවත් ශාකයකි. මෙම ශාකයෙන් ලබා ගන්නා පෙපර්මින්ට්‌ තෙල් ශරීරයෙහි බාහිර කොටස්‌වල ආලේප කිරීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්‌වා ගත හැකිය. මෙම ශාකයේ පත්‍රිකා කිහිපයක්‌ තලා එහි අන්තර්ගත සුවඳ හා තෙල් පරිසරයට නිරාවරණය කළ විට මදුරුවන් නොපැමිණෙන බව සඳහන්ය.

    9. සේර (ලෙමන්ග්‍රාස්‌) - මෙයද ස්‌වාභාවික මදුරු විකර්ශක ගුණයෙන් යුතු ශාකයකි. ආහාර රසගැන්වීම සඳහා යොදාගන්නා සේර පැළයෙහි පැඟිරි හෙවත් සිට්‍රනෙල්ලා තෙල් අඩංගුව පවතී. මදුරුවන් පලවාහැරීමට සමත් ප්‍රබල සුවඳක්‌ දැනවීම සඳහා මෙම ශාකය නිවසට ආසන්නයේaa ගෙවත්තෙහි වගා කළ හැකිය.

    10. කුප්පමේනියා (කැට්‌නිප්)- පූසන් අසනීප වූ විටකදී ආහාරයට ගැනීමට කැමැත්තක්‌ දක්‌වන කුප්පමේනියා ශාකයද මදුරුවන් පලවා හරිනු ලබන ශාකයකි. අධ්‍යයනවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා කෘත්‍රිම මදුරු විකර්ශකයක්‌ ලෙස හඳුන්වා දී ඇති "ඩීට්‌" ආලේප කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා දස ගුණයකින් අධික ප්‍රතිඵලයක්‌ මෙම ශාකය හරහා මදුරු මර්දනයේදී ලැබෙන බව අනාවරණය වී තිබේ. කුප්පමේනියා ශාකයෙහි අඩංගු "නෙපෙටැලක්‌ටොන්" නමැති ස්‌වාභාවික රසායනිකය. කෘමින්ද මර්දනය කිරීමට සමත් බව අනාවරණය වී තිබේ. කුප්පමේනියා ශාකයෙහි පත්‍රිකා තලා මදුරු දෂ්ඨනය වැළැක්‌වීම සඳහා සමෙහි ආලේප කිරීමට බටහිර වැසියන් හුරු වී සිටිති.

    11. ලැවැන්ඩර් - සුවඳැති සුවඳ විළවුන් වර්ග නිපදවීම සඳහා යොදාගන්නා ලැවැන්ඩර් ශාකයද මදුරුවන් පලවාහැරීමට සමත් බව හෙළි වී තිබේ. මෙම පැල පෝච්චිවලද වගා කළ හැකි අතර, මදුරුවන් පිවිසෙන දොරවල් හා ජනෙල් ආසන්නයේ මෙම පැළ තැබිය හැකිය. මෙම පැලයෙහි පත්‍රිකා සමෙහි ඇතිල්ලීමෙන් එහි අන්තර්ගත තෙල් මුදාහැරීම සිදුවේ. මදුරු නාශක ස්‌ප්‍රේ වර්ගයකටද ලැවැන්ඩර් සුවඳ යොදාගෙන ඇති අතර, ඇතැම් ලැවැන්ඩර් සුවÄති එයාර් ෙµ්‍රaෂ්නර් භාවිතයද මදුරුවන්ට විෂ බව හෙළි වී තිsබේ.

    12. පෙනිරෝයල් පැල - මෙම පැල ගෙවත්තෙහි වගා කිරීමෙන් නිවසට මදුරුවන් ඇතුළු වීම වළක්‌වා ගත හැකිය. මෙම පැල මල් බඳුනක බහා කාමරය තුළ වුව තැබිය හැකිය. එම පැලවල සුවඳ හේතුවෙන් මදුරුවන් මියයන බව තහවුරු වී ඇත. මෙයද මින්ට්‌ පවුලට අයත් ශාකයකි.

    13. වැනිලා - වියළි වැනිලා ශාකයේ පත්‍රිකා දොරකඩ එල්ලා තැබීමෙන් මදුරුවන් හා මැස්‌සන් පලවාහරින බව සඳහන්ය.

    14. කරාබුනැටි හා දෙහි - කරාබු නැටි, දෙහි බැයක්‌ මත අතුරා තැබීමද මදුරුවන් පලවා හැරීමට හේතු වන බව අනාවරණය වී තිබේ.

    15. හෝස්‌මින්ට්‌ (ලෙමන් බාම්) - පැඟිරි පැලයකින් හමන සුවඳ හා සමාන සුවඳකින් යුත් මෙම ශාකයද ස්‌වාභාවික මදුරුවන් පලවාහරින ශාකයකි.

    (divaina)

     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    මදුරුවන් මෙම පැල වර්ග
    හරහා පලවා හැරිය හැකිය



    5. බැසිල් - මෙම ශාකයද මදුරුවන් පලවාහැරිය හැකි බව තහවුරු වූ ශාකයකි. මෙහි පත්‍රිකා තැලීමකින් තොරව ශාකයෙන් හමන සුවඳ හේතුවෙන් මදුරුවන් මර්දනය වේ. "බැසිල්" පත්‍රිකා බටහිර රටවල ආහාර රසගැන්වීම සඳහාද යොදා ගැනේ. මෙය ආයුර්වේදයේද භාවිත කරන ඔසු පැළෑටියකි.



    photo nathda me gahe?
    kohenda ganna thiyenne?