පරීක්ෂනය - මදුරුවාට මෙම ශබ්දයෙන් වෙන බලපෑම පරික්ෂා කිරීම.
අවශ්‍ය ද්‍රව්‍ය - විනිවිද පේන පියන වැසිය හැකි භාජනයක්, මදුරුවෙක්, මෙහි ඇති සවුන් ක්ලිප් එක හෝ මදුරුවන් එලවන උපකරණයක්
පරීක්ෂනය - මදුරුවාට හානියක් නොවන සේ ඌ අල්ලා විනිවිද පේනෙන භාජනය තුලට දමාගන්න. ඉන්පසු අදාල උපකරණය හෝ සවුන්ඩ් ක්ලිප් එක වාදනය කිරීමට සලස්වන්න. මදුරුවා එයට ප්‍රතිචාර දක්වන අන්දම නිරීක්ෂනය කිරීම.
නිරීක්ෂන -භාජනය තුල දැමූ මදුරුවා ටිකක් කූල් ඩවුන් වෙනකන් ඉදල සවුන්ඩ් එක ප්ලේ කරල බැලුව. ඌ දගලන්ට ගත්ත. ආය සද්දෙ වහල ඌ කූල් ඩවුන් වෙනකන් ඉදල ආයෙත් සද්දෙ දැම්ම. ආයෙත් ඌ දගලන්න ගත්ත.
නිගමනය - මේ සද්දය නිසා මදුරුවාට යම් කිසි බලපෑමක් ඇති බව නිගමනය කල හැක. විවිධ වර්ගයේ මදුරුවන් සදහා මෙය කර බැලීමෙන් ප්‍රතිපලය වඩා නිවරදි වනු ඇත.
සැලකිය යුතුයි - සෑම ස්පීකරයකටම අල්ට්රා සවුන්ට නිකුත් කිරීමට හැකියාවක් නොමැති බැවින් පරික්ෂනය අසාර්තක විය හැක. ඒ සදහා වඩාත් සුදුසු ටිවිටර් වර්ගයේ ස්පීකර් ඇති ශබ්ධ පද්දතියක් භාවිතා කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිපල ලැබෙන ඇත.