
පියවර 1► 1.5L ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.
පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න.
පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්‍රාවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්සයිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ)
පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න.
පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න.
පියවර 6►ඔබට අවශ්‍යය ස්ථානයක ස්ථානගත කරන්න.
(සති දෙකකට වතාවක් ද්‍රාවණය මාරු කරන්න)
වැඩේ සාර්ථකද කියල කරලම බලන්න
උපුටා ගැනීම බුකියෙනි